Wednesday, November 3, 2010

කාලය මොහොතක්වත් නොනවතින නිසා..

 
කාලය මොහොතක් නවතී නම් සදහටම
උදා වන හෙට දිනක
අපි අපිට සමු දේ නම්
පසු වුන පෙර දිනක
අපි අපිට හමු වූ තැන
කාලය මොහොතක් නවතී නම් සදහටම

කාලය මොහොතක් නවතී නම් සදහටම
දුක් බර හෙට දිනක
කඳුළු බිඳු වැටේ නම්
සතුටු වූ පෙර දිනක
සිනහ පොදි පිරුණු තැන
කාලය මොහොතක් නවතී නම් සදහටම

කාලය මොහොතක් නවතී නම් සදහටම
ඔබ නොමැති හෙට දිනක
තනිව මේ මග යා නම්
ඔබ සමග පෙර දිනක
එක්ව පිය නැගු මාවතක

කාලය මොහොතක් නවතී නම් සදහටම
 


 


කාලය මොහොතක් නවතී නම් සදහටම
උණුහුමක් නැති හෙට දිනක
සීතලට ලං වෙන්න
සීතල පෙර දිනක
උණුහුමට ලං වූ තැන
කාලය මොහොතක් නවතී නම් සදහටම

කාලය මොහොතක් නවතී නම් සදහටම
බලාපොරොත්තු නැති හෙට දිනක
සිහින වලට ඉඩ දෙන්න
සිහින පොදි එක්කරන්
බලාපොරොත්තු ගොඩනැගු පෙර දිනක
කාලය මොහොතක් නවතී නම් සදහටම

කාලය මොහොතක් නවතී නම් සදහටම
....



ඇසි පියක දැවටුවෙ....: උවිදු විදුර සහෝදරයා

0 දෙනෙක් මගේ ඇසි පිය පාට කරලා...:

Post a Comment

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...