Sunday, November 21, 2010

මුළු ලෝකෙ ගැනම හිත හිතා ඉන්න බෑ




මම අරුණි දිහා බැලුවා. එයා කවුළුවෙන් එහා පැත්තේ ඈතින් පේන කදු දිහා බලාගෙන ඉන්නවා. ඒ කදුමුදුන් උඩින් ගලාගෙන, මීදුම් බිංදු අරගෙන එන සුළග අපි දෙන්නව සීතල කරගෙන ඈතට යනවා.ඒ සුළග ඇතුලේ කොයිතරම් ආදරයක් හැංගිලා ඇද්ද.....? ඒ ආදරේ සුළගත් එක්ක පාවෙලා යන්නේ නැතිව අපි දෙන්න ලගම දැවටී, දැවටී තියෙනව නම් මම ආසයි. එත්..., අපි ආසා කරන දේවල් ඒ විදිහටම ලබා දෙන්න තරම් මේ ලෝකේ ලස්සන නෑ නේ....


" අරුණි....., ඇයි ඔයා කතා නැත්තේ...? "

" මට කතා කරන්න වචන නෑ මාලින්ද...., මම කවමදාවත් හිතුවේ නෑ ආදරේ මේ තරම් ලස්සනයි කියලා. අම්මල තාත්තල පවා මට ආදරේ නැතුව, මගේ හිත තේරුම් ගන්නේ නැතිව ඉන්නකොට ඔයාගේ ආදරේ මට කොච්චර වටිනවද කියල ඔයාටවත් තේරෙන්නේ නැතුව ඇති මාලින්ද.... "

" මටත් ඊට වැඩි වෙනසක් නෑ අරුණි..., මම අනන්තවත් කෙල්ලන්ට විහිළු කරලා ඇති, ලං වෙලා ඇති, එත් හිත ආදරේ කලේ ඔයාට විතරයි. මට ඒක කියා ගන්න බැරිව කොයි තරම් දුක් වින්දද....? "

" දැන් ඒවා ඉවරයිනේ. මම හැමදාමත් ඔයා ලග ඉන්නවා. කිසිමදාක මාව තනි කරන්න එපා මාලින්ද...., මාව මැරිලා යයි. අපි දෙන්න ඉස්සරහ කොයි තරම් ප්‍රශ්න තියෙනවද...?, ඒවාට උත්තර අපිම හොයා ගමු. මට දැන් තේරෙනවා මාලින්ද.... ආදරේ කරද්දී මුළු ලෝකෙ ගැනම හිත හිතා ඉන්න බෑ. ගොඩක් දේවල් ඒ හින්ද කැප කරන්න වෙනවා. ඔයා මගේ ලග ඉන්නවා නම්, මට ඕනෙම දුකක් දරා ගන්න පුළුවන්.... "


අරුණි මගේ උරහිසට ඔළුව ඔබා ගත්ත. මගේ හිතුවක්කාර ඇගිලි තුඩු, ලතාවකට වගේ එයාගේ හිසකෙස් අතරේ දිවුවා. මගේ ජීවිත කලේ පුරාම හොයපු ඒ උණුසුම...., දැන් මගේ පපුවට දැනෙනවා. අරුණි අක්කගේ සුවදත් මගේ හදවත ඇතුලේ පැතිරිලා ගියා. අපි දෙන්නගේ හදවත් ගැහෙන්නෙත් එකම වේගෙට..., 
ඇස් පියාගෙන ඉන්න අරුණිගේ ලස්සන.....

                                                                   
 

පණ්ඩිතයෝ මොනවා කිවුවත්,

ඉස්කෝලේ යන කාලේ ආදරේ කවමදාවත් අමතක කරන්න බෑ. හිත ආදරෙන් පිරෙන්නේ ජීවිතේ එකම එක වතාවක්, එකම එක්කෙනෙක් හින්දා විතරයි. ඒ ආදරේ සැගවුනත් හිත වෙනින් දෙකට ලං වෙන්නේ නෑ. කුළුදුලේම හිත ඇතුලේ පුදින ලෙන්ගතුකම අයිති එකම එක කෙනාටයි. ඒ හිත බිදුනොත්...., හිත ආදරෙන් සතපපු කුළුදුල් ආදරේ හිත ඇතුලේ හංගගෙන. මම හැමදාමත් අඩනවා. සත්තයි.....




අරුණි එකපාරටම ගැස්සිලා වගේ මගේ ඇගිලි තුඩු මිරිකා ගෙන මගේ ඇස් වලට එබිකම් කළා.
අපි දෙන්නගෙම ඇස් වල කදුළු............................................


[ යාලුවනේ කියවල නැත්නම් කියවල බලන්න. මං කියවපු සිරාම, හිතට වදින නවල් එකක්. මේක කියවල ආපු ෂොක් එකට සතියක් විතර අප්සෙට් එකේ හිටිය කියලා නම් මතකයක් තියෙනවා..... මගේ යාළුවොත් ඉන්නවා එහෙම උන. දන්නැද්ද ඉතින්, ඉස්කෝලේ යන කාලේ මේ වගේ දේවල් සැහෙන්න හිතට අරගෙන නේ කියවන්නේ. සමහර විට මගේ ආදරෙත් මේ අදහස් එක්ක ලස්සන වෙන්න ඇති. කියවන්න කැමති අය‍ට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් e book එක ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න පුළුවන්....මොනවා උනත් ලියපු කෙනා ඉස්කෝලේ ජීවිතේ අත්දැකීම් ගැන පපුවටම කතා කරලා තියෙනවා...]

ඩවුන්ලෝඩ් කරගන්න : සුළග වගේ ඇවිදින්...

ඇසි පියක දැවටුනේ....: සුළග වගේ ඇවිදින්- දිනේෂ් කොලඔගේ [පිටු 154/55]

4 comments:

  1. ඔයා ඇවිත් ගිහින් තිබුණා ‍මගේ ලොකෙට..ඒ නිසා තමයි මේ ගැන දැන ගත්තෙ.ඔයාගෙ බ්ලොග් එක කොයිතරම් ලස්සනද?ඒ වගේම ඔයාගෙ ආදරයත් හරි ලස්සන ඇති.මම හදවතින්ම ඔයාල දෙන්නටම සුභ පතනවා ඉස්සෙල්ලව ආව දවසේ.මම ගිහින් එන්නම් යාළුවේ...

    ReplyDelete
  2. @ තරු අහස :
    ගොඩාක් ස්තුතියි යාලුවේ ඔයාටත්....!
    මට තේරෙන විදිහට අපි දෙන්නම මේ බ්ලොග් අවකාශේ පොඩි පැටවූ....ඉතින් ගොඩාක් දුර ගමනක් "තරු අහසත්" එක්ක යන්න මාත් ඔයාට සුබ පතනවා...
    අපි දෙන්නට සුබ පැතුවට ස්තුතියි වගේම...
    ඔයාගේ හිතත් ලෙන්ගතු හිතක් ලග නතර වෙන්න කියලා...එක හිතින් පතන්නම්කෝ...

    ReplyDelete
  3. මමත් ඉස්කෝලෙ යන කාලෙ මේ පොත මුලින්ම කියෙව්වේ.. ඒක යාළුවො අතරෙ මාරු වුණ පිටු හමගිය පොතක්. පස්සෙ අවුරුදු ගාණක් පොත හොයල ආයෙ හම්බ වුණා නුගේගොඩ සරසවියෙදි.... ඒක යාළුවෙක් නැති කලා... පස්සෙ තව එකක් ගත්තා... ඒක එක්කෙනෙක්ට දීල දැන් එයා හොයාගන්නත් නෑ පොතත් නෑ...

    මොනව වුණත් මම කියවපු හොඳම යොවුන් ප්‍රේම කතාව... මම වෙන ඒව වැඩිය කියවල නෑ... මොකද ගොඩක් ජනප්‍රිය කතා වල පිටු දෙක තුනක් කියවද්දි එපා වෙනව...

    නියමයි මේ සටහන දාපු එක!

    ReplyDelete
  4. @ h :
    මට ගොඩක් සතුටුයි සහෝදරයා ඔයා මේ පැත්තේ ඇවිත් ගිය එකට...ඒ වගේම ස්තුතියි ඔයාගේ අදහස් වලට...

    මං මේ පොත කියෙවුවෙ 2006 දී අපේ ඉස්කෝලේ ලයිබ්රි එකේ අක්ක දීල...
    ඊට පස්සේ මගේම කියල පිටපතක් අරන් තියා ගන්න සැහෙන්න දුක් වින්ද...මරදානේ,නුගේගොඩ,කිරිබත්ගොඩ,ගම්පහ පොත් කඩ පිරුවා විතරක් නෙමෙයි...2008 දී බුක් ෆෙයාර් එකෙත් බැලුවා....පිටපත් ඉවරයි කියලයි අහන්න ලැබුනේ...
    අන්තිමේ අදහස අත් ඇරිය...
    දැන් නම් අයෙත් පබ්ලිෂ් කරලලු...ඒවා මොකටද දැන් e book එක ලැබුනානේ...

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...