ගොඩක් අය අහල ඇතිද දන්නේ නෑ.එත් මං ආස නිසා කියන්නකෝ.....
ගොඩක් ඇත කලෙක එංගලන්තේ පිටිසර ගමක සතුන් බලාගෙන ජීවත් උන මිනිස්සු හිටපු සුන්දර ගම්මානයක් තිබ්බා.ඉතින් ඒ ගමේ මිනිස්සුන්ට ගොඩක් අගහිගකම් තිබ්බත් ඒ අය තමන්ගේ ජීවිතේ සතුටින් ගෙවුවා.එකිනෙකට උදවු කරගෙන සන්තෝෂයෙන් හිටපු මේ අය අතරේ බොහොම අහිංසක විදිහට ආදරේ කරපු පෙම්වතුන් යුවලකුත් හිටිය.පිරිමි ළමයා මයිකල්.ගැණු ළමයාගේ නම කැති.ඉතින් මේ දෙන්නගේ ආදරේ ගැන කියනකොට මට මතක් වෙන්නේ රොබින් හූඩ් සහ මැරියන් කියන අපි හැමෝම බලල තියෙන කතාවේ ඒ දෙන්නගේ ආදරේ.
කොච්චර අග හිග කම් තිබ්බත් මේ දෙන්නගේ ආදරේ නම් හරිම පෝසත්.ගමේ හිටපු ගොඩක් අය ඒ අයගේ ආදරේ දිහා බලල සන්තෝෂ උනා.ඇත්තටම එයාලගේ ආදරේ පිවිතුරු ආදරේට සංකේතයක් වගේ.......
මයිකල් බොහොම දිර්යවන්ත තරුණයෙක්.ගොඩක් මහන්සි වෙලා තමන්ගේ වැඩ කොටස ගමේ හැමෝම එක්ක සහයෝගයෙන් ඉටු කලා.හැමෝටම පුළුවන් විදිහට උදවු කලා.ඒ වගේම තමයි කැති.ගෙදර වැඩ පලට දක්ෂ ඒ වගේම හැමෝගෙම හිත දිනාගත් නිහතමානී තරුණියක්.
මේ දෙන්නට කවදාවත් හමු නොවී ඉන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.ඉතින් හැමදාම හවසට ගමේ ලස්සන කදු ගැටයක් මුදුනේ තිබ්බ පරණ පල්ලිය ලගදි මේ දෙන්න හමු උනා.ඉර බැහැගෙන යනකල් අත් වැල් පටලාගෙන කතා කරන්න,ආදරේ කරන්න,අනාගතේ ගැන හීන මවන්න වගේ ගොඩක් දේවල් මේ දෙන්නට කරන්න තිබ්බා.
මයිකල් ගොඩක් ආදරේ කලා කැතිට තිබුණු දිග රන්වන් පාට කෙස් වැටියට.හැමදාම ඔහු ගොඩක් ආදරෙන් කැතිගේ කොණ්ඩය පිරිමැද්දා.කැතිටත් මයිකල්ගේ තුරුල ඇරෙන්න වෙන ස්වර්ගයක් තිබ්බේ නෑ.මේ අයගේ තිබුණු බැදීම නිසා කැතිගේ වගේම මයිකල්ගේත් දෙමවුපියෝ දෙන්නටම ඉක්මනටම එකතු වෙන්න ආශීර්වාද කලා.මේ විදිහට එක කැදැල්ලක ජීවත් වෙන්න හීන දකිමින් ගොඩක් හැන්දෑවල් වල ඉර බැහැගෙන ගියා....
ඉතින් මං හැමදාම කියනවා වගේ ජීවිතේ හැමදාම එක වගේ නැනේ.මේ ලස්සන දේවල් වෙනස් වෙලා යන්න ටික කාලයයි ගියේ.වැරදියට තේරුම් ගන්න එපා.මේ දෙන්නගේ හිත් වෙනස් උනා කියලා.එහෙම උනේ නෑ.එත් එයාලගේ ගමට මහා දරුණු වසංගතයක් අවා.එකෙන් ගමේ මිනිස්සු ,සත්තු ගොඩක් මැරිලා ගියා.ඒක ඉවර වෙනකොට මහා දුර්භික්ෂයක් ආවා.ඉතින් මුළු ගමේම හිටපු අයට වගේම මේ දෙන්නටත් ගොඩාක් කරදර සිද්ද උනා.එත් ඒ දෙන්න පොරොන්දු උන විදිහට හවසට හමුවෙන්න නම් කවදාවත් අමතක කලේ නෑ.වෙනදා වගේ ආදරේ කරන්න බැරි උනත් තමන්ගේ හිතේ තිබ්බ දුක කරදර කතා කරන්න මයිකල්ට වගේම කැතිටත් වෙන කෙනෙක් හිටියේ නෑ ඒ දෙන්න ඇරෙන්න.ඉතින් සතුට වගේම දුකත් එකවගේ විදගන්න ඒ දෙන්න අමතක කලේ නෑ.
ඉතින් ඔයාලට හිතෙයි මේකත් කතාවක්ද කියලා......ඉන්නකෝ ඉතිරි ටිකත් කියනකල්...,,
එයාලට තිබ්බ කරදර එතනින් ඉවර උනේ නෑ.ඒක පාරටම කැතිගේ අම්ම අසනීප වෙලා නැති උනා.ඉතින් සතියක් විතර යනකල් කැතිට පල්ලිය ලගට එන්න බැරි උනා.එත් මයිකල් හැමදාමත් ඇවිත් හවස් වෙනකල්ම බලන් ඉදල ගියා.කැතිටත් මයිකල්ව මතක් නොවුන නෙමෙයි.එත් මොනවා කරන්නද? ඉකමනටම මේ දේවල් පිළිවෙලක් කරලා මයිකල්ව හම්බ වෙන්න යන්න තමයි කැති හිතාගෙන හිටියේ.....
ඒ වෙනකොට ගොඩාක් අගහිගකම් නිසා මයිකල්ටත් ගොඩාක් රැ වෙනකල් වැඩ කරන්න උනා.ඉතින් මයිකල්ටත් පල්ලිය ලගට යන්න බැරි උනා.එත් එදා කැති මයිකල්ව බලන්න පල්ලිය ලගට ගියා.මයිකල් එනකල් ඇස් රිදෙනකල් බලන් හිටපු කැතිට අතීතයේ ගොඩාක් සුන්දර දේවල් මැවි මැවී පෙනුනා. රැ උන නිසා කැති ඇස් කදුලින් තෙත් කරගෙන ගෙදර ගියා.මේ විදිහට දවස් 2 ක 3 ක් ගතවුනා.කැති පල්ලිය ලගට යන ඒක නැවැත්තුවා............!!
[ දිග වැඩි උන නිසා ඉතිරිය 2 වෙනි කොටසින් කියන්නම්කො... ]
2 වෙනි කොටස..: ඇයි ඔයා මට මෙච්චර ආදරේ කලේ... 2
~ Mahesh4ever ~