Friday, June 10, 2011

මටම සුබ පතනවද...හිතල දුක් වෙනවද?

               
            අනේ මන්ද මට හිතා ගන්න නම් බෑ... මං මෙච්චර දුරක් ආවා කියල, මගේ බ්ලොග් එකත් එක්ක..... 
මං මේ ලියන්නේ මගේ බ්ලොග් එකේ 50 වෙනි පොස්ට් එක...අහිංසක අරමුණක් වෙනුවෙන් පටන් ගත්තු මේ බ්ලොග් එක බලන ගොඩක් අය මාව දිරිමත් කලා... ගොඩක් ස්තුතියි යාලුවනේ...

ලොකුම දුකක් තියෙන්නේ මේ බ්ලොග් එක ඇත්තටම දකින්න ඕනි කෙනා මේක දැකල තියනවද කියල මං දන්නේ නැති එකයි.... දැකල නැත්තම් කවදා හරි දකීවි... හැම දේම හොදින් වෙයි... මට ඒ ගැන විශ්වාසයක් තියනවා....


ගොඩාක් අය අහපු දෙයක් තමයි මගේ තීම් එක ගැන.... හැමෝටම තේරුම් ගන්න පුළුවන්නේ එක මගේ බ්ලොග් එක කියවනකොට... " LOVE "

ඉතින් අද වෙනකොට මගේ බ්ලොග් එක follow කරන යාලුවෝ 32 ක් ඉන්නවා... හිට්ස් 4650 කටත් වැඩියි... කමෙන්ට්ස් නම් ගොඩාක් අඩුවෙන් ලැබුනට මට කතා කරලා කමෙන්ට්ස් දෙන අය ගොඩාක් ඉන්නවා... මාව දැකල අදුරන ගොඩාක් අය මගේ බ්ලොග් එක දැක්කම පුදුම වෙනවා... මට තේරෙන්නේ නෑ ඇයි කියල..සමහර විට මං ඉන්න විදිහට මේ වගේ දෙයක් මං කරනවා කියල එයාලට හිතෙන්නේ නැතිව ඇති..


අහ්..එක දෙයක් මේ වෙලාවේ කියන්න ඕනි..මගේ පොස්ට් හැම එකක්ම වගේ ලියවෙන්න පසුබිම් උන කතාවක් තියනවා... මගෙත් එක්ක කතා කරලා අහපු අයට මං කියල ඇති.. ඉතින් ජීවන අත්දැකීම් එක්ක ලියපු නිසා සමහර විට කියවන අයට තේරෙන්නේ නැතිව ඇති... මොකද සමහර ලිපි වල තේරුම තියෙන්නේ මගේ හිතේම නිසා... එත් අහන ඕනිම කෙනෙක්ට මං අනිවාර්යෙන්ම ඒක කියනවා...

සිංහල බ්ලොග් කලාව ගැනත් පොඩි අදහසක් කියන්න ඕනි කියල හිතුන... ,

මගේ බ්ලොග් ඒක හරහා සිංහල බ්ලොග් කියල දෙයක් තියනවා කියල මුලින්ම දැකපු අය ගොඩක් ඉන්නවා... දැන් ඒ අය සිංහල බ්ලොග් මටත් වඩා ආශාවෙන් කියවනවා... ගොඩක් භාෂා වලින් ලියවුනු බ්ලොග් කියවනකොට හිතෙනවා අපේ බ්ලොග් ලියන අය මොන තරම් නම් මනුස්සකම් තියන පිරිසක්ද කියල... කිහිප දෙනෙක් පටු අරමුණු වලට බ්ලොග් භාවිතා කලත්, සිංහල බ්ලොග් ලියන්නෝ ගොඩාක් හදවතට කතා කරන අය... ඇත්තටම අපේ බ්ලොග් කලාව හරිම පෝසත්... මට කියන්න තියෙන්නේ එච්චරයි....




ඉතින් හැමදාම වගේ හිතට පුංචි තනිකමක් දැනුනත්, ඔයා සතුටින් ඇති කියල හිතල මං හිතා හදා ගන්නවා... මගේ බ්ලොග් ඒක මගේ පාළුව මකනවා කිවුවොත් ඒක බොරුවක්... ඇත්තටම මගේ බ්ලොග් ඒක මගේ හිතා පාරනවා... ඒ හිත පැරෙන පැරෙන මොහොතක් පාසා මම අපේ මතකයේ ජීවත් වෙනවා...!!




 
" ඔය ඇස් අමතක වෙන්න නම්...මගේ ඇස් පියවෙන්න වෙයි... "
  ~ Mahesh4ever ~

5 comments:

  1. මම හදවතින්ම මල්ලිට සුබ පතනවා. මමත් ඉස්සෙලම කියෙව්වේ මල්ලිගේ බ්ලොග් එක. තවත් ලියන්න. අපි ඒ දේ කියවල රස විදින්නම්....
    බ්ලොග් 50 ට ටව 50 ඉක්මනට එකතුවෙන්න කියල හිතනවා...

    ReplyDelete
  2. Nice...yes really...like the way you use words...

    KEEP IT UP Mahesh..Wish you all the best for half century

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්........

    කවදා හරි එයා මේක දකී කියලා අපි හිතමු.

    තවතවත් ලිපි ලියන්නට අදහස් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!!!

    ReplyDelete
  4. ඔයා මට කියලා නොතිබුනත් මම දන්නවා ඇයි දුක කියලා...මතකද මම ලියන්න පටන් ගත්ත මුල් කාලෙ ඔයා සතුටින් හිටියා යාළුවා...මොනා උනත් දවසක් ඒවි..ඒ සතුට අරන් ඔයාට...තවත් ලස්සනට ලියන්න මමත් සුභ පතනවා... මම තරූ... නන්නාඳුනන ඔයාගෙ තවත් එක යාළුවෙක්...

    ReplyDelete
  5. i should say one thing Mahesh...i don't know where you find this marvelous uncommon images ,,those are perfect...so nice...nicely match with your verses...keep it up friend

    Iresha

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...