Sunday, December 5, 2010

ආදරෙයි මම...මේ වහින වැස්සට....

ආදරේ කරන්න වෙලා
එක හිතින්ම වගේ
මේ වහින...අනෝරා වැස්සට...
පායලා
මුළු ගතම දවද්දී
ඒ උණුසුම වින්ද කාලෙ
වැස්සත් ප්‍රර්ථනා කරපු නිසා,
ඒ වැස්සේත් ගත තෙමන්න
දරන්න බැරි තරම් සීතල උනත්
හිරිගඩු පිපෙනකල්...
ඇට
මිදුළු දිය වෙනකල්...,
වැස්සත්.....,
ආදරෙයි මේ වැස්සට
ආදරෙයි වගේම මම,
ප්‍රර්ථනා කරනවා අයෙමත්
බලාගෙන ඉන්නවා හීනෙනුත්
වැස්ස තුරල් වෙලා ගිහින්
ඉක්මනටම අයෙත්....

වසන්තය ඒවි කියලා....!
ඔයාලට මතකද.....
චිංගීස් අයිත්මාතව්,
ගුරු ගීතයේ කිවුවේ....
" සීත කාලය පැමිණේවි ...,තද සීත කුණාටු
හමාවී ...
හිමකැට සහිත නපුරු සුළි සුළං හමාවී
එහෙත් වසන්තය එනවා, සත්තකයි ...." කියලා
ඉතින් මං බලන් ඉන්නවා
මොකද දන්නවද
...
ඔයාට තරහ ගියාමත් හරියට
මේ මෝසම් වැස්ස වගේ
වහිනවා නොනවත්වා, ඉවරයක් නෑ
දැන් නම් මට.....

තවත් තෙමෙන්න බෑ
මාව අසනීප වෙලා
ඉක්මනටම මැරිලා යයි
ඉතින් එන්න......වසන්තය අරන්
එකට කල් යනවා නම්
මොහොතකට දුවල එන්න
ඔයාගේ දම් පාට....
මල් කුඩයත් අරන්.....
 
~ Mahesh4ever ~

8 comments:

  1. මට උඹට කියන්න වචන ටිකක් අහුලගන්න ඕන වුනා.මම දහ අතේ හෙව්වා.අන්තිමට මට ඒක හම්බවුනා.
    " ආයෙමත් වසන්තය අරගෙන නුඹේ ලොවට හිරු පායාවි.සත්තකින්ම...ඉක්මනට මේ වැහි කෝඩෙ තුරුල් වෙලා යන්න යාවි. "

    ReplyDelete
  2. So much creative,well done brother.

    ReplyDelete
  3. ආදරෙයි මේ වැස්සට
    ආදරෙයි වගේම මම,
    ප්‍රර්ථනා කරනවා අයෙමත්
    බලාගෙන ඉන්නවා හීනෙනුත්
    වැස්ස තුරල් වෙලා ගිහින්
    ඉක්මනටම අයෙත්....
    වසන්තය ඒවි කියලා....!

    බ්ලොග් එකට ආවම යන්න හිතෙන්නෙ නෑ අයියේ. ගොඩක් සාර්ථකයි. ඔයාගෙ බලාපොරොත්තු ඉටු වෙන්න මගෙන් සුභපෑතුම්.. (කහඳ මල්ලී)

    ReplyDelete
  4. @ තරු අහස :

    ගොඩක් ස්තුතියි සහෝ.....
    මම බලාගෙන ඉන්නවා,ඉකමනටම මේ වැහි කෝඩේ තුරල් වෙනකල්....

    ReplyDelete
  5. @ Kapila :

    උඹේ වචන මට වටිනවා කපිල....ස්තුතියි...

    ReplyDelete
  6. @ කහඳ මල්ලී :

    උඹ මාව තේරුම් ගත්තනම් එච්චරයි මල්ලියේ....
    දිගටම ඔයා ඇවිත් යන බව මං දන්නවා....මේ මගේ හිත.....
    ගොඩක් ස්තුතියි ඔයාට....

    ReplyDelete
  7. ithin ....enna
    wasanthaya aran...
    ekata kal yanwanam....mohohothakata hari duwala enna...ahinsaka sinawath aran...

    ReplyDelete
  8. @ Nilmini :
    ඇත්ත නිල්මිණි, මං බලන් ඉන්නෙත් මම ආදරේ කරපු ඒ අහිංසක හිනාව දකිනකල් තමයි...
    ස්තුතියි...

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...