Sunday, May 22, 2011

ඔබ කුරුළු කුමාරියක්...


ඔබ කිරිල්ලියක්..., පමණක් නොව
කුරුළු කුමාරියක්...
තේජසින් ගගනේ සරනා
උස අත්තක සුවසේ හිද
මුදු පවනේ සුව විදිනා...

මමත් කුරුල්ලෙක්...,
සැඩ සුළගට තටු සිදගත්
ඉගිලෙන්නට වාරු සොයනා
පහලම අත්තක වසමින්
ඔබ දෙස හොරැහින් බලනා...


 
  මේ ඇති නැති අතු පතරේ...
  අපේ පුංචි කුරුළු හීන,
  සමාජයේ සැඩ පහරින්
  සදාකල් වෙන් කරවයි..
  ඔබට ඒවා හිස් අදහස්
  කුමාරියක් නිසාම ඔබ..
 


මොන විදිහට පැහැදුවත්..
මට නොහැකියි ඉහල එන්න
ඔබේ ලගින් පියාබන්න...
හීන ලෝකේ හැමදාමත්
ඔබ ඇත මට තනි රකින්න

මං දන්නවා ඔබ හදන්නේ...

මගේ අත්තට බැහැල එන්න
අනේ එපා හැබැහින් නම්
ඔය හීනෙම නතර වෙන්න..
මට ආදර සුව ගෙනෙන්න....!!



~ Mahesh4ever 

2 comments:

  1. පින්තූර ටිකට නියමෙට ගැලපෙන ඒ පට්ට පදවැල් ටිකට මම එක හිතින්ම කැමතියි ..

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි සදරු....
    මේ පැත්තේ ඇවිත් ගියාට වගේම
    ඔයාගේ ලස්සන අදහසටත්....
    ජීවිතේ අත්දැකීම් ගලපන්න එච්චරම අමාරු නෑනේ සහෝ..
    අයෙත් ගහ ගන්න එහෙම ගියේ නැද්ද?

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...