Tuesday, November 9, 2010

මතකය සිප සනසවන්නට නම්....

මතකය නම් වූ සොදුරු සෙවනැල්ල
සිප සනසවන්නට නම්
ආපසු හැරී බැලිය යුතු වේ...


ඒ උවද,

අතීතය සනසවමින්....අනාගතයද
සනසවන්නට වෙර දරන්නෝ
අතීතයේ වෙති,වර්ථමානයේද වෙයි


අතීතයේ සුවද දී අනාගතයේ

සැමරුමක් වන අයද  සිටි...

මගේ දිවියේ සොදුරු සිහිනයක

වැට කඩොලු බිදිමින්
මගේ හද විවර කල
මේ සමරුවෙහි...

කුරුටු ගෑමට
අතීතයටද....අනාගතයටද....
          අවසර !!

1 comment:

  1. මේ ගැනත් වචනයක් කියන්න හිතුනා....
    මං මේ කවිය මගේ ඔටෝග්‍රාෆ් එකේ ලිවුවේ... මීට අවුරුදු 8 කට කලින්...ඒ දවස් ගැන නම් හරිම සුන්දර මතකයක් තියෙන්නේ....
    ඔයාව දැකල, ආදරේ හිතිලා ඔයගැන හිත හිත ඉන්න ගමන්, ඔයාගේ අදහස් ගන්න බලාගෙන හිතලයි, මේ කවිය මුල් පිටුවේ ලිවුවේ...
    ඔයා මට ඔයාගේ සල්ලි වලින් අරගෙන දීපු පලවෙනි තෑග්ග තමයි මේ ඔටෝග්‍රාෆ් එක...
    තාම මං ලග හරිම පරිස්සමට එක තියෙනවා...එකේ ඔයා ලියපු කවිය මට කට පාඩම්....පස්සේ එකත් ලියන්නම්කො....

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...