Friday, December 31, 2010

සිතුවේ නැත කෙලෙසකවත්....


පිය නැගුවෙමි මාවත් පසුකර
දැනුම් පිපාසෙන්
දහම් විදු පියස සොයා...
සිතුවේ නැත කෙලෙසකවත්,
ඔබව මට හමුවේය කියා
නොසිතු විලසට
ඔබ දෙනෙත් මා අසල
ගොලු වු අයුරු....
මතකද ඔබට
එදා සිට මා...
ලං වුයේ කෙතරම්....,
දයාබරත්වයකින්ද?
සත්තකින්ම මා ඔබට
බෙහෙවින් ආදරෙයි
එ ආදරේ නාමයෙන්
මතු සෑම දිනකම
තවත් දයා
බර වේවායි
මා පතන්නේ
අවිහිංසක වු ආදරේ නාමයෙනි...!!


  ඇසි පියක දැවටුවෙ....: සඳුනි කෞෂල්‍යා විතානගේ

Monday, December 13, 2010

තව මොනවා හංගන්නද....?


සමහර විට මේ ගෙවෙන්නෙ
ඔයාගේ නිහඩ බව බිදෙන
අන්තිම දින කීපය....
කරණා එකින් එක
හෙමීට මතු වෙලා
හිතටත් නොදැනීම වේගවත් වෙන
හිතේ ගැස්ම මොනතරම් නම්
දෙගිඩියාවක් මවනවද?
හැම දෙකටම අලුත් ඇරඹුමක්...
අලුත් පිටුවක් පෙරලන්න
කාලය ඇවිත් වගේ....
හිතේ තෙරපෙන අහිංසක හීන
වචන වලින් සරසල
කොච්චර හංගන්න හැදුවත්
නොදැනීම එලියට පනින බව
ඇස් පනා පිට පෙනුනත්,
තව ටික දවසක්, තව පැය කීපයක්...
දෙගිඩියාව මගේ හිතට
හීන සගවන්න බල කරනවා...
එළබෙන බිනර
මාසයේ,
මගේ හීනේ කිරුළු දරන්නට
එකම එක හිනාවයි අඩු
ගොඩක් කල් ගත නොවී
ඒ සිනහ දකින එක
තමයි මගේ හීනේ
තව මොනවා හංගන්නද
හැම දේම හොදින් වෙයි
මට ඒක දැනෙනවා....

~ Mahesh4ever ~

Tuesday, December 7, 2010

නොපෙනේද අම්මේ ඔබහට.....


සවනට වැටෙනා ගිගුරුම
අදුරු වළා පටල ඉරාගෙන
නෙතට වැටෙනා පිනි බිදුව
නොපෙනේද අම්මේ ඔබහට...

සුළන් රැල්ලේ පා කර

ඈතක ගෙන ගිය උණුසුම
සොයා යන්නද මා
සෙල්ලම් ගෙය අතහැර...

නැළවිලි මතකයි තව මට

කිරි සුවද ඇත තවම මුව අග
සිනිදු සේදයේ පහසට
ආසයි අම්මේ තවමම...

අදුරේ තනිව තරු ගණිනා මා හට

නොපෙනෙන්නේ
ඇයි සද සාවියේ...ඔබ
ඉසව්වක් නිමක්, නොතේරේ මා හට
සොයා එනු මැන මා හද
පාර
කියාවී දේදුන්න ඔබ හට.....

[ මගේ ඉස්කෝලේ හිටපු හොදම සැගවුණු කලාකාමී හිතක් තිබ්බ යාලුවෙක්ගේ නිර්මාණයක් තමයි මේක.....මට හිතෙන විදිහට පුංචි පුතෙක් තමන්ගේ අම්මට,පවුලට බැදිලා ඉන්න ආකාරය ගැන හැදුනු ලස්සන හින්දි ෆිල්ම් එකක් වෙන " Taare Zameen Par " බලල අපේ යාළුවගේ හිතට නැගුනු අදහසක් තමයි මේක...බලල නැති අය ඉන්නවා නම් අදම ඒ ෆිල්ම් එක බලන්න....මැරෙනකල් අපිට විතරක්ම ආදරේ කරන අපේ අම්මලා අපිට කොයි තරම් නම් වටිනවද? ඒ වගේම කොච්චර නම් අසරණ ළමයිනුත් මේ ලෝකේ ඉන්නවද? ]

   Taare Zameen Par සින්දු බලන්න : තේමා ගීතය
                                              මා [ අම්මා ]

 ඇසි පියක දැවටුවෙ....: තනුර විජේසිරිවර්ධන සොහොයුරා

Sunday, December 5, 2010

ආදරෙයි මම...මේ වහින වැස්සට....

ආදරේ කරන්න වෙලා
එක හිතින්ම වගේ
මේ වහින...අනෝරා වැස්සට...
පායලා
මුළු ගතම දවද්දී
ඒ උණුසුම වින්ද කාලෙ
වැස්සත් ප්‍රර්ථනා කරපු නිසා,
ඒ වැස්සේත් ගත තෙමන්න
දරන්න බැරි තරම් සීතල උනත්
හිරිගඩු පිපෙනකල්...
ඇට
මිදුළු දිය වෙනකල්...,
වැස්සත්.....,
ආදරෙයි මේ වැස්සට
ආදරෙයි වගේම මම,
ප්‍රර්ථනා කරනවා අයෙමත්
බලාගෙන ඉන්නවා හීනෙනුත්
වැස්ස තුරල් වෙලා ගිහින්
ඉක්මනටම අයෙත්....

වසන්තය ඒවි කියලා....!
ඔයාලට මතකද.....
චිංගීස් අයිත්මාතව්,
ගුරු ගීතයේ කිවුවේ....
" සීත කාලය පැමිණේවි ...,තද සීත කුණාටු
හමාවී ...
හිමකැට සහිත නපුරු සුළි සුළං හමාවී
එහෙත් වසන්තය එනවා, සත්තකයි ...." කියලා
ඉතින් මං බලන් ඉන්නවා
මොකද දන්නවද
...
ඔයාට තරහ ගියාමත් හරියට
මේ මෝසම් වැස්ස වගේ
වහිනවා නොනවත්වා, ඉවරයක් නෑ
දැන් නම් මට.....

තවත් තෙමෙන්න බෑ
මාව අසනීප වෙලා
ඉක්මනටම මැරිලා යයි
ඉතින් එන්න......වසන්තය අරන්
එකට කල් යනවා නම්
මොහොතකට දුවල එන්න
ඔයාගේ දම් පාට....
මල් කුඩයත් අරන්.....
 
~ Mahesh4ever ~

Thursday, December 2, 2010

ඇයි ඔයා මට මෙච්චර ආදරේ කලේ... 2

ඉතින් යාලුවනේ මේක මේ කතාවේ දෙවෙනි කොටස....කලින් කොටස කියෙවුවෙ නැත්තම් මේකෙන් බලන්නකෝ.....



                       ...........ඉතින් මයිකල්ටත්, කැතිව මතක් නොවුන නෙමෙයි.එත් මොනවා කරන්නද? සමහර විට කැති එන්නත් නැතිව ඇති කියල මයිකල් හිත හදාගෙන වැඩ කලා.ඉතින් ඔහොම යනකොට මයිකල් ඉදල හිටලා වැඩ ඉක්මනින් ඉවර කරගෙන පල්ලිය ලගට ගියත් කැති ආවේ නම් නෑ.ඉතින් ආපු දුක තමන්ගේ පිරිමි හිතින් තද කරගෙන කැතිගේ මතකයන් තුරුළු කරගෙන මයිකල් යන්න ගියා.


 

මේ විදිහට වැඩි කාලයක් ගෙවිලා ගියේ නෑ.මේ අයගේ ජීවිත වල වගේම හිත් වල තිබුණු කරදරත් එන්න එන්නම වැඩි උන මිසක් අඩු නම් උනේ නෑ.ටිකක් හිතල බලන්නකෝ ජීවිතේ තමුන් ගොඩක්ම ආදරේ කරන කෙනා මොහොතකටවත් බලන්න නැති උනාම හිතට දැනෙන පාළුව මොන වගේද කියල.ඔන්න මගෙන් නම් කරුණාකරලා ඒ ගැන අහන්න එපා.........මට දෙන්න උත්තර නෑ.....



ඉතින් අහන්නකො.....

                                   එත් එක්කම අපේ මේ ආදරවන්තයෝ දෙන්න ගොඩක් අසාවෙන් බලාගෙන හිටපු දවසක් උදා වෙන බව දෙන්නටම මතක් නොවුන නෙමෙයි.ඒ එයාල ඉර සද සාක්ෂි කරගෙන ජීවිතේ පුරාවටම එකට ඉන්නවා කියල පොරොන්දු වෙලා ආදරේ කරන්න පටන් ගත්ත ඒ ලස්සන දවස.ඉතින් අතීතයේ ගතවුණා හැම අවුරුද්දකම එයාල එදාට ගොඩක් ආදරෙන් මුණ ගැහිලා තමුන්ගේ ආදරේ මතක් වෙන්න පුංචි සිහිවටනයක් හුවමාරු කර ගත්තා.ඉතින් මේ අවුරුද්දේ මේ දෙන්නටම අනෙක් කෙනාට දෙයක් අරන් දෙන්න තරම් හැකියාවක් තිබ්බේ නෑ.පොඩියට වත් දෙයක් කරගන්න හිතන්න වත් විදිහක් නැති තරම් ගෙවල් වල අග හිග කම් පිරිලා.එත් දෙන්නම දැනගෙන හිටිය මොනතරම් වැඩ තිබ්බත් තමුන්ගේ ආදරේ වටිනාම දවසේ පල්ලිය ලගට එනවා කියන පොරොන්දුව කොහොම හරි රකින්න ඕනි කියලා.



     ඉතින් කැති මේ ගැන හිතන ගමන් හිතුවා කොහොම හරි කැපකිරීමක් කරලා වෙනද වගේම මයිකල්ට තෑග්ගක් දෙන්න ඕනි කියලා.ඉතින් කැති කල්පනා කලා මොකක්ද දෙන්නේ කියලා.එයට එකපාරටම මතක් උනා මයිකල් හැමදාම හවසට වෙලාව බලන්න සාක්කුවේ ගෙන එන "ඔරලෝසු මුණ".ඉතින් එක අතේ බැදගන්න පුළුවන් වෙන්න පටි දෙකක් අරන් දෙන්න කැති හිතුවා.එත් කොහොමද ඔරලෝසු පටි ගන්න සිලිං 5 ක් හොයා ගන්නේ? කැති දහ අතේ කල්පනා කලා.......


     මේ අතරේ මයිකලුත් හිතුවා මං මොනවද කැතිට දෙන්නේ කියලා.එතකොටම මයිකල්ට හිතුන මං ගොඩක් ආසා කරන කැතිගේ දිග රන්වන් පාට කෙස්වැටිය සරසන්න කොන්ඩ කට්ටක් අරන් දෙන්න.ඉතින් එක ගන්න සිලිං 7 ක් වත් යාවි.ඉතින් ඒ මුදල හොයා ගන්න හැටි මයිකල්ට හිතා ගන්න වත් බැරි උනා...


එතකොටම මයිකල්ට දෙයක් මතක් උනා.මයිකල් සතුටින් ඉපිලිලා ඉකමනටම තමන්ගේ අදහස ක්‍රියාත්මක කරන්න හිතුවා.



ඉතින් ඔන්න අපි හැමෝම බලාගෙන හිටපු දවස උදා උනා.දවසේ වැඩ ඉවර උනා ගමන් මයිකල් හරිම සතුටින් කැතිට ගත්ත ලස්සන කොන්ඩ කට්ටත් අතේ ගුලි කරගෙන පල්ලිය ලගට ගියා.එදා පල්ලියට ගොඩක් සෙනග ඇවිත් හිටියා.එත් මොන තරම් ඇස් ලොකු කරගෙන බැලුවත් කැති පෙන්න හිටියේ නෑ.මයිකල්ගේ ඇස් තෙත් උනා.....

කාලය ගත උනා.එත් කැති නෑ.එක පාරටම මයිකල් දැක්ක ගැණු කෙනෙක් හිනාවේගන මයිකල්ට අත වනනවා.මයිකල් එයාව අදුරන්නේ නැති නිසා අහක බල ගත්තා.......ඒ ගැණු කෙනා තමුන්ගේ ලගට දුවගෙන එන බව මයිකල් ඇස් කොනින් දැක්කා.ඉතින් ඊට පස්සේ එතන ඇති උනේ මේ වගේ දෙබසක්...;

" මයිකල්......ඔයාට මාව අදුර ගන්න බැරි උනාද? "
" දෙයියනේ කැති......!! මේ ඔයාද? ඔයාට මොකද උනේ? ඔයා වෙනස් වෙලා? මොකද ඔයාගේ කොන්ඩෙ
ට උනේ...? "
" මං එක බබර්ට විකුණලා ඔයාට තෑග්ගක් ගත්තා.කියන්න...ඔයාට මගේ කොන්
ඩෙට වඩා මාව වටිනවා නේද? කොණ්ඩේ නම් ආපහු වැවෙයි...කෝ ගන්න ඔයාගේ ඔරලෝසු මුණ.මං එකට පටි දෙකක් ගේනවා.දැන් ඔයාට එක අතේ බැදගෙන එන්න පුළුවන්....
මාව බලන්න එනකොට....කෝ ගන්නකෝ ඉක්මනට... "
මයිකල්ගේ සිහිය විකල් උනා.....

" මගේ දෙවියනේ.....කැති....ඇයි ඔයා මට මෙච්චර ආදරේ කලේ....මං කොච්චර නම් ආසද ඔයාගේ කොන්ඩෙට.... "
" ඒ ගැන හිතන්න එපා මගේ රත්තරන්....මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.

 මං කොච්චර නම් ආසද මගේ කොල්ල ලස්සනට ඉන්නවට.........මේ කොන්ඩේට වඩා මට එක වටිනවා......කෝ ගන්නකො ඔය ඔරලෝසු මුණ.....
මොකක්ද ඔයා ඔය අතේ හංගගෙන ඉන්නේ...? "
" කොන්ඩ කට්ටක්....කැති....මං මගේ ඔරලෝසු මුණ විකුණලයි මේක ගත්තේ.....

මං ඔයාගේ කොන්ඩෙට ගොඩක් ආසා හින්ද...."
" මයිකල්....ඔයා...........!!  "



~ Mahesh4ever ~

සැගව ගොස් ඇය..


සුපුන් සද සේ ඇගේ සද වත සගවයි වෙසසින් ඇගේ කා...
මගේ තනිකම දුරැකරයි ඹ් සියොලගින් ඈතින් සිටා...
තෙවසරක් මා දරා සිටි යම කියන්නට මට සිත් විනා
එහෙත් තෙවසරක් මා දරා සිටි යම ඇයඳ සිටියේ...
එබැවු ඇයට නොහඟන ලෙසා.....

ඇය සමග මා ගතකල අවදිය
සොදුරු සිතුවම් සේ විනා
උදෑසන මා‍ නැගිට බැලු කල
සැගව ගොස් ඇය.. නැවතත් අහසට නොඑන ලෙසා....

     
  ඇසි පියක දැවටුවෙ....:   චාමික ගොඩගෙදර සොහොයුරා

Monday, November 29, 2010

ඇයි ඔයා මට මෙච්චර ආදරේ කලේ... 1

මේක මං කොහේදෝ තැනක කියවපු කතාවක්.මට මතක විදිහට කියන්නම්.මේක මට මෙච්චර මතක මං එක වෙලාවක කෙනෙක්ට මේක කිවුවා.කියවලම බලන්නකෝ.....,
ගොඩක් අය අහල ඇතිද දන්නේ නෑ.එත් මං ආස නිසා කියන්නකෝ.....


                                   ගොඩක් ඇත කලෙක එංගලන්තේ පිටිසර ගමක සතුන් බලාගෙන ජීවත් උන මිනිස්සු හිටපු සුන්දර ගම්මානයක් තිබ්බා.ඉතින් ඒ ගමේ මිනිස්සුන්ට ගොඩක් අගහිගකම් තිබ්බත් ඒ අය තමන්ගේ ජීවිතේ සතුටින් ගෙවුවා.එකිනෙකට උදවු කරගෙන සන්තෝෂයෙන් හිටපු මේ අය අතරේ බොහොම අහිංසක විදිහට ආදරේ කරපු පෙම්වතුන් යුවලකුත් හිටිය.පිරිමි ළමයා මයිකල්.ගැණු ළමයාගේ නම කැති.ඉතින් මේ දෙන්නගේ ආදරේ ගැන කියනකොට මට මතක් වෙන්නේ රොබින් හූඩ් සහ මැරියන් කියන අපි හැමෝම බලල තියෙන කතාවේ ඒ දෙන්නගේ ආදරේ.

කොච්චර අග හිග කම් තිබ්බත් මේ දෙන්නගේ ආදරේ නම් හරිම පෝසත්.ගමේ හිටපු ගොඩක් අය ඒ අයගේ ආදරේ දිහා බලල සන්තෝෂ උනා.ඇත්තටම එයාලගේ ආදරේ පිවිතුරු ආදරේට සංකේතයක් වගේ.......


මයිකල් බොහොම දිර්යවන්ත තරුණයෙක්.ගොඩක් මහන්සි වෙලා තමන්ගේ වැඩ කොටස ගමේ හැමෝම එක්ක සහයෝගයෙන් ඉටු කලා.හැමෝටම පුළුවන් විදිහට උදවු කලා.ඒ වගේම තමයි කැති.ගෙදර වැඩ පලට දක්ෂ ඒ වගේම හැමෝගෙම හිත දිනාගත් නිහතමානී තරුණියක්.

මේ දෙන්නට කවදාවත් හමු නොවී ඉන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.ඉතින් හැමදාම හවසට ගමේ ලස්සන කදු ගැටයක් මුදුනේ තිබ්බ පරණ පල්ලිය ලගදි මේ දෙන්න හමු උනා.ඉර බැහැගෙන යනකල් අත් වැල් පටලාගෙන කතා කරන්න,ආදරේ කරන්න,අනාගතේ ගැන හීන මවන්න වගේ ගොඩක් දේවල් මේ දෙන්නට කරන්න තිබ්බා.


මයිකල් ගොඩක් ආදරේ කලා කැතිට තිබුණු දිග රන්වන් පාට කෙස් වැටියට.හැමදාම ඔහු ගොඩක් ආදරෙන් කැතිගේ කොණ්ඩය පිරිමැද්දා.කැතිටත් මයිකල්ගේ තුරුල ඇරෙන්න වෙන ස්වර්ගයක් තිබ්බේ නෑ.මේ අයගේ තිබුණු බැදීම නිසා කැතිගේ වගේම මයිකල්ගේත් දෙමවුපියෝ දෙන්නටම ඉක්මනටම එකතු වෙන්න ආශීර්වාද කලා.මේ විදිහට එක කැදැල්ලක ජීවත් වෙන්න හීන දකිමින් ගොඩක් හැන්දෑවල් වල ඉර බැහැගෙන ගියා....


ඉතින් මං හැමදාම කියනවා වගේ ජීවිතේ හැමදාම එක වගේ නැනේ.මේ ලස්සන දේවල් වෙනස් වෙලා යන්න ටික කාලයයි ගියේ.වැරදියට තේරුම් ගන්න එපා.මේ දෙන්නගේ හිත් වෙනස් උනා කියලා.එහෙම උනේ නෑ.එත් එයාලගේ ගමට මහා දරුණු වසංගතයක් අවා.එකෙන් ගමේ මිනිස්සු ,සත්තු ගොඩක් මැරිලා ගියා.ඒක ඉවර වෙනකොට මහා දුර්භික්ෂයක් ආවා.ඉතින් මුළු ගමේම හිටපු අයට වගේම මේ දෙන්නටත් ගොඩාක් කරදර සිද්ද උනා.එත් ඒ දෙන්න පොරොන්දු උන විදිහට හවසට හමුවෙන්න නම් කවදාවත් අමතක කලේ නෑ.වෙනදා වගේ ආදරේ කරන්න බැරි උනත් තමන්ගේ හිතේ තිබ්බ දුක කරදර කතා කරන්න මයිකල්ට වගේම කැතිටත් වෙන කෙනෙක් හිටියේ නෑ ඒ දෙන්න ඇරෙන්න.ඉතින් සතුට වගේම දුකත් එකවගේ විදගන්න ඒ දෙන්න අමතක කලේ නෑ.


ඉතින් ඔයාලට හිතෙයි මේකත් කතාවක්ද කියලා......ඉන්නකෝ ඉතිරි ටිකත් කියනකල්...,,


එයාලට තිබ්බ කරදර එතනින් ඉවර උනේ නෑ.ඒක පාරටම කැතිගේ අම්ම අසනීප වෙලා නැති උනා.ඉතින් සතියක් විතර යනකල් කැතිට පල්ලිය ලගට එන්න බැරි උනා.එත් මයිකල් හැමදාමත් ඇවිත් හවස් වෙනකල්ම බලන් ඉදල ගියා.කැතිටත් මයිකල්ව මතක් නොවුන නෙමෙයි.එත් මොනවා කරන්නද? ඉකමනටම මේ දේවල් පිළිවෙලක් කරලා මයිකල්ව හම්බ වෙන්න යන්න තමයි කැති හිතාගෙන හිටියේ.....

ඒ වෙනකොට ගොඩාක් අගහිගකම් නිසා මයිකල්ටත් ගොඩාක් රැ වෙනකල් වැඩ කරන්න උනා.ඉතින් මයිකල්ටත් පල්ලිය ලගට යන්න බැරි උනා.එත් එදා කැති මයිකල්ව බලන්න පල්ලිය ලගට ගියා.මයිකල් එනකල් ඇස් රිදෙනකල් බලන් හිටපු කැතිට අතීතයේ ගොඩාක් සුන්දර දේවල් මැවි මැවී පෙනුනා. රැ උන නිසා කැති ඇස් කදුලින් තෙත් කරගෙන ගෙදර ගියා.මේ විදිහට දවස් 2 ක 3 ක් ගතවුනා.කැති පල්ලිය ලගට යන ඒක නැවැත්තුවා............!!


[ දිග වැඩි උන නිසා ඉතිරිය 2 වෙනි කොටසින් කියන්නම්කො... ]

2 වෙනි කොටස..:  ඇයි ඔයා මට මෙච්චර ආදරේ කලේ... 2

~ Mahesh4ever ~

Wednesday, November 24, 2010

මට හිතෙන්නෙත්, මම හිතන්නෙත්.....!!

 නවත්තන්න ඕනි...මේ හිතන එක
ඇත්තටම හොයාගන්න බැරි
හිතනවද....? හිතෙනවද...? කියන එකයි...
මේ දෙකේ වෙනසක් තියෙන බව නම්
මට හිතා ගන්න අමාරු නෑ
මේ දෙක මොකක් උනත්
නවත්තන්න අමාරුයි වගේ
කවුරුද මන්ද කියනවා මතකයි
මිනිස්සු එකිනෙකාට වෙනස් වෙන්නේ
හිතන විදිහෙන් කියලා
එත් මට නම් හිතෙන්නෙ
අමාරුවෙන් හිතල හිතල
මිනිස්සු ලෝකය වෙනස් කරන්න හැදුවට
මට නම් මේ හිතන එක
හිතාගන්න බැරි ප්‍රශ්නයක් වෙලා
කියවන අයට හිතෙයි, නැත්තම් හිතයි
මුට නම් පිස්සු කියලා
මං දන්නේ නෑ
මම හිතන විදිහෙයි, මට හිතෙන විදිහයි
වැරදිද කියලා....
මං මොනවා කරන්නද?
මං දන්නා එකම දේ
මට හිතෙන්නෙත්,මම හිතන්නෙත්
එකම දෙයක් විතරයි....
 දෙයියනේ...ඒ ඔයා ගැන....!!

~ Mahesh4ever ~

Sunday, November 21, 2010

මුළු ලෝකෙ ගැනම හිත හිතා ඉන්න බෑ




මම අරුණි දිහා බැලුවා. එයා කවුළුවෙන් එහා පැත්තේ ඈතින් පේන කදු දිහා බලාගෙන ඉන්නවා. ඒ කදුමුදුන් උඩින් ගලාගෙන, මීදුම් බිංදු අරගෙන එන සුළග අපි දෙන්නව සීතල කරගෙන ඈතට යනවා.ඒ සුළග ඇතුලේ කොයිතරම් ආදරයක් හැංගිලා ඇද්ද.....? ඒ ආදරේ සුළගත් එක්ක පාවෙලා යන්නේ නැතිව අපි දෙන්න ලගම දැවටී, දැවටී තියෙනව නම් මම ආසයි. එත්..., අපි ආසා කරන දේවල් ඒ විදිහටම ලබා දෙන්න තරම් මේ ලෝකේ ලස්සන නෑ නේ....


" අරුණි....., ඇයි ඔයා කතා නැත්තේ...? "

" මට කතා කරන්න වචන නෑ මාලින්ද...., මම කවමදාවත් හිතුවේ නෑ ආදරේ මේ තරම් ලස්සනයි කියලා. අම්මල තාත්තල පවා මට ආදරේ නැතුව, මගේ හිත තේරුම් ගන්නේ නැතිව ඉන්නකොට ඔයාගේ ආදරේ මට කොච්චර වටිනවද කියල ඔයාටවත් තේරෙන්නේ නැතුව ඇති මාලින්ද.... "

" මටත් ඊට වැඩි වෙනසක් නෑ අරුණි..., මම අනන්තවත් කෙල්ලන්ට විහිළු කරලා ඇති, ලං වෙලා ඇති, එත් හිත ආදරේ කලේ ඔයාට විතරයි. මට ඒක කියා ගන්න බැරිව කොයි තරම් දුක් වින්දද....? "

" දැන් ඒවා ඉවරයිනේ. මම හැමදාමත් ඔයා ලග ඉන්නවා. කිසිමදාක මාව තනි කරන්න එපා මාලින්ද...., මාව මැරිලා යයි. අපි දෙන්න ඉස්සරහ කොයි තරම් ප්‍රශ්න තියෙනවද...?, ඒවාට උත්තර අපිම හොයා ගමු. මට දැන් තේරෙනවා මාලින්ද.... ආදරේ කරද්දී මුළු ලෝකෙ ගැනම හිත හිතා ඉන්න බෑ. ගොඩක් දේවල් ඒ හින්ද කැප කරන්න වෙනවා. ඔයා මගේ ලග ඉන්නවා නම්, මට ඕනෙම දුකක් දරා ගන්න පුළුවන්.... "


අරුණි මගේ උරහිසට ඔළුව ඔබා ගත්ත. මගේ හිතුවක්කාර ඇගිලි තුඩු, ලතාවකට වගේ එයාගේ හිසකෙස් අතරේ දිවුවා. මගේ ජීවිත කලේ පුරාම හොයපු ඒ උණුසුම...., දැන් මගේ පපුවට දැනෙනවා. අරුණි අක්කගේ සුවදත් මගේ හදවත ඇතුලේ පැතිරිලා ගියා. අපි දෙන්නගේ හදවත් ගැහෙන්නෙත් එකම වේගෙට..., 
ඇස් පියාගෙන ඉන්න අරුණිගේ ලස්සන.....

                                                                   
 

පණ්ඩිතයෝ මොනවා කිවුවත්,

ඉස්කෝලේ යන කාලේ ආදරේ කවමදාවත් අමතක කරන්න බෑ. හිත ආදරෙන් පිරෙන්නේ ජීවිතේ එකම එක වතාවක්, එකම එක්කෙනෙක් හින්දා විතරයි. ඒ ආදරේ සැගවුනත් හිත වෙනින් දෙකට ලං වෙන්නේ නෑ. කුළුදුලේම හිත ඇතුලේ පුදින ලෙන්ගතුකම අයිති එකම එක කෙනාටයි. ඒ හිත බිදුනොත්...., හිත ආදරෙන් සතපපු කුළුදුල් ආදරේ හිත ඇතුලේ හංගගෙන. මම හැමදාමත් අඩනවා. සත්තයි.....




අරුණි එකපාරටම ගැස්සිලා වගේ මගේ ඇගිලි තුඩු මිරිකා ගෙන මගේ ඇස් වලට එබිකම් කළා.
අපි දෙන්නගෙම ඇස් වල කදුළු............................................


[ යාලුවනේ කියවල නැත්නම් කියවල බලන්න. මං කියවපු සිරාම, හිතට වදින නවල් එකක්. මේක කියවල ආපු ෂොක් එකට සතියක් විතර අප්සෙට් එකේ හිටිය කියලා නම් මතකයක් තියෙනවා..... මගේ යාළුවොත් ඉන්නවා එහෙම උන. දන්නැද්ද ඉතින්, ඉස්කෝලේ යන කාලේ මේ වගේ දේවල් සැහෙන්න හිතට අරගෙන නේ කියවන්නේ. සමහර විට මගේ ආදරෙත් මේ අදහස් එක්ක ලස්සන වෙන්න ඇති. කියවන්න කැමති අය‍ට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් e book එක ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න පුළුවන්....මොනවා උනත් ලියපු කෙනා ඉස්කෝලේ ජීවිතේ අත්දැකීම් ගැන පපුවටම කතා කරලා තියෙනවා...]

ඩවුන්ලෝඩ් කරගන්න : සුළග වගේ ඇවිදින්...

ඇසි පියක දැවටුනේ....: සුළග වගේ ඇවිදින්- දිනේෂ් කොලඔගේ [පිටු 154/55]

Saturday, November 20, 2010

රෑට පිපෙන කඩුපුල් මල්............!!




තරු පායන්නැති ගණදුරු අහසක
නිවි නිවි දැල්වෙන තරුවක් තිබුණා...


අදුරින් බේරී පොළොවට හැලෙනා
කදුළු ගගක් ඉන් වැහෙනු දුටුවා...


කදුලු පිසින්නට සදවත් ඇවිදින්
හිස අතගා සනසනු ඇති සිතුවා...

තරුවේ තනිකම තනියම විදගෙනගෙන
ලොවම එළියකර රහසේ හැඩුවා...










         පිණිබිදු විසිරෙන අරුණට පිබිදුන
         මල් පෙත්තක් අග කදුලක් තිබුණා...


         හිමිනැති කදුලක නුපුරුදු උණුහුම
         සියොළග සලිතව පෙතිමත රැදුනා...


         හිත් යාවුනු දින වෙන්වණු නොහැකිව
         අසම්මත පෙමක තරුවක් බැදුණා...


         ඉන්පසු සුසිනිදු කඩුපුල් මල් පෙති
         තරුවක් වෙනුවෙන් හැම රෑ පිපුනා...


     
   ඇසි පියක දැවටුවෙ....:   ඉරේෂා විජේසිංහ සොයුරිය

Monday, November 15, 2010

මං දැනගෙන හිටිය, ඔයා බොරුකාරයෙක් කියලා...


 " කෝ ඔයා උණ බට,උක් ගස් ගොඩාක් අරන් මාව බලන්න එනවා කිවුව නේද...? "
 " ඒකද මේ මග බලාගෙන හිටියේ...අනේ රත්තරන්...උණ බට, උක් ගස් නම් අමතක උනා...එත් මං ආවනේ.. "
 " එත් ඔයාට මං මග බලන් ඉන්නවා කියලා අමතක වෙලා...නැත්තම් ඔයා විතරක් ඒවිද? "
 
 " දෙවියනේ මං කොහොමද ඔයාව අමතක කරන්නේ...ඔයා ඇරෙන්න අනික් දේවල් අමතක උනා. " 
 " මගදී වත් මතක් උනේ නැද්ද...? මං මේ අහන්නේ ගෙනාවේ නැතිවට නෙමෙයි හොදද...? " 
 " මගදී මතක් උනා...!! එත් ආපහු හැරෙන්න හිත දුන්නේ නෑ...ඔයත් එක්ක ඒ මොහොතත් ඉන්න පුළුවන්නේ. " 
 " මට මුකුත්ම නැතිවට කමක් නෑ...ඔයාව මට තේරෙනවා... " 
 " මං දන්නවා ඔයා මාව තේරුම් ගනීවි කියලා...එත් කියන්න පොඩ්ඩක්වත් දුක හිතුනේ නැද්ද? " 
 " නෑ මගේ හිත බලන් හිටියේ ඔයා එනකල් විතරයි...ඔයා ආවා මට ඒ ඇති... " 
 " ඔයා දන්නවනේ පැන්ඩෝ.....මං ඔයාට ජීවිතේට කවදාවත් එක බොරුවක් වත් කියලා නෑ කියලා "
 " අපෝ....මං නොදන්නා ඔයා...ඔයා කට ඇරියොත් මට කියන්නෙම බොරුමයි "
 " ඒ ආදරේටනේ.....එහෙනම් දුවල ගිහින් බලන්න මං ඔයාට ගෙනාවේ මොනවද කියලා "
 " පිස්සා....මං දැනගෙන හිටිය ඔයා මහා බොරුකාරයෙක් කියලා.... "
 " දැන් වත් තේරුනාද මට ඔයාව අමතක වෙන්නේ නෑ,හැම තිස්සෙම හිතනවා කියලා..... "
 

[මං දන්නවා දෙයියනේ....එකනේ කොච්චර අඩුපාඩු තිබ්බත් යන්න හිතනකොට මගේ හිත ගැස්සෙන්නේ....මං නැති උනොත් මේ පිස්සා මැරෙයි...]

~ Mahesh4ever ~

Sunday, November 14, 2010

අපි හැමෝටම හොරෙන්...

 
 පාළු වසන්තයේදිත්
 සොදුරු ගිම්හානයේදිත්
 කාටත් හොරෙන්....

 මේ විලෝ ගස්
 අඩන්න ඇති......
 මල් පාර පාළු වෙද්දි
 අතැගිලි ලිහී ගිලිහෙද්දී
 කදුළු සලමින්

 විලාප දෙන්න ඇති.......!!




සරසවි ප්‍රේමය ගැන හොදින්ම දන්නේ මේ "විලෝ ගස් " කියලා, මට හිතුනා.........

[මේ අපේ කැම්පස් එකට යන මල් පාර දිගේ ඇවිදගෙන යද්දී මට හිතුන දෙයක්....]
  
ඇසි පියක දැවටුවෙ....:   ඉරේෂා විජේසිංහ සොයුරිය

Friday, November 12, 2010

මගේ සිතේ මල් පිපුනට.....

     
        මගේ කදුළු ගංගාවට
        ඔබේ සිනා රැස්  වැටුනට
        සිතේ තියන වේදනාව
        දරා ගන්න බෑ

        ඒ වුනාට ඔබේ නමින්
        මගේ සිතේ මල් පිපුනට
        ඒ මල් වල සුවද ඔබට
        බරක් වෙන්නේ නෑ

        හඩා වැටෙන හදවතකට
        ප්‍රර්ථනා පූජා කල
        ඔබේ නමින් කවදාවත්
        දුකක් වෙන්නේ නෑ

        මුවට සිනා රැලි නැගුනට
        ගිලිහි ගිය අත් වැලකට
        පාරමිතා පිරු මගක
        පිය සටහන් නෑ.....

 

 

ඇසි පියක දැවටුවෙ....:   ප්‍රින්සි ශාමලී ප්‍රේමරත්න සොයුරිය

Wednesday, November 10, 2010

මට වගේම ලෝබ හිතේවි...

මොන තරම් අඩුපාඩු තිබුනත්
අපේ ආදරේ ලස්සනයි නේද ?
ඔයාට ඒක දැනේවි...
මං දන්නවා ඔයා මට ආදරෙයි
ඔයාට වෙන කෙනෙක්ගේ
උරහිසට බර වෙලා
නිදියන්න බැරි වේවි...

වෙන පපුවකට......,
උණුහුමකට තුරුල් වෙන්න නම්
කවදාවත්ම බැරි වේවි...
ආදරෙන් ඉබින්න
ඔය කම්මුල් දෙන්න බැරි වේවි...
ඔයාට මාව මතක් වේවි ,
මට වගේම ලෝබ හිතේවි
මැරෙනකල් හිත රිදේවි...
ඒ ගැන මං තරම් දන්නා

වෙන කෙනෙක් නෑ රත්තරන්...!!
ඔයාව මට වටිනවා වගේම
කවදාවත්ම ඔයාට තනි වෙන්න
නම්
මං ඉඩ දෙන්නේ නෑ...
ඔයා දන්නවද ?
ඔයා ඇගිලි පැටලෙන්නේ
මගේ අත්වල විතරමයි කියලා...!!

~ Mahesh4ever ~

Tuesday, November 9, 2010

මතකය සිප සනසවන්නට නම්....

මතකය නම් වූ සොදුරු සෙවනැල්ල
සිප සනසවන්නට නම්
ආපසු හැරී බැලිය යුතු වේ...


ඒ උවද,

අතීතය සනසවමින්....අනාගතයද
සනසවන්නට වෙර දරන්නෝ
අතීතයේ වෙති,වර්ථමානයේද වෙයි


අතීතයේ සුවද දී අනාගතයේ

සැමරුමක් වන අයද  සිටි...

මගේ දිවියේ සොදුරු සිහිනයක

වැට කඩොලු බිදිමින්
මගේ හද විවර කල
මේ සමරුවෙහි...

කුරුටු ගෑමට
අතීතයටද....අනාගතයටද....
          අවසර !!

Monday, November 8, 2010

කොහොම ස්තුති කරන්නද මන්දා?

    
    ඉමක් කොනක් නොපෙනෙන

    ආදරයෙන් පිරි


    ඔබේ හද තුල


    රැදෙන්නට ඉඩ දුන්නට


    බොහොමත්ම ස්තුතියි....


    ඔබ හට


    ආදරණීය නැගණියනි,


    ඔබට සුබ අනාගතයක්...!!



  
 ඇසි පිය කාචයේ දැවටුනේ....: කැලණිය විශ්වවිද්‍යාලයේ....සරුංගලයේදීය.

පෙම් හීන බැන්දාට...

නෞකා
සයුර කලඹා
දියේහි ඇදෙනා 
වෙරළ නොබලා

ආදරයේ සිහිනයෙන් මා මිදී
ජිවිතේ සාගරේ පාවුනා
පෙම් හීන බැන්දාට-සිතිජ ඉමේ තනි වුනා

නපුරුයි සුපෙම් හීන
මගේ හිත මට නැති වුනා

මල් තලාවේ මා ලගින් ඈ හිද
මං මුලාවී වසන්තේ තනි වුනා
ළැව් ගින්න සේ ඇවිලුනා

සුන්බුන් වු පෙම් මතක
සයුරේ බිදී හිනහුනා


ඇසි පියක දැවටුවෙ....: උපුටා ගැනීමකි [ඉරේෂා විජේසිංහ සොයුරිය විසිනි]

Saturday, November 6, 2010

මා සිහි නොවන්නට ඇති...



           "මා හැරෙන්නට සුබපැතුම් ,
            සියල්ලන්ගෙන්ම ලැබෙන්න ඇති...
            ඒ සුබ පැතුම් මැද ,

            මා සිහි නොවන්නට ඇති...
 


 










                පමා උනේ ඇයිදෝ ,
                ඔබ සිතින් සිතන්නැති...
                සමා වෙනු ඔබේ පුතුට ,
                දිව එන්න නොහැකි සැටි..."





සදාදරණිය අම්මේ , ඔබට සුබ උපන්දිනයක්.....!!

[ මගේ අම්මට වගේම මං ගොඩාක් ආදරේ කරන තවත් අම්ම කෙනෙක්ගේ උපන් දිනයකට, දුර ඈත රටක තනිවෙලා ඉන්නකොට තිබ්බ අසරණකම් මැද්දේ උපන්දිනය දවසෙම සුබ පතන්න බැරි උන නිසා ඒ බව දන්වල මං ලියල යවපු SMS කවියක් තමා මේක....අපේ ජීවිතේ ගතවෙන දවස් එකකට එකක්, කොච්චර නම් වෙනස්ද? ]

~ Mahesh4ever ~

Friday, November 5, 2010

දැන් හිතට හරි නේද?


"මං හිනාවෙලා විහිලු කරලා ඉන්න උත්සහ ගන්නේ,මේ සේරම අමතක කරලා සතුටින් ඉන්න බව පෙන්වන්න.එත් එක එහෙම උනේ නැහැ ." 

ඇතුලත අන්ධකාරයෙන් පිරි ජීවිතය ගැන කල පාපොච්චාරණය මම නිහඩව අසා සිටියෙමි.

"ඇමෙරිකාවේදී මට අවශ්‍ය හැම දෙයක්ම තිබුණා.එත් මගේ ජීවිතයේ මොකක්ද අඩුවක් දැනුනා.හරියට ඇතුලතින් මං මැරිච්ච මිනිහෙක් වගේ."

"එතකොට චීනෙට ආවේ මොන වගේ දෙයක් බලාපොරොත්තුවෙන්ද? " මම ඇසුවෙමි.

"අලුත් ජීවිතයක්.එත් අර පරණ දුක් වේදනා හා හිස් බව මාත් එක්ක අවා.ගැලවීමක් නෑ.මං බෞද්ධයෙක් නම් හිතන්න තිබුණා,මං පෙර ආත්මයක කරපු පාප කර්මයක් පල දෙනවා කියලා."


ඔහුගේ පාපොච්චාරණය අවසන් වූ මොහොතක නිහඩ බව පැතිර ගියේය.

ඔහු කවුළුවෙන් ඈත තරු නැති අහස දෙස බලා සිටියේය.ඔහු අසලට ගොස් ඔහුගේ උරහිසට අත තබාගෙන සියලු දුක් වේදනා අවසන් වී හැම දෙයක්ම හොදින් සිදු වෙන බවත්, අප බලාපොරොත්තු නොවූ පරිදි ඉරණම වෙනස් කල හැකි බවත් පැවසීමට මට අවශ්‍ය වුවද මම එසේ නොකලෙමි.


"මේ සේරම දේවල් කියලා ඔබේ හිතට අමුතු බරක් පැටවීම ගැන මට කණගාටුයි "

ඔහු ජනේලයෙන් නෙත් ඉවතට ගෙන මා දෙස බලා පැවසුවේ සිනාසීමට උත්සහ කරමිනි.

"මගේ පෞද්ගලික ප්‍රශ්න ඔබ එක්ක බෙදා හදා ගන්න විතරයි,මට ඕනි උනේ"

 එසේ කී ඔහු කම්පුටරය ලගට ගොස් එහි යන්ත්‍රය නැවත්ත්වී ය.ඉන්පසු ඔහු දොර හැර විදුලි පහනද නිවා දැම්මේය.අනතුරුව අපි ශාලාවට අවතීර්ණ වීමු.



මා සමුගැනීමට සුදානම් වීමත් සමගම ඔහු ඇගිලි තුඩුවලින් මගේ හිස පිරිමැද මගේ කම්මුලට අත තබමින් මෙසේ කිවේය.

"ඔබ දන්නවා.ඔබ හුගක් ලස්සනයි.ඔබ දැන් සිටම මගෙන් ඈත් වෙලා ඉන්න.සමහර විට මං ඔබව අසතුටට පත් කරාවි.එහෙම නැත්තම් අපි කරදරයට පත් වේවි.එවිට ඔබ මට වෛර කරවී."
ඔහු කී දෙයට මම ප්‍රතිචාර නොදැක්වීමි.
 

"දැන් හිතට හරි නේද? " මම පියගැටපෙළ බැස
ආපසු හැරෙන තැන දී ඔහුගේ අත ගෙන ඇසුවෙමි.

"ටිකක් නිදා ගත්තම හරි යාවි" ඔහු මගේ පිටට තට්ටු කරමින් කිවේය.

අනතුරුව මට සුබ රාත්‍රියක් පැතු ඔහු හෙමින් හෙමින් ආපසු පියගැට පෙළ නගින්නට විය.ආපසු කාමරයට පැමිණි මම බොහෝ වෙලාවක් යනතුරු ඔහු කී දේ මෙනෙහි කරන්නට වීමි.

"මේ වගේ විශ්වාසවන්ත හදවතකට මම කොහොමද තවත් ද්‍රෝහී වෙන්නේ " මම මටම කියා ගතිමි.

මොහොතකට පසු මම කොලයක් සහ පෑනක් ගෙන මගේ සැමියාට කෙටි ලිපියක් ලියන්නට වීමි. 


"මට ඔබ නැතුව බැහැ, ඉක්මනට ගෙදර එන්න................."


ඇසි පියක දැවටුනේ....: රතු සෙබළිය-2002 ,අනුවාදනය - අනුලා ද සිල්වා [පිටු 153/54]
                           [Daughter of China by Meihong Xu & Larry Engelmann]

Thursday, November 4, 2010

කියමි සිතට හොරෙන්...

කදුලු කොපුල් මත ගලනා
විටෙක සිනා සෙමින්
ඔබෙ සුසුමේ සුව දැනුනා
හිතට ඉතා ලගින්

මල් පොකුරක් අතට අරන්
සුවද සිඹින ගමන්
සුවද නැතැයි කියනු කෙලෙස
සුමුදු පහස දරන්

කදුලු කොපුල්.../
 
අතැගිලි බැද මංමාවත්
පුරා ඇවිද ගිහින්
නිදහස ඔබ නොමැති කමයි
කියමි සිතට හොරෙන්

කදු
ලු කොපුල්.../

~ Mahesh4ever ~

Wednesday, November 3, 2010

කාලය මොහොතක්වත් නොනවතින නිසා..

 
කාලය මොහොතක් නවතී නම් සදහටම
උදා වන හෙට දිනක
අපි අපිට සමු දේ නම්
පසු වුන පෙර දිනක
අපි අපිට හමු වූ තැන
කාලය මොහොතක් නවතී නම් සදහටම

කාලය මොහොතක් නවතී නම් සදහටම
දුක් බර හෙට දිනක
කඳුළු බිඳු වැටේ නම්
සතුටු වූ පෙර දිනක
සිනහ පොදි පිරුණු තැන
කාලය මොහොතක් නවතී නම් සදහටම

කාලය මොහොතක් නවතී නම් සදහටම
ඔබ නොමැති හෙට දිනක
තනිව මේ මග යා නම්
ඔබ සමග පෙර දිනක
එක්ව පිය නැගු මාවතක

කාලය මොහොතක් නවතී නම් සදහටම
 


 


කාලය මොහොතක් නවතී නම් සදහටම
උණුහුමක් නැති හෙට දිනක
සීතලට ලං වෙන්න
සීතල පෙර දිනක
උණුහුමට ලං වූ තැන
කාලය මොහොතක් නවතී නම් සදහටම

කාලය මොහොතක් නවතී නම් සදහටම
බලාපොරොත්තු නැති හෙට දිනක
සිහින වලට ඉඩ දෙන්න
සිහින පොදි එක්කරන්
බලාපොරොත්තු ගොඩනැගු පෙර දිනක
කාලය මොහොතක් නවතී නම් සදහටම

කාලය මොහොතක් නවතී නම් සදහටම
....



ඇසි පියක දැවටුවෙ....: උවිදු විදුර සහෝදරයා

Tuesday, November 2, 2010

ආදරේ නිසා වෙන්න ඇති....



ඔය ඇස් වලට අදරේ කලේ..
ඔය හිනාවට අදරේ කලේ..
ඔයාව මගේම කර ගන්න
දුක සතුට ඔයත් එක්ක
බෙදා ගන්න...හිතාගෙන
 

එත්......, ඔයා මගෙන්
ඈත් උන දවසෙ ඉදන්
ඒ දුක මන් 
තනියෙම විදින්නෙ...
මන් තමත්...ඔයාට අදරේ නිසා




                                 කාත් එක්ක, කොහේ හිටියත්
                                 ඔයා සතුටින් ඉන්නවනම්..
                                 ඒ තරම් වෙන සතුටක්,
                                 ඒ තරම් වෙන නිවනක්,
                                 මට තවත් නෑ...
                                 ඒ ඔයා මගෙ පණ නිසා
                                 මන් ගොඩාක් ආදරේ නිසා....

~ Mahesh4ever ~

මම දන්නෙ එච්චරයි...


පිස්සි....ඔයට මතකද?
මන් ඔයාව මුලින්ම සිප ගත්ත දවස
මීට අවුරුදු ....ට කලින්
එක පොසොන් පෝය දවසක
ලයිට් ගිය වෙලාවක
ඔයගෙ කාමරේ ඇතුලෙ
දොර අයිනෙ..කරුවලේ
හැමෝටම හොරෙන්
හයියෙන් බදාගෙන....මතකද?
මට තාමත් මතක් වෙනකොට
එදා වගේම පිස්සු හැදෙනවා
තාමත් ඒ හැගීම දැනෙනකොට
ආදරේ උතුරනවා...
ඉතින් එ ආදරේ ඔයාට විතරමයි...
තව කෙනෙක්ට ලන් වෙන්න බෑ මට
මන් ජීවත් වෙනවා
එත් ඔයා නැතිව මන් ගෙවන්නෙ,
ජීවිතයක් නෙමෙයි...
ඔයා මගෙන් ඈත් උන දවසේ, මම මැරුණා
එත් ඔයාව කවදාවත්...
දාල යන්න හිතාගෙන නෙමෙයි
ඔයා එවි කවදාහරි
මම දන්නෙ එච්චරයි...

~ Mahesh4ever ~

Monday, November 1, 2010

මේ ආදර පොරොන්දුව අහන්න...



මේ සිද්දවෙන හැම දෙයකම මට දුක හිතෙන දෙවල් තිබුනත්....
මං ඔයට මුලු හිතින්ම අදරේ කල නිසා,
මට දැනෙන පුංචි පුංචි දේවල් ගැන හිතල මං ගොඩාක් සතුටු වෙනවා....
මං දන්නවා...ඔයාටත් එහෙම ඇති කියලා
මගේ පපුවෙ උණුහුම හෙව්ව පුංචි කෙල්ලට,
ඒ හැගීම අමතක වෙන්න විදිහක් නෑ...කවදාවත්ම
වෙන්න පුලුවන් නරකම දේ.....ඔයා මට නැති වෙන ඒක
ඉතින් ඒ ආදරේ රැක ගන්න මං මට පුලුවන් හැම දේම කරනවා........සත්තයි
ඔයා මට ගොඩාක් වටිනවා...
ආයෙත් මං ඔය ඇස් තෙත් වෙන්න දෙන්නෙ නෑ.....
මට බෑ වෙන ලෝකයක් ගැන හිතන්න

~ Mahesh4ever ~

නුඹ මට සිහිනයන් ගෙන නාව නම්.....




 කඳුළ නුඹ වරැසාවක් වී
විටක මා සිත තෙමාලූවද...
සුසුම නුඹ මහ නියඟයක් වී
විටක මා සිත විඩාබරවයි
නොඉඳුල් ව පොදිබැදි සිහින තරු කැට
දිලිසී නමුදු මට නො ලැබේ නම්...
අහස් ගැඹ නුඹ වසාලන් මා සිහිනයන්
නේක විදි තරු පංතියන්
බොඳ කර සිහිනයන්
තනි කර තරු මලුත්
මගේ සඳ නුඹ සැඟව නො යනු මැන
සිහිනයේ මුලකුරැ අරන්...
මැවු සිතුවම්, ලියූ කවි වැල්
නිමැවුයේ මා පමනි නම්...
නොවේ මට මේ තරම් ලතැවුල්
නුඹ මට සිහිනයන් ගෙන නාව නම්...

ඇසි පියක දැවටුවෙ....: චාමික ගොඩගෙදර

හොද හා නරක මිනිසුන්



නරක මිනිසුන් නිසා....සෑම විටම  හොද මිනිසුන් දුක් විදිති.

හොද මිනිසුන්ට වඩා නරක මිනිසුන්, සෑම විටම දක්ෂ වෙති.
ඔවුන් ඉක්මනින් දියුණු වෙති.

එහෙත් අවසානෙය් සෑම විටම,
බලෙපාරොත්තු නොවු දෙයක් සිදු වී නරක මිනිසුන් පරාජය ලබති.

හොද මිනිසුන්,.........
                " ජය ලබති "

 

 

 


ඇසි පිය කාචයේ දැවටුනේ....:  ගම්පහ ,දේශීය ආදායම් බදු කාර්යාලයේදිය..

Saturday, October 23, 2010

මම තරමි නෑ කවදාවත්...

ඔයාට තේරේවි
හැමොම මන් වගෙ නෑ කියලා....
ඔයගෙ ලස්සනට,
ඔයා ලගට එන හැමොම, ඔයාට..
ඔයාගෙ ජීවිතේ මන් තරම් වත්
නොදෙන බව...තේරේවි
ඔයාගෙ ඔය ලස්සන හිනාවෙන්,
ඒ අය මන් තරම් වත්
සැනෙසන්නෙ නැති බව,
ඔයාට දැනේවි....
හීන ලොක ඔයා ඉස්සරහ මැව්වට,
ඒ අයට මන් තරම් වත්..
ඒ හීන ඔයා වෙනුවෙන්..හැබෑ කරන්න
ශක්තිය නැති බව
ඔයාට දැනේවි....
මන් තරම් ආදරෙන්..ඒ අය
ඔය නලළ සිප නොගන්න බව,
ඔයාට දැනේවි....
ඔයාව හැමදාමත්..මට තරම්
එයාලට නොවටීවි
හිතන්න....

~ Mahesh4ever ~

Thursday, October 21, 2010

පසු වු පෙරවදන...


අමාවකට තරැ ගනින්න
මහ වැස්සේ කවි ලියන්න
සිහින ලොවෙ සැරි සරන්න
ඇය වෙනුවෙන් තව අඩන්න
නෙතට ලගින් ඉද
කදුල දරාගත්...
ඔබගේ.....,
" ඇසි පියක මහිමය "
අපූරැය....

ඇසි පියක දැවටුවෙ....: ඉරේෂා විජේසිංහ සොයුරිය

Sunday, October 17, 2010

ඔයාට තේරෙන්නෙ නෑ මගෙ හිත....


" මන් හදිස්සියෙ මැරුනොත් ඔයා මොකද කරන්නෙ...? "
" වෙන කෙනෙක් කසාද බදිනවා.. "
" මොඩයා.... "
" ඇයි මෙ පුප්පගෙන "
" මගෙ හිත ඔයා ගොඩාක් පෑරැවා.....මාව එච්චර ඉකමනට අමතක කරන්න ඔයාට පුලුවන්ද...? "
" කවුද කිව්වෙ ඔයව අමතක කරනවා කියලා...ඔයා කැමතිද මන් මෙ ලොකෙ තනි වෙනවට... "
" එකට විසදුම වෙන කෙනෙක්ව බදින එකද? "
" එහෙනම්...මන් මොනවද කරන්න ඔනි... "
" මන් දන්නෙ නෑ....ඔයගෙ කැමත්තක්... "
" ඇයි එහෙනම් තරහ ගත්තෙ... "
" ඔයාට තෙරෙන්නෙ නෑ මගෙ හිත....බදිනව උනත් මන් අහපුවම එහෙම මුනට කියනවද? "
" මන් හිතුවෙ ඔයා වෙනුවෙන් තව අසරණ කෙනෙක්ට ජීවිතයක් දෙන්න... "
" එ මොකටද..?? බොදිසත්වයෙක් වෙන්නද...? "
" අපො නෑ...නිකමට හිතුවෙ... "
" කොහොමත් අපි බැන්දත් මන් තමයි මුලින්ම මැරෙන්නෙ..... "
" එ ඇයි...? මටනෙ එතකොට අඩන්න වෙන්නෙ "
" ඔය බොරැ...ඔය කිවුවට ඔයා දරා ගනිවි... "
" අනෙ මන්දා හිතන්නත් බයයි... එත් අැයි ඔයා.... "
" මට ඔයා මැරිල ඉන්නව බලන් ඉන්න බෑ....පොරොන්දු වෙන්න....ඔයගෙ අත් දෙකෙන් මගෙ අවසන
  කටයුතු කරනව නෙද..?? "
" මට පිස්සු හැදෙවි... "
" ඔයා කොහොම හරි දරාගන්න ඔනි... "
" එත් කොහොමද?..... ඔයාම කියන්න... "
" අම්මා එනවද කොහෙද....? තියන්නම් පැටියො...උම්මා "
  බීප්....බීප්....බීප්.....
~ Mahesh4ever ~

පුන් පොයකටවත්..... සිල් ගත්තේ නැති උනාට...

වෙසක් බලන්න යනව ඇරෙන්න .....කිසිම ප්ලෑන් එකක් තිබ්බෙ නැති මොහොතක,
මෙ අදහස දුන්නෙ සුසමන් සහොදරය තමයි....
එයගෙ වටින අදහස මල් පල ගන්වන්න ගොඩක් යාලුවො එකට එකතු උනා...
මගෙ නම් වැඩි සම්මාදමක් නෑ ඉතින් විභාග තිබ්බ නිසා...එත් අමතක කරන්න බැරි මතකයක් උනා
මෙ අමිස පූජාව, අපි හැමොටම.....


 


දවල්ට කරන්න දහසකුත් වැඩ තිබ්බත් මෙ උතුම් කටයුත්ත වෙනුවෙන් රෑ එළි වෙනකල් වෙහෙස වෙන්න අපි හැමොටම වගෙ හිතේ හයිය ඔනවටත් වඩා තිබ්බ..

 අපිව රෑ තිස්සෙ ඇහැරවලා තිය ගන්න උදව් කල Hiru FM එකේ  "පටි රොල් " ප්‍රොග්‍රෑම් එක තමත් මතක් වෙනවා අැති ......හැමොටම


ඉතින් මෙ වඩෙ සාර්ථක කරගන්න අපි හමොගෙම දෙමාපියො අපිට ගොඩක් සහය උනා.....

කාගෙවත් නම් කියන්න,ලියන්න අදහසක් නැති උනත් අපේ ඉරොෂන් සොහොයුරගෙ අම්මා වගේම අපිට බැන බැන අපි පස්සෙන් හිටපු...තමුන්ගෙ වැඩ පාඩු කරගෙන, අපෙ වැඩෙ මෙහෙයවපු  
අනුරැද්ධ අයිය මතක් නොකරම බැ....


අන්තිමට වෙසක් පොය දවසේ කොහොම හරි අපෙ කුඩුව අපි පෙන්නුවා..
අඩුපඩු නොතිබ්බ මත් නෙමේ.........එත් අපි හිතුවටත් වඩා ලස්සනට කෙරැනා.....



ලහිරැ සොහොයුරා එයාගෙ ෆොටො පොතේ මෙක නම් කරල තිබ්බෙ " Power of Friendship " කියලයි.........ඒක නම් කදිම නමක් කියලයි මට නම් හිතුනෙ..

 
.

තවත් එක දෙයක් නම් අමතක කරන්න හිතෙන්නෙම නැ...
මන් නිදි මරාගෙන කැටයම් කපන ගමන් පොය දවසෙ පාන්දර 3 ට......
ඔයාට සිල් ගන්න යන්න ඇහැරැවා මතකද...??

මටත් එක්ක සිල් ගත්ත ඔයා....හවස ඇවිත් කුඩුව බලලා ගොඩාක් සතුටු උනා නේද..??


~ Mahesh4ever ~