Monday, October 17, 2011

ඔබ වෙනුවෙන්........

මේ බ්ලොග් අඩවියට නිතර ආ ගිය ඔබ සැම වෙනුවෙන් ලියවෙන මේ සටහන අද ලියවෙන්නේ මහේෂ්ගේ අතින් නෙමේ.මේ කාලය පුරාවට තම සිතුවිලි ඔබත් එක්ක බෙදා හදාගත් ඔහු නොසිතපු විදිහට අපි අතරින් වෙන්වෙලා ගිහින් දැන් මාසයකටත් ලඟයි.ආයෙත් මේ බ්ලොග් අඩවිය රසවත් කරන්නත්, ඔහුගේ සිතුවිලි අතර සැරිසරන්නත් අද ඔහුටත් අපටත් වාසනාවක් නෑ....ඉතිරි වෙලා ඇත්තේ ඔහුත් සමග බැඳුන මතකයන් විතරයි.ඒත් මහේෂ් අද අපිත් සමග නැතත් ඔහු පිලිබඳ මතකයන් අපත් සමග හැමදාම ජීවත් වෙනවා...මහේෂ් අමරණීයයි....

මේ බ්ලොගයේ ඔහු අවසන් වරට තැබුවේත් බොහොම සංවේදී සටහනක්.අවුරුදු 9 කට කලින් ඇරඹුන තම ආදරය වෙනුවෙන් රුධිර පරිත්‍යාගයක් සිදුකරන්න තරම් ඔහු උතුම් හදවතක් තිබුන කෙනෙක්.ඔහුගේ ඔහුගේම වචන වලින් කියනවා නම් ""මම කරපු අවංක ආදරෙට,දැන් අවුරැදු 9ක් ගත වෙලා.. අවංක ආදරය අදුනන හැමොටම මගෙ හිතෙ ඉඩක් වෙන් කරන්න තමයි මෙ සුදානම..... මගෙ ආදරේ සදාකාලික කරන්න,මගේ හිතට මෙ අදහස් දිරියක් වෙවි.."" ඉතින් අද පටන්, ඔහුගේ ආදරය පමණක් නොව, මහේෂ්ගේ සිතුවිලි සදාකාලික කරන්න ඔබේ අදහස් දිරියක් වේවි.මේ බ්ලොග් අඩවියේ ඔහු අන්තිමට තබපු සටහනේ ඉඳන් ඉතිරිය ඔහුගේ යහළුවන් විසින්, පවුලේ උදවිය විසින් මහේෂ් වෙනුවෙන් සිදුකරන්නා වූ සියලුම පුණ්‍ය කටයුතු, ඔහු පිලිබඳ මතකයන් පිළිබඳව ලියවෙන සමරු සටහන් විදිහට අලුත් බ්ලොග් අඩවියක සටහන් වෙනවා.

මහේෂ්ගේ අවසන් කටයුතු සඳහා ඔහුගේ පවුලේ උදවියට උදව් දුන් අය බොහොමයි. මහේෂ්ගේ සමීපම මිතුරන් විශාල ප්‍රමාණයක් මේ ආරංචිය ආව වෙලේ පටන් නොයෙක් අයුරින් තමන්ගේ සහයෝගය දුන්නා. මේ මිතුරු කැල ඩී.එස්.සේනානායක විදුහලේ 2007 මිතුරන්, OB association, ශිෂ්‍ය නායක මඩුල්ල ,  , කුඩා කල පටන් ගමේ එකට හැදුනු යහළු යෙහෙලියන්, උසස් අධ්‍යාපන කටයුතු වලදී මිතුරුකමින් බැඳුනු උදවිය අවසානය තෙක් දිවා රෑ නොබලා මහන්සි උනා. එපමණක් නොවේ, ඩී.එස්.සේනානායක විදුහලේ විදුහල්පතිතුමන්, ගුරුවරුන්, ගමේ සියලුම දෙනා, සහ මහේෂ්ගේ අවසන් කටයුත්ත සඳහා පැමිණි සියලු දෙනාගේ දායකත්වය නොඅඩුව ලැබුණා... ඉතාම සංවේදී අවස්ථාවක් උන අවසන් මොහොතේ, මහේෂ්ගේ සිරුර රැගෙන ගිය පෙරහරේ ගිය සෙනග තරම් පිරිසක් එතුවක් මෙම ප්‍රදේශයේ කිසිම දාක අපි දැකල තිබුනේ නැහැ. එයින්ම මහේෂ් කොතරම් හොඳ මිතුරෙක්, පුතෙක් උනාද කියන එක පෙනුනා.

මේ තියෙන්නේ මහේෂ් තමාම අවසන් වරට තැබූ සටහනේ ඔබ නොදැකපු කෝණයක්. මෙහි තිබෙන්නේ මහේෂ් සැප්තැම්බර් 17 වෙනිදා කල ඒ ලේ දන්දීමේ ඔහුත් , ඔහු සමග ගිය අනික් මිතුරනුත් ගත් ඡායාරූප එකතුවක්.මහේෂ් වෙනුවෙන් ඇරඹෙන අලුත් බ්ලොග් අඩවිය ඉදිරියට ගෙනයාම ඔහුගේ මිතුරු පිරිස විසින් සිදුකෙරෙනවා ඇති.

මහේෂ් අපෙන් සමුගෙන මාසයක් සපිරෙන දිනයේ ඔහුට පින් පිණිස ඔහුගේ මිතුරු කැල විසින් ඩී.එස්.සේනානායක විදුහලේ ධර්ම දේශනාවක් සහ , ළමා නිවාසයකට දානයක් සංවිධානය කරනු ලබනවා.මේ හැරුනුකොට ඔහු අප අතරින් නික්ම ගොස් මාස 3 ක් ගතවීමට පෙර ඔහු අධ්‍යාපනය ලැබූ මීගහවත්ත ශ්‍රී ධර්මරාජ දහම් පාසලේ කාර්යාලීය ගොඩනැගිල්ලේ උඩු මහල තනා නිම කර එය ඔහුගේ නමින්- අනුස්මරණ ශාලාවක් බවට පත් කිරීමත් මේ මිතුරු සංසදයේ අදහසක්. මේ සියලු පුණ්‍ය කටයුතු සඳහා ඔබට ඔබේ දායකත්වය සැපයිය හැකියි, නැත්නම් ඔබටත් එයට සහභාගී විය හැකියි. මේ පිලිබඳ සියලු විස්තර , මහේෂ් වෙනුවෙන් ඇරඹෙන ඒ සමරු අඩවියෙන් අපි ඔබ වෙත ගෙන එන්නම්... අපිත් සමග ඔහු වෙනුවෙන් රැඳෙන්න...අපිට ශක්තියක් වෙන්න...

මේ සටහන තබන්න මුල් උනේ මහේෂ්ගේ සමීපතම මිතුරෙක් වුන ධනුෂ සහන්.මෙම සටහන තබන්න අපිට හැකි උනේ මහේෂ් ඔහුත් සමග තම ජීවිතයේ හැම දෙයක්ම වගේම මේ බ්ලොග් අඩවියත් බෙදාහදාගත් නිසා.නමුත් මේ සටහන මෙතනින් නිම වෙනවා, ආයෙත් අපි මහේෂ් වෙනුවෙන් ඇරඹෙන අලුත් බ්ලොගය පිලිබඳ විස්තර ඔබ වෙත ගෙන එන්නම්...මහේෂ්ගේ සටහන් මෙහි සැමදා පවතීවි..... ඔහුට නිවන් සැප ලැබේවා....

මේ පිලිබඳ විස්තර අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ධනුෂ සමග කතා බහ කරන්න.
ෆේස්බුක් මගින් - Dhanusha Sahan
මේ සටහන තබන මම - .පොපී




Saturday, September 17, 2011

ඇසි පියක මහිම... Blood Donation

Blood Donation in memory of My Love on our 9th anniversary for the second consecutive year.. will be held on 17th September 2011 at National Blood Bank, Narahenpita... 
I would like to invite you all who are with my blog "ඇසි පියක මහිම" for the past 1 year...!!
Budusaranai
~ Mahesh4ever ~

Saturday, September 3, 2011

කාමර ඇත !!


නිතරම එක එක අය ආ ගිය,
මහද නම් අම්බලමේ පාලු බිද,
මහා මන්දිරයක් තැනු ඇය...
දමා ගොස් මාසයකි,
කර එය, තානායමක්......!!

   ඇසි පියක දැවටුවෙ....:   සහන් මල්දෙනිය සොයුරා

Sunday, August 21, 2011

මගේ වෙන්නෙම නැත්තම්.....


මට මේ ටික දවස...
ඔයා ලගින්ම ඉන්න දෙන්න
ඔයාගෙන් ඈත් වෙලා
ඈතටම යන එක
මොන තරම් වේදනාවක්ද කියල
දන්නේ මං විතරමයි
ඒ මම ගොඩාක් ආදරේ නිසයි...

රිදෙන මේ හිත එක්ක

මේ පුංචි කාලය වත්
ඔයාගේ මතකයන්.....
මගේ මේ ඇස් පුරා
තරුලු කර ගන්න කල් වත්
ජීවත් වෙන්න නිදහසේ....
අනේ මට ඉඩ දෙන්න

මට තරම් මේ කිසි දෙයක්

ඔයාට දැනෙන්නේ නැතිව ඇති
මගේ හිතේ ඔයා ඉන්න තරම්
ඔයාගේ හිතේ මං නැති නිසා...
මං මේ හැම දෙයක්ම ඉල්ලන්නේ
ඇත්තටම ඔයා මගේ වෙන්නෙම
නැත්තම් විතරමයි...!!


~ Mahesh4ever ~

Saturday, August 20, 2011

ඔබ වැනි මලක්...



මෙතරම් සුවද දුන්, ඔබ වැනි මලක්...
මගේ හද උයනේ පිපුනාදෝ මට සැකයි

ඔබ තරම් සුවද දෙන, ආදරණීය වූ මලක්....
නැවත මා හදෙහි පිපෙදෝ සිත කියයි

ඔබ පිපි සුවද හැමූ, ඒ අහිමි නිමේෂය
සදාකල් හදවතේ රැදී රැදී හිත දවයි...

නොමැති දා මා උයනේ, ඔබේ ඔය මල් සුවද
පිපෙන මල් ඒ සුවද දෙන්නේ නෑ සත්තමයි....!!

~ Mahesh4ever ~

Sunday, July 31, 2011

ඔබ යන්නම යනවානම්...!!


සිත කොතරම් ඉකි ගැසුවත්
ඔබ යන්නම යනවානම්..,
යන බව නිති කියන්නෙපා...
ලග රැදෙනා මිනිත්තුවෙත්

ඔය ඇස්
පොඩි තෙත් වුවත්,
මදෙස බලන හැම මොහොතෙම
සිනහ නොවී බලන්නෙපා...
මගේ ඇස් රතු කරන්නෙපා...

ඇත්තට ලග නොමැති උනත්
,
සිහිනෙන් ඔබ පෙනෙනා විට
ආපසු හැරී බලන්නෙපා...
මගේ හිත තනි කරන්නෙපා...

~ Mahesh4ever ~

Monday, July 11, 2011

ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 3


ඉතින් යාලුවනේ මේක මේ කතාවේ තුන්වෙනි කොටස....කලින් කොටස් කියෙවුවෙ නැත්තම් මේකෙන් බලන්නකෝ.....

 ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 1
 ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 2

ඔන්න ඉතින් මං පොරොන්දු උනා වගේ මගේ කතාවේ අවසාන කොටස තමයි මේක... කලින් කොටස් කියවපු අය කතා කරලා  3න් වෙනි කොටස ගැන ඇහුවා.... ඔන්න ඉතින් මේ ටික කියවලම ඔයාල තිරණය කරන්නකෝ ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද කියල....


                මුලින්ම කියන්නම් ටජ් මහල් ආදරයත් එක්ක මෙච්චරම බැදිලා තියෙන්නේ ඇයි කියලා..... මුම්ටාස් දේවිය මිය යන මොහොතේ කරපු ඉල්ලීමක් ඉටු කරන්න ශාජෙහාන් අධිරාජයා කල මේ නිර්මාණය අවංක ආදරයේදී අපි උන පොරොන්දුවක් අනිවාර්යෙන්ම ඉටු කිරීමට ලෝකයේ තියන විශිෂ්ටම භොතික නිමවුමයි... මේ කතාව පදනම්ව 1963 වර්ෂයේදී ලෝක ප්‍රසිද්ධ " ටජ් මහල් " චිත්‍රපටය නිර්මාණය කරනවා... මගේ ටජ් මහල් ගැන ඇති ආශාවත් වැඩි වෙන්නේ මේ සිනමා කෘතිය දැක්කමයි... ඉන්දියානු ශ්‍රේෂ්ට සංගීතඥ මොහොමඩ් රාෆිගේ කටහඩින් හැඩවුණු මේ ගීත වලින් ඔබට ඔවුන්ගේ ආදරය මොනතරම් සුන්දරද කියලා දැනේවි...

Jo Wada Kiya Wo , Jo Baat Tujh Mein Hai , Paon Choo Lene Do 

                දැන් තමයි හැම දේකම අපුරු සිදුවීම මං කියන්න යන්නේ... ඔයාලත් කුතුහලයෙන් ඉන්න ඇතිනේ.... හැබැයි මං දැන් මේ කියන කතාව අහල අවංකව ආදරය කරන අපේ යාලුවෝ හිත නරක කර ගන්නවා එහෙම නෙමෙයි...මේක මාත් සැහෙන්න පුදුමයට පත් උන කතාවක්....මගේ වචන වලින් කියනවා නම් මට මේක අහල සිහි නැති උනා....ඔයාලටත් අනිවාර්යෙන්ම එහෙම වේවි.... කරුණු විදිහට කියන්නම්...ඒ තමයි....


  


















1. මුම්ටාස් මහල් නැතහොත් අර්ජුමන්ඩ් බානු බෙගම් කුමරිය ශාජෙහාන් නැතහොත් මුහම්මද් ක්හුර්රම් කුමරුව විවාහ කර ගැනීමට පෙර කලින් විවාහ වී සිටි තැනැත්තියක්...

2. ශාජෙහාන්, මුම්ටාස් කුමරිය ලබා ගැනීම සදහා ඇගේ විවාහක සැමියා මරා දමනවා....

3. මුම්ටාස් මහල් දේවිය විවාහ කර ගැනීමට පෙර ශාජෙහාන් රජු දෙවරක් විවාහ වී සිටි අතර මුම්ටාස් මහල් ඔහුගේ තෙවන බිරිදයි.... [ ඔවුන් විවාහ වන විට කලින් අග මෙහෙසියන්ද ජීවත්ව සිට තිබුන බවද මේ අතර සදහන් වේ... ]

4. වසර 19 ක් වූ මේ දෙදෙනාගේ විවාහක කාලය තුල මුම්ටාස් මහල් දේවිය දරුවන් 13 දෙනෙකු ප්‍රශුත කර ඇති අතර අය මිය යන්නේ 14 වෙනියාට උපත ලබා දෙන විටදීය...

5. සාමාන්‍යයෙන් දරුවෙකු ලැබීමේ කාලය මාස 9 ක් ලෙස සැලකුවහොත් මුම්ටාස් මහල් දේවිය වසර 19 යක විවාහක කාලයෙන් වසර 10.5 ක් ගැබ් ගෙන කාලය ගත කර තිබෙනවා...

6. මුම්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසුව ශාජෙහාන් අධිරාජ්‍යයා ඇගේ නැගණියද  විවාහ කර ගනු ලබනවා...

7. මිය යන විට ශාජෙහාන් අධිරාජ්‍යයා අග මෙහෙසියන් 7 දෙනෙක් සමග විවාහ වූ  අයෙක් බව සදහන්...

                                    තවද මීට අමතරව ශාජෙහාන් අධිරාජ්‍යයාගේ අන්තප්පුරයේ කාන්තාවන් 5000 ක් සිටි බව ඉතිහාස ලියවිලි වල සදහන්.... ඉතින් මේ සියලුම කරුණු සලකල බලල මේ දෙන්නගෙම අමරණීය ආදරේ ගැන සහ ලෝකයේ අමරණීය ආදර සිහිවටනය ටජ් මහල්ද කියලා ඔයාලගේ අදහසත් පහලින් ලියල යන්න.... 

                මොනවා උනත් මගේ අදහසේ හැටියට ශාජෙහාන් කියන්නේ මාර රොමෑන්ටික් රජ කෙනෙක් තමයි... මං මේ දේවල් ලිවුවේ ටජ් මහල් වලට නිගරු කරන්න නම් නෙමෙයි.... මං තාමත් ටජ් මහල් වලට ආසයි..අයෙත් බලන්න යන්නත් හීන මවනවා... එත් හිතන්න අපි මතුපිටින් බලන... බලල හිතන දේවල් වලට වඩා වෙනස් කතාවක් එවහේ අභ්‍යන්තරයේ තියෙන්නේ පුළුවන් නේද...?

 
ඒ වගේම ටජ් මහල් නිහඩවම අපිට හොද ආදර්ශයකුත් දෙනවා... 
" පොරොන්දුවක් වුවා නම්...එය කෙසේ හෝ ඉටු කල යුතුයි... "


~ Mahesh4ever ~

Tuesday, July 5, 2011

ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 2

ඉතින් යාලුවනේ මේක මේ කතාවේ දෙවෙනි කොටස....කලින් කොටස කියෙවුවෙ නැත්තම් මේකෙන් බලන්නකෝ.....

 ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 1

                                  අද මම ඔයාලට කියන්න යන්නේ මේ අමරණීය ආදර සිහිවටනය ඇයි මේ තරම් අති විශිෂ්ට නිර්මාණයක් ලෙස මුළු ලෝකෙම සලකන්නේ කියලයි.... ඉස්ලාමිය සම්භවයක් ඇති මෝගල් හා පර්ෂියානු ගෘහ නිර්මාණ කලාවේ ශ්‍රේෂ්ටත්වය කියා පාන මේ නිමැවුම පුරාම අරාබි බසින් ලියුන " අල් කුරානයේ " සදහන් පාඨ දකින්නට පුළුවන්... ඉතාම සියුම් ලෙස තනිකරම කිරි ගරුඩ යොදාගෙන අවසන් කර ඇති මේ සදහා අප ලංකාවෙන්ද කිරි ගරුඩ ආනයනය කල බවක් ඉතිහාසයේ සදහන් වෙනවා... 


                      
තවද මෙය සම්පුර්ණයෙන්ම සාදා නිම කරන්න වසර 22 ක් ගතවී තිබෙනවා... ඒ වගේම 20,000 අධික මිනිසුන් පිරිසක් මේ නිර්මාණයට දායක වෙලා තියනවා... මෙහි කිරි ගරුඩ, සියුම් ලෙස මට සිලිටු කරමින් නිමකර ඇති බිත්ති සැරසිලි ස්පර්ශ කරන අයෙක්ට එය වෙල්වට් ඇතිරිල්ලක් මෙන් දැනෙන තරම්ම එය විශිෂ්ට ලෙස සාදා ඇති බව මොනවට පසක් වෙනු ඇත...

                       ඒ වගේම අලංකාර උද්‍යානයකින් වටවුණු මේ ටජ් මහල් කරා ඇතුළු වන දෙරටුවත් ඉතාම ලස්සන බව නොකියාම බෑ.... ඒ වගේම ලෝක පුදුම 7 න එකක් බවට පත් උණු ටජ් මහල් ඇස් දෙකෙන් දකින තුරු එහි සුන්දරත්වය දකින්න ඕනි නම් මේ පැත්තට ගිහින් බලන්න.... :
   


                         ඉහල ඡයාරුපයේ ඔබට දකින්න ලැබෙන මේ ලෝක ප්‍රසිද්ධ නිර්මාණය තවත් අලංකාර කරමින් ඒ අසලින් ගලා යන යමුනා නදිය හා සම්බන්ද ඉතිහාසයකුත් මේ ටජ් මහල් වටා ඇති බව කිව යුතුයි...

        



               මේ සිහිවටනය ගොඩ නගපු ඒ කලාකරුවා එහෙමත් නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියාගේ ඇස් අන්ධ කරලා ශාජෙහාන් අධිරාජයාගේ නියමයෙන් යමුනා නදියේ ගිල්වල මරා දැම්ම කියල ඉතිහාසයේ ලියවිලා තියනවා...



                       එකට හේතු විදිහට දක්වල තියෙන්නේ මෙවන් නිර්මාණයක් නැවත බිහි වීම වැලක්වීමට බවයි... ඒ හේතුව මොනතරම් සාධාරණද කියන එක ගැටළුවක් උනත් අධිරාජ්යෙකුගේ තීරණයක් නිසා ඔහුට එයට අවනත වෙන්න උන බව අමුතුවෙන් කියන්න ඕනි නැනේ....





     
                          
                           දැන් ඔයාලට කතුහලයක් ඇති ඇත්තටම මේ සිහිවටනය ඇතුලේ තියෙන්නේ මොනවද කියල බලන්න... මෙහි ඇතුලත ඡයාරුප ගත කිරීම තහනම් උනත් මගේ හිතේ තිබුන ආසාව නිසාම මේ විදිහේ ඡයාරුපයක් මං මගේ කැමරා කාචයට අසු කර ගත්තා... 

                                මැදින් පෙනෙන්න තියෙන්නේ මුම්ටාස් දේවියගේ සිරුර තැම්පත් කල කිරි ගරුඩෙන් නිම කල සොහොන... වම පසින් තරමක් විශාලව දකින්න පුළුවන් පසු කලක ඒ අසලින් තැම්පත් කල ශාජෙහාන් අධිරාජයාගේ සොහොන.... කිරි ගරුඩ වගේම මැණික් ඔබ්බවල හදල තිබ්බ මේ සොහොන් කොත් වල මැණික් තිබ්බ තැන වල දැන් නම් දකින්න තියෙන්නේ සිදුරු විතරයි.... ඒ වගේම වටෙන් ඇති ලියවැල් සහිත වැටත් කිරි ගරුඩ ගල් පොත්තක කල නිමවුමක් කියල දැන ගත්තම ඔයාලට මට වගේම පුදුම හිතේවි.... එක පලුද්දක් වත් නැතිව ගලකින් ඒ තරම් ලොකු ලියවැල් නිර්මාණය කල කෙනා හැබෑම දක්ෂයෙක් වෙන්න ඕනි.... 

මං දන්නවා දැන් මේ ලිපි 2 ක කියවපු හැමෝටම ප්‍රශ්නයක් තියනවා....
ඒ මගේ මාතෘකාව ගැන... " ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? "


මේ ප්‍රශ්නයට උත්තර දැන ගන්න ඔයාලට මේ ලිපියේ 3 වන කොටස බලන්න වෙනවා.....

ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 3 

~ Mahesh4ever ~

Friday, July 1, 2011

ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 1

කාලෙකින් ඔයාලට කතාවක් කියන්න ඕනි කියල හිතුවා...

                             මගේ බ්ලොග් එක දකින හැම මොහොතකම පුංචි සතුටක් හිතට දැනෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි...අද වෙනකොට හිට්ස් 5000 කට වැඩි ප්‍රමාණයක් මේ ආදරණීය අරමුණට එකතු වෙලා...ඉතින් දැන් ඒවා ඇති...අපි කතාවට යමුකෝ.....හැබැයි කතාව කොටස් කීපයකින් තමයි කියවන්න වෙන්නනේ...

ලෝකේ ඉන්න ඕනිම කෙනෙක්ගෙන් ඇහුවොත් අවංක ආදරේ වෙනුවෙන් මේ ලෝකේ නිර්මාණය වෙලා තියන අමරණීයම සිහිවටනය මොකක්ද කියල...හැමෝම දෙන පොදු උත්තරයක් තියනවා...

ඒ තමයි  " ටජ් මහල් " කියන සොහොන.... 

Taj Mahal captured by me
                               මමත් මගේ ජීවිතේ තිබ්බ ලොකු ආශාවක් උන මේ ආදරේ සිහිවටනය බලන්න යන්න තරම් වාසනාවන්ත උනා... ඇත්තටම මේ නිර්මාණය පුදුම ලස්සනයි..ජීවිතේ කවද හරි ගිහින් බලන්න...ඉන්දියාවේ අග නගරය වන නව දිල්ලියේ ඉදන් 200 Km දුරින් තියන අග්‍රා කියන සුන්දර නගරයක තමයි ටජ් මහල් පිහිටලා තියෙන්නේ... අග්‍රා වලට ඇවිත් ටජ් මහල් දක්වා යන අතුරු පාරේ ඔයාලට ඔටුවෙකුගේ පිටේ යන්නත් පුළුවන්.... මෙන්න මේ වගේ...



                                                  ඉර බැහැගෙන යනකල් මේ ලෝක පුදුමයක් උන නිර්මාණයක් ලග ඉදගෙන ඒ අසලින් ගලාගෙන බහින යමුනා නදිය ලගට වෙලා ඉන්න තරම මං වාසනාවන්ත උනා... එක මගේ ජීවිතේ සොදුරුතම අත්දැකීමක්... ටජ් මහල් ගැන විස්තර කියන්න මං උත්සහ කරන්නේ නෑ..එක දැන ගන්න ඕනි අයට මේ ලින්ක් එකට ගිහින් බලන්න පුළුවන්...   :  Taj Mahal...

              කතාවේ හැටියට...ශාජෙහාන් කියන මෝගල් අධිරාජ්‍යයා මේ නිර්මාණය කලේ එයා ගොඩාක් ආදරේ කරපු මුම්ටාස් කියන සුරූපී බිසවගේ මරණයෙන් ශෝකයට පත් වෙලා.... ඒ දෙන්න ගොඩාක් ආදරෙන් ඉදල තියනවා... මුම්ටාස් දේවිය මිය ගිහිල්ල තියෙන්නේ දරුවෙක් ලැබෙන්න යන වෙලාවේ... ඒ වෙලාවේ ශාජෙහාන් අධිරාජ්‍යයා ඉදල තියෙන්නේ යුද පෙරමුණක... ඔහු දේවිය මියගිය ශෝකයෙන් ඇවිත් තමන්ගේ සිරියහන් ගැබට වෙලා සතියක් දෙරවල් වහගෙන, නොකා නොබී ඉදල තියනවා...ආදරේ ශෝකයෙන් නොකා නොබී ඉන්න එක ගොඩාක් අය කරන දෙයක් බව ඔයාලා දන්නවා ඇතිනේ...

                  එත් සතියක් ඉන්න තරම් මේ ශාජෙහාන් අධිරාජ්‍යයා සැහෙන කායික මෙන්ම මානසික ශක්තියකුත් තිබ්බ කෙනෙක් වෙන්න ඕනි...එත් මං අහල තියන විදිහට සතියකට පස්සේ එලියට ආපු ශාජෙහාන් අධිරාජයා කාටවත් අදුර ගන්න බැරි තරමට වෙනස් වෙලා.. තරුණ පෙනුමට හිටපු ඔහු මහල්ලෙක් වගේ තමයි එලියට ඇවිත් තියෙන්නේ... ඒ හැම දෙකින්ම තේරෙනවා ඔහු ඇත්තටම තමන්ගේ බිසවගේ මරණයෙන් ශෝකයට පත් වෙලා කියලා........


      කතාවේ ඉතිරිය 2 වෙනි කොටසින්....

      ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 2 
      ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 3

~ Mahesh4ever ~

Sunday, June 26, 2011

නොඑන බව දැනෙන මුත්....!!


සිහිනෙනුත් දුටු ඔබව,
ඇත්තටම දුර බව
නොදැන නොව ලං උනේ...
සෙනෙහසම කවි කලේ...

නොඑන බව දැනෙන මුත්

ඇසින් දුක ගලන තුරු
යන්න යන ඔය හිතට
ආදරෙයි සදා මම....

එනමුදු මා සොදුරිය,
අපි ගැන වූ මතකය
නොවැදගත් ලෙස දැනුනද
හිතේ කොනක ඇති
පුංචිම පුංචි ඉඩක වත්
තබාගෙන රැගෙන යන්න
බිදුවක් හෝ ඔබට
පිහිටක් වේවි නොදැනීම....


 ~ Mahesh4ever ~

Saturday, June 18, 2011

My Love is special for you...!!


I may be a way bad kisser
but I really really love to kiss you,
love to hold your hands 
& walk through lonely paths 
by showing you that 
My Love is so special for you...!!

You know the real reason why,
you are not answering
to my serious questions is 
you know that my love is so special...
& you will find it unforgettable with me

please have faith on me
you can feel my love like...
when you are bathing in the rain 
that you wanna be with me
& hey please don't lie....


Anyway...,
I know that I'm not perfect for you
but I love you like,
I don't have anything without you
don't know why?
I just being honest my girly
please trust me &  
you can leave me whenever you want...

~ Mahesh4ever ~

Wednesday, June 15, 2011

ඉතින් මොකක්ද තියන වෙනස...?

 අපි ගොඩාක් දුරක කිවුවට
මං කොහොමද එහෙම හිතන්නේ...
මට නම් කවදාවත්
ඒ වගේ හිතෙන්නේ නෑ
ඒ වගේ දැනෙන්න එනකොට
දාහක් දේවල් මට තියනවා
අපෝ එහෙම නෑ කියන්න

අපි ලගින් ඉන්න කාලේ
වගේම ඈතින් ඉන්න කාලෙත්
පැයුවේ මේ ඉරම තමයි,
මුළු ලෝකෙටම ජීවය දුන්නු...
පැයුවේ මේ සදුම තමයි,
රාත්‍රියට සිසිල දුන්නු...
අපි දෙන්නම හීන මැවුවේ
එකම අහස යට ඉදල තමයි...
ඉතින් මොකක්ද තියන වෙනස
අපි ලගින් නොහිටිය කියල...
ගොඩාක් ආදරෙන් කතා කරපු
හිරු සඳු තරු කාටවත්,
පොඩ්ඩක්වත් දැනිල නෑ
අපි අපේ නොවෙයි කියල...
ඔයාට ඒක දැනෙන්නේ නැද්ද?

ඒ වගේම තව දෙයක්,
ඔයා දුරයි කියල කිවුවට...
දැන් හැම දේම වෙනස් කිවුවට...
මට ඒක දැනෙන්නේ නැත්තේ
මං තාමත් ඔයා ලගනේ....!!


~ Mahesh4ever ~

Friday, June 10, 2011

මටම සුබ පතනවද...හිතල දුක් වෙනවද?

               
            අනේ මන්ද මට හිතා ගන්න නම් බෑ... මං මෙච්චර දුරක් ආවා කියල, මගේ බ්ලොග් එකත් එක්ක..... 
මං මේ ලියන්නේ මගේ බ්ලොග් එකේ 50 වෙනි පොස්ට් එක...අහිංසක අරමුණක් වෙනුවෙන් පටන් ගත්තු මේ බ්ලොග් එක බලන ගොඩක් අය මාව දිරිමත් කලා... ගොඩක් ස්තුතියි යාලුවනේ...

ලොකුම දුකක් තියෙන්නේ මේ බ්ලොග් එක ඇත්තටම දකින්න ඕනි කෙනා මේක දැකල තියනවද කියල මං දන්නේ නැති එකයි.... දැකල නැත්තම් කවදා හරි දකීවි... හැම දේම හොදින් වෙයි... මට ඒ ගැන විශ්වාසයක් තියනවා....


ගොඩාක් අය අහපු දෙයක් තමයි මගේ තීම් එක ගැන.... හැමෝටම තේරුම් ගන්න පුළුවන්නේ එක මගේ බ්ලොග් එක කියවනකොට... " LOVE "

ඉතින් අද වෙනකොට මගේ බ්ලොග් එක follow කරන යාලුවෝ 32 ක් ඉන්නවා... හිට්ස් 4650 කටත් වැඩියි... කමෙන්ට්ස් නම් ගොඩාක් අඩුවෙන් ලැබුනට මට කතා කරලා කමෙන්ට්ස් දෙන අය ගොඩාක් ඉන්නවා... මාව දැකල අදුරන ගොඩාක් අය මගේ බ්ලොග් එක දැක්කම පුදුම වෙනවා... මට තේරෙන්නේ නෑ ඇයි කියල..සමහර විට මං ඉන්න විදිහට මේ වගේ දෙයක් මං කරනවා කියල එයාලට හිතෙන්නේ නැතිව ඇති..


අහ්..එක දෙයක් මේ වෙලාවේ කියන්න ඕනි..මගේ පොස්ට් හැම එකක්ම වගේ ලියවෙන්න පසුබිම් උන කතාවක් තියනවා... මගෙත් එක්ක කතා කරලා අහපු අයට මං කියල ඇති.. ඉතින් ජීවන අත්දැකීම් එක්ක ලියපු නිසා සමහර විට කියවන අයට තේරෙන්නේ නැතිව ඇති... මොකද සමහර ලිපි වල තේරුම තියෙන්නේ මගේ හිතේම නිසා... එත් අහන ඕනිම කෙනෙක්ට මං අනිවාර්යෙන්ම ඒක කියනවා...

සිංහල බ්ලොග් කලාව ගැනත් පොඩි අදහසක් කියන්න ඕනි කියල හිතුන... ,

මගේ බ්ලොග් ඒක හරහා සිංහල බ්ලොග් කියල දෙයක් තියනවා කියල මුලින්ම දැකපු අය ගොඩක් ඉන්නවා... දැන් ඒ අය සිංහල බ්ලොග් මටත් වඩා ආශාවෙන් කියවනවා... ගොඩක් භාෂා වලින් ලියවුනු බ්ලොග් කියවනකොට හිතෙනවා අපේ බ්ලොග් ලියන අය මොන තරම් නම් මනුස්සකම් තියන පිරිසක්ද කියල... කිහිප දෙනෙක් පටු අරමුණු වලට බ්ලොග් භාවිතා කලත්, සිංහල බ්ලොග් ලියන්නෝ ගොඩාක් හදවතට කතා කරන අය... ඇත්තටම අපේ බ්ලොග් කලාව හරිම පෝසත්... මට කියන්න තියෙන්නේ එච්චරයි....




ඉතින් හැමදාම වගේ හිතට පුංචි තනිකමක් දැනුනත්, ඔයා සතුටින් ඇති කියල හිතල මං හිතා හදා ගන්නවා... මගේ බ්ලොග් ඒක මගේ පාළුව මකනවා කිවුවොත් ඒක බොරුවක්... ඇත්තටම මගේ බ්ලොග් ඒක මගේ හිතා පාරනවා... ඒ හිත පැරෙන පැරෙන මොහොතක් පාසා මම අපේ මතකයේ ජීවත් වෙනවා...!!




 
" ඔය ඇස් අමතක වෙන්න නම්...මගේ ඇස් පියවෙන්න වෙයි... "
  ~ Mahesh4ever ~

Saturday, June 4, 2011

I'm bad in every subject....


I'm not that good in English,
But I can tell you that '' I love you...... ''
I'm bad at Geography,
But I can tell you that you live in my heart...
I'm bad in history,
But I can still remember when I first saw you...

I'm bad in chemistry but,
I can tell whats the reaction when you smile...

I'm bad in physics but.,
I can tell the intensity of spark of my eyes when they see you...

I'm bad in every subject but..,
I can pass all subjects if their content is " U "........ ♥♥♥

   ඇසි පියක දැවටුවෙ....:   ඩෙන්වර් ෆෙනාන්දු සොයුරා

Thursday, May 26, 2011

මගේ ලගින් හිටියනම්.....


උදේම පිපුණු ලස්සනම ලස්සන
සුවද මලක් වගේ ඔයා...
මගේ ජීවිතේ සුවදවත් කරාවි...
වෙනදට වඩා අද උදේ 
ඇත්තටම වෙනස් නේද...?
ගොඩාක් හයියෙන් වහිනවා

වැස්සට අපි දෙන්නම ආසයි..
ඒ නිසාම මට ඔයාව,
මතක් වෙනවා ගොඩාක්...
මගේ ලගින් හිටියනම්.....
මගේ පපුවට තුරුළු කරගෙන
මේ වැස්සේ සීතල මැකිලා යනකල්ම
උණුහුමක් වෙනවා සත්තයි...



මට තේරෙන්නේ නෑ නංගෝ,
ඔයා වැරදි නෑ පොඩ්ඩක්වත්...
මේ පිස්සු අයියා තමයි වැරදි
ඔයා දුක් විදින හැටි දකිනකොට
මට තව තවත් ඔය හිතටම
ආදරේ කරන්න හිතුනා....
ඔයාට නොලැබෙන ඒ සතුට
කොහොම හරි දෙන්න හිතුනා





ජීවිතේ කවදා හරි දවසක,
මේ අයියව ඔයාට...
මතක් වෙයි මගේ නංගෝ.....
ඒ මතක් වෙන දවසට..අදට වඩා
මේ ආදරේ ගොඩාක් දැනේවි....
ඔය ඇස් කදුලින් පිරේවි....!!






~ Mahesh4ever ~

Monday, May 23, 2011

It's not GOODBYE...!!


Day by day, I love you more...
I don't care that
you belong to me or not
but I love u....
I just can't get angry with you
because I don't wanna lose
any bit of your feelings...towards me..





hey my girly....,
I'm so scared of losing you
I can smile, cry or sing for you
because I want you...
more than anyone in this world

when you come closer to me
like yesterday....
I think you saw..
from my eyes, words, actions...
and also from my little surprises..
how much you mean to me...





So I know what you meant
please don't tell it
again & again....
It hurts me a lot...
So no worries..,
you can go my girly...
I will manage...however...

But it's not...GOODBYE...!!





~ Mahesh4ever ~

Sunday, May 22, 2011

ඔබ කුරුළු කුමාරියක්...


ඔබ කිරිල්ලියක්..., පමණක් නොව
කුරුළු කුමාරියක්...
තේජසින් ගගනේ සරනා
උස අත්තක සුවසේ හිද
මුදු පවනේ සුව විදිනා...

මමත් කුරුල්ලෙක්...,
සැඩ සුළගට තටු සිදගත්
ඉගිලෙන්නට වාරු සොයනා
පහලම අත්තක වසමින්
ඔබ දෙස හොරැහින් බලනා...


 
  මේ ඇති නැති අතු පතරේ...
  අපේ පුංචි කුරුළු හීන,
  සමාජයේ සැඩ පහරින්
  සදාකල් වෙන් කරවයි..
  ඔබට ඒවා හිස් අදහස්
  කුමාරියක් නිසාම ඔබ..
 


මොන විදිහට පැහැදුවත්..
මට නොහැකියි ඉහල එන්න
ඔබේ ලගින් පියාබන්න...
හීන ලෝකේ හැමදාමත්
ඔබ ඇත මට තනි රකින්න

මං දන්නවා ඔබ හදන්නේ...

මගේ අත්තට බැහැල එන්න
අනේ එපා හැබැහින් නම්
ඔය හීනෙම නතර වෙන්න..
මට ආදර සුව ගෙනෙන්න....!!



~ Mahesh4ever 

Wednesday, May 11, 2011

This is not a complain....


It's almost midnight my girly,
but I'm still waiting for you
this is not a complain
I just love to wait for you...
but you know I can't forever
I'll wait the most till I can
I'm not gonna ask you to hurry up
coz if you want me
definitely you will do it
you know that I'm right here waiting for you
I told you that I already made a choice...


so please listen girly...
you just have to do the same
if it's not gonna happen
I don't have any idea about
what to do or what to believe
anyway, you should note one thing..
you will miss me & you will
remember me more than you think now

I don't have any hesitation about it
coz I will be a guy who you not gonna
find anywhere else...
I promise...trust me...!!!


~ Mahesh4ever ~

Tuesday, May 10, 2011

පැතූ පැතුමන් සගවන්නම් මා...



හෙට වෙන් වේවිදෝ නොදැන උවත්..,
අපගේ සුන්දර මතකයන්..
කවි පිටු මත සරසන්නම්
හෙට දින උදා වන්නට කලින්
මේ සොදුරු මැදියම් රැයේ
සොදුරු සිනා කැන් විසුරුවන්නම් මා
හමන සුළග හා දුරක යන්නට...
පැතූ පැතුමන් සගවන්නම් මා
ලොවට රහසේ, කිසිවෙකුට නොපෙනෙන්නට
හඩන මා සිත සගවා ගන්නම්
උණු කදුළු වැල් දෑතින්ම පිසිමින්
සොඳුරු ලොවකට පා නගන්නට
නැගණිය නුබට ඉඩහැර...


~ Mahesh4ever ~

Thursday, May 5, 2011

ඔය මුවින් පැවසෙන....කිසිදාක නොකියවෙන


 


      සිහිනෙකින් වත් ඔබව
      නොදකින මුත් මට දැනෙන
      හැගුම් පවසන්නමද
      කෙලෙසකින් ගලපමින්
      රදවමින් මතකයන්
      මේ සොදුරු ඇසුරේ
      ලියා තබනු මැන
      ඔබහට හැගෙන හැම දේ
      වරුණා නැති උවත්
      ගුණ සුවද නොගැයුවත්
      අහිතකට නැති වේවි
      පුංචි හෝ හිස්තැනක්...
 





  ඉතින් ලියන්න හැමදේම,
  ඔය මුවින් පැවසෙන
  එනමුත් ඒ මුවින්..
  කිසිදාක නොකියවෙන
  ආසයි මං විදගන්න
  ඒ හැගුම් සිහිළැල්ව
  සුවද දේ මේ මතක
  හද ගැහෙන හැමකල්ම...

 


~ Mahesh4ever ~

Wednesday, May 4, 2011

No..I do not love you..but...,

hey girl...,
I'm not confused..because I know
what you meant in that..
" don't fall in love with me.. "
but you know
it's something will come to my heart...
the only thing that I'll do is...
never gonna open my heart to you
so listen girly.....please...

Each & everything in our life
is a choice...even your birth
in our small time,
someone made it for us
may be our parents
but now you are a big girl..!!

you can make choices in your own
Now I can guess...
what's your real problem is
but don't ask me....
because you know it better than me..


I also have to made a choice
finally I did it...not very easily
but because I have to...
so I have faith on it...and
I'm waiting..., waiting...,
but can't wait so long..

~ Mahesh4ever ~