Friday, November 12, 2010

මගේ සිතේ මල් පිපුනට.....

     
        මගේ කදුළු ගංගාවට
        ඔබේ සිනා රැස්  වැටුනට
        සිතේ තියන වේදනාව
        දරා ගන්න බෑ

        ඒ වුනාට ඔබේ නමින්
        මගේ සිතේ මල් පිපුනට
        ඒ මල් වල සුවද ඔබට
        බරක් වෙන්නේ නෑ

        හඩා වැටෙන හදවතකට
        ප්‍රර්ථනා පූජා කල
        ඔබේ නමින් කවදාවත්
        දුකක් වෙන්නේ නෑ

        මුවට සිනා රැලි නැගුනට
        ගිලිහි ගිය අත් වැලකට
        පාරමිතා පිරු මගක
        පිය සටහන් නෑ.....

 

 

ඇසි පියක දැවටුවෙ....:   ප්‍රින්සි ශාමලී ප්‍රේමරත්න සොයුරිය

2 comments:

  1. මම අදයි මුලින්ම මේ පැත්තෙ ආවේ.. 100 කියවලා...
    ම්ම්... මේ කියන්න යන්නේ මොකක්ද..???
    "ඒ වුණාට ඔබේ නමින්
    මගේ හිතේ මල් පිපුණට
    ඒ මල් වල සුවඳ ඔබට
    බරක් වෙන්නෙ නෑ"

    කවුරුහරි ගැන හිතේ තියන කැමැත්ත හංඟගෙන ඉන්නවා වගේ දෙයක්ද..

    මම ඒ දැකපු විදිහ..

    ලස්සනයි...

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි ආදරණිය ප්‍රර්ථනා සහෝදරිය....
    මටත් හිතුනේ ඔය විදිහටම තමයි...
    එත් අනික් කෙනාගේ අකමැති පාටකුත් පේනවා නේද?
    ඒ නිසාම හිතේ තියාගන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑ වගේ...

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...