Monday, October 17, 2011

ඔබ වෙනුවෙන්........

මේ බ්ලොග් අඩවියට නිතර ආ ගිය ඔබ සැම වෙනුවෙන් ලියවෙන මේ සටහන අද ලියවෙන්නේ මහේෂ්ගේ අතින් නෙමේ.මේ කාලය පුරාවට තම සිතුවිලි ඔබත් එක්ක බෙදා හදාගත් ඔහු නොසිතපු විදිහට අපි අතරින් වෙන්වෙලා ගිහින් දැන් මාසයකටත් ලඟයි.ආයෙත් මේ බ්ලොග් අඩවිය රසවත් කරන්නත්, ඔහුගේ සිතුවිලි අතර සැරිසරන්නත් අද ඔහුටත් අපටත් වාසනාවක් නෑ....ඉතිරි වෙලා ඇත්තේ ඔහුත් සමග බැඳුන මතකයන් විතරයි.ඒත් මහේෂ් අද අපිත් සමග නැතත් ඔහු පිලිබඳ මතකයන් අපත් සමග හැමදාම ජීවත් වෙනවා...මහේෂ් අමරණීයයි....

මේ බ්ලොගයේ ඔහු අවසන් වරට තැබුවේත් බොහොම සංවේදී සටහනක්.අවුරුදු 9 කට කලින් ඇරඹුන තම ආදරය වෙනුවෙන් රුධිර පරිත්‍යාගයක් සිදුකරන්න තරම් ඔහු උතුම් හදවතක් තිබුන කෙනෙක්.ඔහුගේ ඔහුගේම වචන වලින් කියනවා නම් ""මම කරපු අවංක ආදරෙට,දැන් අවුරැදු 9ක් ගත වෙලා.. අවංක ආදරය අදුනන හැමොටම මගෙ හිතෙ ඉඩක් වෙන් කරන්න තමයි මෙ සුදානම..... මගෙ ආදරේ සදාකාලික කරන්න,මගේ හිතට මෙ අදහස් දිරියක් වෙවි.."" ඉතින් අද පටන්, ඔහුගේ ආදරය පමණක් නොව, මහේෂ්ගේ සිතුවිලි සදාකාලික කරන්න ඔබේ අදහස් දිරියක් වේවි.මේ බ්ලොග් අඩවියේ ඔහු අන්තිමට තබපු සටහනේ ඉඳන් ඉතිරිය ඔහුගේ යහළුවන් විසින්, පවුලේ උදවිය විසින් මහේෂ් වෙනුවෙන් සිදුකරන්නා වූ සියලුම පුණ්‍ය කටයුතු, ඔහු පිලිබඳ මතකයන් පිළිබඳව ලියවෙන සමරු සටහන් විදිහට අලුත් බ්ලොග් අඩවියක සටහන් වෙනවා.

මහේෂ්ගේ අවසන් කටයුතු සඳහා ඔහුගේ පවුලේ උදවියට උදව් දුන් අය බොහොමයි. මහේෂ්ගේ සමීපම මිතුරන් විශාල ප්‍රමාණයක් මේ ආරංචිය ආව වෙලේ පටන් නොයෙක් අයුරින් තමන්ගේ සහයෝගය දුන්නා. මේ මිතුරු කැල ඩී.එස්.සේනානායක විදුහලේ 2007 මිතුරන්, OB association, ශිෂ්‍ය නායක මඩුල්ල ,  , කුඩා කල පටන් ගමේ එකට හැදුනු යහළු යෙහෙලියන්, උසස් අධ්‍යාපන කටයුතු වලදී මිතුරුකමින් බැඳුනු උදවිය අවසානය තෙක් දිවා රෑ නොබලා මහන්සි උනා. එපමණක් නොවේ, ඩී.එස්.සේනානායක විදුහලේ විදුහල්පතිතුමන්, ගුරුවරුන්, ගමේ සියලුම දෙනා, සහ මහේෂ්ගේ අවසන් කටයුත්ත සඳහා පැමිණි සියලු දෙනාගේ දායකත්වය නොඅඩුව ලැබුණා... ඉතාම සංවේදී අවස්ථාවක් උන අවසන් මොහොතේ, මහේෂ්ගේ සිරුර රැගෙන ගිය පෙරහරේ ගිය සෙනග තරම් පිරිසක් එතුවක් මෙම ප්‍රදේශයේ කිසිම දාක අපි දැකල තිබුනේ නැහැ. එයින්ම මහේෂ් කොතරම් හොඳ මිතුරෙක්, පුතෙක් උනාද කියන එක පෙනුනා.

මේ තියෙන්නේ මහේෂ් තමාම අවසන් වරට තැබූ සටහනේ ඔබ නොදැකපු කෝණයක්. මෙහි තිබෙන්නේ මහේෂ් සැප්තැම්බර් 17 වෙනිදා කල ඒ ලේ දන්දීමේ ඔහුත් , ඔහු සමග ගිය අනික් මිතුරනුත් ගත් ඡායාරූප එකතුවක්.මහේෂ් වෙනුවෙන් ඇරඹෙන අලුත් බ්ලොග් අඩවිය ඉදිරියට ගෙනයාම ඔහුගේ මිතුරු පිරිස විසින් සිදුකෙරෙනවා ඇති.

මහේෂ් අපෙන් සමුගෙන මාසයක් සපිරෙන දිනයේ ඔහුට පින් පිණිස ඔහුගේ මිතුරු කැල විසින් ඩී.එස්.සේනානායක විදුහලේ ධර්ම දේශනාවක් සහ , ළමා නිවාසයකට දානයක් සංවිධානය කරනු ලබනවා.මේ හැරුනුකොට ඔහු අප අතරින් නික්ම ගොස් මාස 3 ක් ගතවීමට පෙර ඔහු අධ්‍යාපනය ලැබූ මීගහවත්ත ශ්‍රී ධර්මරාජ දහම් පාසලේ කාර්යාලීය ගොඩනැගිල්ලේ උඩු මහල තනා නිම කර එය ඔහුගේ නමින්- අනුස්මරණ ශාලාවක් බවට පත් කිරීමත් මේ මිතුරු සංසදයේ අදහසක්. මේ සියලු පුණ්‍ය කටයුතු සඳහා ඔබට ඔබේ දායකත්වය සැපයිය හැකියි, නැත්නම් ඔබටත් එයට සහභාගී විය හැකියි. මේ පිලිබඳ සියලු විස්තර , මහේෂ් වෙනුවෙන් ඇරඹෙන ඒ සමරු අඩවියෙන් අපි ඔබ වෙත ගෙන එන්නම්... අපිත් සමග ඔහු වෙනුවෙන් රැඳෙන්න...අපිට ශක්තියක් වෙන්න...

මේ සටහන තබන්න මුල් උනේ මහේෂ්ගේ සමීපතම මිතුරෙක් වුන ධනුෂ සහන්.මෙම සටහන තබන්න අපිට හැකි උනේ මහේෂ් ඔහුත් සමග තම ජීවිතයේ හැම දෙයක්ම වගේම මේ බ්ලොග් අඩවියත් බෙදාහදාගත් නිසා.නමුත් මේ සටහන මෙතනින් නිම වෙනවා, ආයෙත් අපි මහේෂ් වෙනුවෙන් ඇරඹෙන අලුත් බ්ලොගය පිලිබඳ විස්තර ඔබ වෙත ගෙන එන්නම්...මහේෂ්ගේ සටහන් මෙහි සැමදා පවතීවි..... ඔහුට නිවන් සැප ලැබේවා....

මේ පිලිබඳ විස්තර අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ධනුෂ සමග කතා බහ කරන්න.
ෆේස්බුක් මගින් - Dhanusha Sahan
මේ සටහන තබන මම - .පොපී




Saturday, September 17, 2011

ඇසි පියක මහිම... Blood Donation

Blood Donation in memory of My Love on our 9th anniversary for the second consecutive year.. will be held on 17th September 2011 at National Blood Bank, Narahenpita... 
I would like to invite you all who are with my blog "ඇසි පියක මහිම" for the past 1 year...!!
Budusaranai
~ Mahesh4ever ~

Saturday, September 3, 2011

කාමර ඇත !!


නිතරම එක එක අය ආ ගිය,
මහද නම් අම්බලමේ පාලු බිද,
මහා මන්දිරයක් තැනු ඇය...
දමා ගොස් මාසයකි,
කර එය, තානායමක්......!!

   ඇසි පියක දැවටුවෙ....:   සහන් මල්දෙනිය සොයුරා

Sunday, August 21, 2011

මගේ වෙන්නෙම නැත්තම්.....


මට මේ ටික දවස...
ඔයා ලගින්ම ඉන්න දෙන්න
ඔයාගෙන් ඈත් වෙලා
ඈතටම යන එක
මොන තරම් වේදනාවක්ද කියල
දන්නේ මං විතරමයි
ඒ මම ගොඩාක් ආදරේ නිසයි...

රිදෙන මේ හිත එක්ක

මේ පුංචි කාලය වත්
ඔයාගේ මතකයන්.....
මගේ මේ ඇස් පුරා
තරුලු කර ගන්න කල් වත්
ජීවත් වෙන්න නිදහසේ....
අනේ මට ඉඩ දෙන්න

මට තරම් මේ කිසි දෙයක්

ඔයාට දැනෙන්නේ නැතිව ඇති
මගේ හිතේ ඔයා ඉන්න තරම්
ඔයාගේ හිතේ මං නැති නිසා...
මං මේ හැම දෙයක්ම ඉල්ලන්නේ
ඇත්තටම ඔයා මගේ වෙන්නෙම
නැත්තම් විතරමයි...!!


~ Mahesh4ever ~

Saturday, August 20, 2011

ඔබ වැනි මලක්...



මෙතරම් සුවද දුන්, ඔබ වැනි මලක්...
මගේ හද උයනේ පිපුනාදෝ මට සැකයි

ඔබ තරම් සුවද දෙන, ආදරණීය වූ මලක්....
නැවත මා හදෙහි පිපෙදෝ සිත කියයි

ඔබ පිපි සුවද හැමූ, ඒ අහිමි නිමේෂය
සදාකල් හදවතේ රැදී රැදී හිත දවයි...

නොමැති දා මා උයනේ, ඔබේ ඔය මල් සුවද
පිපෙන මල් ඒ සුවද දෙන්නේ නෑ සත්තමයි....!!

~ Mahesh4ever ~

Sunday, July 31, 2011

ඔබ යන්නම යනවානම්...!!


සිත කොතරම් ඉකි ගැසුවත්
ඔබ යන්නම යනවානම්..,
යන බව නිති කියන්නෙපා...
ලග රැදෙනා මිනිත්තුවෙත්

ඔය ඇස්
පොඩි තෙත් වුවත්,
මදෙස බලන හැම මොහොතෙම
සිනහ නොවී බලන්නෙපා...
මගේ ඇස් රතු කරන්නෙපා...

ඇත්තට ලග නොමැති උනත්
,
සිහිනෙන් ඔබ පෙනෙනා විට
ආපසු හැරී බලන්නෙපා...
මගේ හිත තනි කරන්නෙපා...

~ Mahesh4ever ~

Monday, July 11, 2011

ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 3


ඉතින් යාලුවනේ මේක මේ කතාවේ තුන්වෙනි කොටස....කලින් කොටස් කියෙවුවෙ නැත්තම් මේකෙන් බලන්නකෝ.....

 ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 1
 ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 2

ඔන්න ඉතින් මං පොරොන්දු උනා වගේ මගේ කතාවේ අවසාන කොටස තමයි මේක... කලින් කොටස් කියවපු අය කතා කරලා  3න් වෙනි කොටස ගැන ඇහුවා.... ඔන්න ඉතින් මේ ටික කියවලම ඔයාල තිරණය කරන්නකෝ ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද කියල....


                මුලින්ම කියන්නම් ටජ් මහල් ආදරයත් එක්ක මෙච්චරම බැදිලා තියෙන්නේ ඇයි කියලා..... මුම්ටාස් දේවිය මිය යන මොහොතේ කරපු ඉල්ලීමක් ඉටු කරන්න ශාජෙහාන් අධිරාජයා කල මේ නිර්මාණය අවංක ආදරයේදී අපි උන පොරොන්දුවක් අනිවාර්යෙන්ම ඉටු කිරීමට ලෝකයේ තියන විශිෂ්ටම භොතික නිමවුමයි... මේ කතාව පදනම්ව 1963 වර්ෂයේදී ලෝක ප්‍රසිද්ධ " ටජ් මහල් " චිත්‍රපටය නිර්මාණය කරනවා... මගේ ටජ් මහල් ගැන ඇති ආශාවත් වැඩි වෙන්නේ මේ සිනමා කෘතිය දැක්කමයි... ඉන්දියානු ශ්‍රේෂ්ට සංගීතඥ මොහොමඩ් රාෆිගේ කටහඩින් හැඩවුණු මේ ගීත වලින් ඔබට ඔවුන්ගේ ආදරය මොනතරම් සුන්දරද කියලා දැනේවි...

Jo Wada Kiya Wo , Jo Baat Tujh Mein Hai , Paon Choo Lene Do 

                දැන් තමයි හැම දේකම අපුරු සිදුවීම මං කියන්න යන්නේ... ඔයාලත් කුතුහලයෙන් ඉන්න ඇතිනේ.... හැබැයි මං දැන් මේ කියන කතාව අහල අවංකව ආදරය කරන අපේ යාලුවෝ හිත නරක කර ගන්නවා එහෙම නෙමෙයි...මේක මාත් සැහෙන්න පුදුමයට පත් උන කතාවක්....මගේ වචන වලින් කියනවා නම් මට මේක අහල සිහි නැති උනා....ඔයාලටත් අනිවාර්යෙන්ම එහෙම වේවි.... කරුණු විදිහට කියන්නම්...ඒ තමයි....


  


















1. මුම්ටාස් මහල් නැතහොත් අර්ජුමන්ඩ් බානු බෙගම් කුමරිය ශාජෙහාන් නැතහොත් මුහම්මද් ක්හුර්රම් කුමරුව විවාහ කර ගැනීමට පෙර කලින් විවාහ වී සිටි තැනැත්තියක්...

2. ශාජෙහාන්, මුම්ටාස් කුමරිය ලබා ගැනීම සදහා ඇගේ විවාහක සැමියා මරා දමනවා....

3. මුම්ටාස් මහල් දේවිය විවාහ කර ගැනීමට පෙර ශාජෙහාන් රජු දෙවරක් විවාහ වී සිටි අතර මුම්ටාස් මහල් ඔහුගේ තෙවන බිරිදයි.... [ ඔවුන් විවාහ වන විට කලින් අග මෙහෙසියන්ද ජීවත්ව සිට තිබුන බවද මේ අතර සදහන් වේ... ]

4. වසර 19 ක් වූ මේ දෙදෙනාගේ විවාහක කාලය තුල මුම්ටාස් මහල් දේවිය දරුවන් 13 දෙනෙකු ප්‍රශුත කර ඇති අතර අය මිය යන්නේ 14 වෙනියාට උපත ලබා දෙන විටදීය...

5. සාමාන්‍යයෙන් දරුවෙකු ලැබීමේ කාලය මාස 9 ක් ලෙස සැලකුවහොත් මුම්ටාස් මහල් දේවිය වසර 19 යක විවාහක කාලයෙන් වසර 10.5 ක් ගැබ් ගෙන කාලය ගත කර තිබෙනවා...

6. මුම්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසුව ශාජෙහාන් අධිරාජ්‍යයා ඇගේ නැගණියද  විවාහ කර ගනු ලබනවා...

7. මිය යන විට ශාජෙහාන් අධිරාජ්‍යයා අග මෙහෙසියන් 7 දෙනෙක් සමග විවාහ වූ  අයෙක් බව සදහන්...

                                    තවද මීට අමතරව ශාජෙහාන් අධිරාජ්‍යයාගේ අන්තප්පුරයේ කාන්තාවන් 5000 ක් සිටි බව ඉතිහාස ලියවිලි වල සදහන්.... ඉතින් මේ සියලුම කරුණු සලකල බලල මේ දෙන්නගෙම අමරණීය ආදරේ ගැන සහ ලෝකයේ අමරණීය ආදර සිහිවටනය ටජ් මහල්ද කියලා ඔයාලගේ අදහසත් පහලින් ලියල යන්න.... 

                මොනවා උනත් මගේ අදහසේ හැටියට ශාජෙහාන් කියන්නේ මාර රොමෑන්ටික් රජ කෙනෙක් තමයි... මං මේ දේවල් ලිවුවේ ටජ් මහල් වලට නිගරු කරන්න නම් නෙමෙයි.... මං තාමත් ටජ් මහල් වලට ආසයි..අයෙත් බලන්න යන්නත් හීන මවනවා... එත් හිතන්න අපි මතුපිටින් බලන... බලල හිතන දේවල් වලට වඩා වෙනස් කතාවක් එවහේ අභ්‍යන්තරයේ තියෙන්නේ පුළුවන් නේද...?

 
ඒ වගේම ටජ් මහල් නිහඩවම අපිට හොද ආදර්ශයකුත් දෙනවා... 
" පොරොන්දුවක් වුවා නම්...එය කෙසේ හෝ ඉටු කල යුතුයි... "


~ Mahesh4ever ~