Thursday, May 5, 2011

ඔය මුවින් පැවසෙන....කිසිදාක නොකියවෙන


 


      සිහිනෙකින් වත් ඔබව
      නොදකින මුත් මට දැනෙන
      හැගුම් පවසන්නමද
      කෙලෙසකින් ගලපමින්
      රදවමින් මතකයන්
      මේ සොදුරු ඇසුරේ
      ලියා තබනු මැන
      ඔබහට හැගෙන හැම දේ
      වරුණා නැති උවත්
      ගුණ සුවද නොගැයුවත්
      අහිතකට නැති වේවි
      පුංචි හෝ හිස්තැනක්...
 





  ඉතින් ලියන්න හැමදේම,
  ඔය මුවින් පැවසෙන
  එනමුත් ඒ මුවින්..
  කිසිදාක නොකියවෙන
  ආසයි මං විදගන්න
  ඒ හැගුම් සිහිළැල්ව
  සුවද දේ මේ මතක
  හද ගැහෙන හැමකල්ම...

 


~ Mahesh4ever ~

4 comments:

  1. සොදුරු මතක පෙල ගැස්ම අහිංසක ..
    හද ගැස්ම සේ දැනෙන් මුත් නිහඩව..
    නුඹට නොදැනෙන හැගුම් හද තුල..
    කෙලෙස මම ගලපන්නද කවි පද ලෙසට..

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි නිම්ෂා..
    නංගෝ, ඔය හැමදාමත් මගේ හිත හදනවා...

    නොදැනෙන ලෙස ඔබ අබිමුව ගොලුවුවද..
    මට නොමැතිව කා හට එය දැනෙන්නද..
    ඔබ මා දෙදෙනා ගොළු උවහොත් නිරන්තර..
    හද පොපියවන හැගුමන්,වැලලෙයි මතක...

    ReplyDelete
  3. Oba hadana wita sinasena hati kiyadenata bari namuth.....
    matada wadanak ho nokiya obe datha surakiwa allagena sitiya haka,
    Obe kadulu wala bara mata wadi nowana bawa kiyanatada hakiya,

    oba kopayen banina wita awawada nodi sitinata pamanak nowa,
    A kisiwak ganan nogena sitinatada hakiya,

    eheth yam dinaka oba mata katha karana wita ma pilithuru nodun ne nam ......
    a ma oba noasena duraka hidinwa pamanak bawa terum gatha yuthuya,

    Mithrathwaya nopeni yanawa misa kisidineka hara yane natha...

    "WALAKULU NATHI RATHRIYAKA GEMIDULEHI PATHITHAWANA SADA ELIYA MATHA OBATA A MITHRATHWAYE SISILA DANENU ATHA"

    ReplyDelete
  4. @ ඇනෝ :

    අනේ මං දන්නේ නම් නෑ ඔයා කවුද කියන්න...
    එත් ඔයාගේ අදහසට ගොඩක් ස්තුතියි....
    ඔය මං ගැන හොදින්ම දන්නා බව නම් මට තේරෙනවා...
    සමාවෙන්න මට අදුර ගන්න නම් අමාරුයි...
    එත් දිගටම මේ පැත්තේ ඇවිත් යන්න කියල ඇරයුම් කරනවා..

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...