Wednesday, November 24, 2010

මට හිතෙන්නෙත්, මම හිතන්නෙත්.....!!

 නවත්තන්න ඕනි...මේ හිතන එක
ඇත්තටම හොයාගන්න බැරි
හිතනවද....? හිතෙනවද...? කියන එකයි...
මේ දෙකේ වෙනසක් තියෙන බව නම්
මට හිතා ගන්න අමාරු නෑ
මේ දෙක මොකක් උනත්
නවත්තන්න අමාරුයි වගේ
කවුරුද මන්ද කියනවා මතකයි
මිනිස්සු එකිනෙකාට වෙනස් වෙන්නේ
හිතන විදිහෙන් කියලා
එත් මට නම් හිතෙන්නෙ
අමාරුවෙන් හිතල හිතල
මිනිස්සු ලෝකය වෙනස් කරන්න හැදුවට
මට නම් මේ හිතන එක
හිතාගන්න බැරි ප්‍රශ්නයක් වෙලා
කියවන අයට හිතෙයි, නැත්තම් හිතයි
මුට නම් පිස්සු කියලා
මං දන්නේ නෑ
මම හිතන විදිහෙයි, මට හිතෙන විදිහයි
වැරදිද කියලා....
මං මොනවා කරන්නද?
මං දන්නා එකම දේ
මට හිතෙන්නෙත්,මම හිතන්නෙත්
එකම දෙයක් විතරයි....
 දෙයියනේ...ඒ ඔයා ගැන....!!

~ Mahesh4ever ~

12 comments:

  1. මේ...මේ...ඔයා දන්නවද ඕකට කියන නම?...ඕක සුන්දර ලෙඩක් කොල්ලෝ.ඕකට බේත් තියෙන්නෙත් එක්කෙනෙක් ළඟ විතරයි.ඒකෙ නම තමයි....ආදරය....

    ReplyDelete
  2. @ තරු අහස :
    හරියට හරි යාලුවේ...
    මෙ ලෙඩේ හොද කරන්න පුලුවන් උනත් හොද කර ගන්න මට උවමනවක් නම් කොහෙත්ම නෑ....එ තරම් එ ලෙඩේ සුන්දරයි නේ

    ReplyDelete
  3. උඹ ගැන මට සතුටුයි යාළුවා.ඒක නෙමෙයි.ඔයාගෙ අදහස් නම් මාරයි.මේ අඩවිය තව ලස්සන කරන්න.ඔයා මූණුපොතේ ඉන්නවද?

    ReplyDelete
  4. @ තරු අහස :
    බොහොම ස්තුතියි යාලුවේ......මාත් උත්සහ කරනවා මගේ බ්ලොග් එක තව ලස්සන කරන්න....
    එත් මෙච්චර කල් දන්නා විදිහට උපරිම දේවල් කලා...මං ඉතින් පරිගණක වැඩකරුවෙක් නෙමෙයිනේ...
    ඒ වගේම මේ බ්ලොග් එක හැදුවෙත් මං තනියෙම ඉගෙනගෙන.....බලමුකෝ ඉස්සරහට...

    ReplyDelete
  5. ම්..... එහෙම හිතන්න ඔයාට හිතෙන එකයි ඔයා හිතන එකයි දෙකක් නෙවෙයි එකක් වෙන් ඔනි කියලයි මම හිතන්නේ... මට හිතෙන්නේ.............

    ReplyDelete
  6. @ සිදංගනා (සුරංගනාවි):
    දෙවියනේ....ඔය හරියට හරි සහෝදරි......මට එක මෙච්චර වෙලා කල්පනා උනේ නෑ නොවැ....
    ගොඩක් ස්තුතියි ඔයාට මේ පැත්තේ ඇවිත් ගියාට.....

    ReplyDelete
  7. 4get all those memories my brother.. It's better to let her go. :(

    ReplyDelete
  8. හිතනවා...
    හිතෙනවා...
    ඒත් ඔයා ගැන...
    අහිමි උන ඔයා ගැන...
    හැමදාටම ආදරය කරන ඔයා ගැන...

    අදහස් ලස්සනයි යාලූ...

    ReplyDelete
  9. @ Udaya Kushan :
    කොහොමද කහද මල්ලියේ එහෙම කරන්නේ.....අමතක කරන්න අමාරුයි ඒ මතකය....
    මන් නම් හිතාගෙන ඉන්නේ I never let u go කියලයි...බලමුකෝ

    ReplyDelete
  10. @ ..::| පොජ්ජේ |::.. :
    බොහොම ස්තුතියි ඔයාටත් යාලුවේ....!!
    "කොහොමද නොහිතා ඉන්නේ...
    හැමදාටම ආදරේ කරන ඔයා ගැන..."

    ReplyDelete
  11. හිතුවත්, හිතුනත්
    පැතුමන් බිඳුනත්
    සිතුමක් ඇහැරුනත්
    හිතීම නවත්වන්න බැහැ සහෝදරයා...

    ඒකට හේතුව තමා
    "මතකය"

    ReplyDelete
  12. @ තනුර
    බොහොම ස්තුතියි යාලුවේ.....
    ඔයා හරි...." මතකයන් අමතක කෙරුවත්,අමතක වෙන්නේ නෑ " කියනවනේ...

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...