කඳුළ නුඹ වරැසාවක් වී
විටක මා සිත තෙමාලූවද...
සුසුම නුඹ මහ නියඟයක් වී
විටක මා සිත විඩාබරවයි
නොඉඳුල් ව පොදිබැදි සිහින තරු කැට
දිලිසී නමුදු මට නො ලැබේ නම්...
අහස් ගැඹ නුඹ වසාලන් මා සිහිනයන්
නේක විදි තරු පංතියන්
බොඳ කර සිහිනයන්
තනි කර තරු මලුත්
මගේ සඳ නුඹ සැඟව නො යනු මැන
සිහිනයේ මුලකුරැ අරන්...
මැවු සිතුවම්, ලියූ කවි වැල්
නිමැවුයේ මා පමනි නම්...
නොවේ මට මේ තරම් ලතැවුල්
නුඹ මට සිහිනයන් ගෙන නාව නම්...
ආදරණීය චාමික මල්ලි...ගොඩාක් ස්තුතියි ඔයාට....මාත් මේකට ගොඩාක් ආසයි...ලස්සනට ලියවිලා තියෙනවා..දෙපාරක් විතර අදහස හිතල කියවනකොට දන්නෙම නැතිව ඇස් දෙක තෙත් උනා...
ReplyDelete