Saturday, October 23, 2010

මම තරමි නෑ කවදාවත්...

ඔයාට තේරේවි
හැමොම මන් වගෙ නෑ කියලා....
ඔයගෙ ලස්සනට,
ඔයා ලගට එන හැමොම, ඔයාට..
ඔයාගෙ ජීවිතේ මන් තරම් වත්
නොදෙන බව...තේරේවි
ඔයාගෙ ඔය ලස්සන හිනාවෙන්,
ඒ අය මන් තරම් වත්
සැනෙසන්නෙ නැති බව,
ඔයාට දැනේවි....
හීන ලොක ඔයා ඉස්සරහ මැව්වට,
ඒ අයට මන් තරම් වත්..
ඒ හීන ඔයා වෙනුවෙන්..හැබෑ කරන්න
ශක්තිය නැති බව
ඔයාට දැනේවි....
මන් තරම් ආදරෙන්..ඒ අය
ඔය නලළ සිප නොගන්න බව,
ඔයාට දැනේවි....
ඔයාව හැමදාමත්..මට තරම්
එයාලට නොවටීවි
හිතන්න....

~ Mahesh4ever ~

Thursday, October 21, 2010

පසු වු පෙරවදන...


අමාවකට තරැ ගනින්න
මහ වැස්සේ කවි ලියන්න
සිහින ලොවෙ සැරි සරන්න
ඇය වෙනුවෙන් තව අඩන්න
නෙතට ලගින් ඉද
කදුල දරාගත්...
ඔබගේ.....,
" ඇසි පියක මහිමය "
අපූරැය....

ඇසි පියක දැවටුවෙ....: ඉරේෂා විජේසිංහ සොයුරිය

Sunday, October 17, 2010

ඔයාට තේරෙන්නෙ නෑ මගෙ හිත....


" මන් හදිස්සියෙ මැරුනොත් ඔයා මොකද කරන්නෙ...? "
" වෙන කෙනෙක් කසාද බදිනවා.. "
" මොඩයා.... "
" ඇයි මෙ පුප්පගෙන "
" මගෙ හිත ඔයා ගොඩාක් පෑරැවා.....මාව එච්චර ඉකමනට අමතක කරන්න ඔයාට පුලුවන්ද...? "
" කවුද කිව්වෙ ඔයව අමතක කරනවා කියලා...ඔයා කැමතිද මන් මෙ ලොකෙ තනි වෙනවට... "
" එකට විසදුම වෙන කෙනෙක්ව බදින එකද? "
" එහෙනම්...මන් මොනවද කරන්න ඔනි... "
" මන් දන්නෙ නෑ....ඔයගෙ කැමත්තක්... "
" ඇයි එහෙනම් තරහ ගත්තෙ... "
" ඔයාට තෙරෙන්නෙ නෑ මගෙ හිත....බදිනව උනත් මන් අහපුවම එහෙම මුනට කියනවද? "
" මන් හිතුවෙ ඔයා වෙනුවෙන් තව අසරණ කෙනෙක්ට ජීවිතයක් දෙන්න... "
" එ මොකටද..?? බොදිසත්වයෙක් වෙන්නද...? "
" අපො නෑ...නිකමට හිතුවෙ... "
" කොහොමත් අපි බැන්දත් මන් තමයි මුලින්ම මැරෙන්නෙ..... "
" එ ඇයි...? මටනෙ එතකොට අඩන්න වෙන්නෙ "
" ඔය බොරැ...ඔය කිවුවට ඔයා දරා ගනිවි... "
" අනෙ මන්දා හිතන්නත් බයයි... එත් අැයි ඔයා.... "
" මට ඔයා මැරිල ඉන්නව බලන් ඉන්න බෑ....පොරොන්දු වෙන්න....ඔයගෙ අත් දෙකෙන් මගෙ අවසන
  කටයුතු කරනව නෙද..?? "
" මට පිස්සු හැදෙවි... "
" ඔයා කොහොම හරි දරාගන්න ඔනි... "
" එත් කොහොමද?..... ඔයාම කියන්න... "
" අම්මා එනවද කොහෙද....? තියන්නම් පැටියො...උම්මා "
  බීප්....බීප්....බීප්.....
~ Mahesh4ever ~

පුන් පොයකටවත්..... සිල් ගත්තේ නැති උනාට...

වෙසක් බලන්න යනව ඇරෙන්න .....කිසිම ප්ලෑන් එකක් තිබ්බෙ නැති මොහොතක,
මෙ අදහස දුන්නෙ සුසමන් සහොදරය තමයි....
එයගෙ වටින අදහස මල් පල ගන්වන්න ගොඩක් යාලුවො එකට එකතු උනා...
මගෙ නම් වැඩි සම්මාදමක් නෑ ඉතින් විභාග තිබ්බ නිසා...එත් අමතක කරන්න බැරි මතකයක් උනා
මෙ අමිස පූජාව, අපි හැමොටම.....


 


දවල්ට කරන්න දහසකුත් වැඩ තිබ්බත් මෙ උතුම් කටයුත්ත වෙනුවෙන් රෑ එළි වෙනකල් වෙහෙස වෙන්න අපි හැමොටම වගෙ හිතේ හයිය ඔනවටත් වඩා තිබ්බ..

 අපිව රෑ තිස්සෙ ඇහැරවලා තිය ගන්න උදව් කල Hiru FM එකේ  "පටි රොල් " ප්‍රොග්‍රෑම් එක තමත් මතක් වෙනවා අැති ......හැමොටම


ඉතින් මෙ වඩෙ සාර්ථක කරගන්න අපි හමොගෙම දෙමාපියො අපිට ගොඩක් සහය උනා.....

කාගෙවත් නම් කියන්න,ලියන්න අදහසක් නැති උනත් අපේ ඉරොෂන් සොහොයුරගෙ අම්මා වගේම අපිට බැන බැන අපි පස්සෙන් හිටපු...තමුන්ගෙ වැඩ පාඩු කරගෙන, අපෙ වැඩෙ මෙහෙයවපු  
අනුරැද්ධ අයිය මතක් නොකරම බැ....


අන්තිමට වෙසක් පොය දවසේ කොහොම හරි අපෙ කුඩුව අපි පෙන්නුවා..
අඩුපඩු නොතිබ්බ මත් නෙමේ.........එත් අපි හිතුවටත් වඩා ලස්සනට කෙරැනා.....



ලහිරැ සොහොයුරා එයාගෙ ෆොටො පොතේ මෙක නම් කරල තිබ්බෙ " Power of Friendship " කියලයි.........ඒක නම් කදිම නමක් කියලයි මට නම් හිතුනෙ..

 
.

තවත් එක දෙයක් නම් අමතක කරන්න හිතෙන්නෙම නැ...
මන් නිදි මරාගෙන කැටයම් කපන ගමන් පොය දවසෙ පාන්දර 3 ට......
ඔයාට සිල් ගන්න යන්න ඇහැරැවා මතකද...??

මටත් එක්ක සිල් ගත්ත ඔයා....හවස ඇවිත් කුඩුව බලලා ගොඩාක් සතුටු උනා නේද..??


~ Mahesh4ever ~

Saturday, October 16, 2010

Book Unfair

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"බොහෝ කලකින් හමුනොවුන නිසාත්
පැරණි මිතු දම් අලුත් කරගනු වස්
සබඳ අපි යමුද
නැවුම් පොත් වල සුවද විදගන්න ............."

 

උවිදු සහොදරයා එහෙම පණිවිඩයක් එවල තිබිබා...
නොවැලැක්විය හැකි බාධාවක් නිසා අපිට පොත් ගන්න යන්න බැරි උනා....
ඉතින් එහෙම යන්න බැරි උන කට්ටිය තව ගොඩාක් හිටිය...
එ ගැන උවිදු සහොදරයාට හිතුනෙ මෙන්න මෙහෙමයි....



ඇසි පියක දැවටුවෙ....:  උවිදු විදුර සහොදරයා

කවුද දැන් දුයිශෙන්...??

   

මෙ පොප්ලර් ගස් දෙක

අපේ අතිතය තරම් පැරණි

හෙමි හෙමින් අතු සලා

නුඹ ගැන විමසයි

දයාබර දුයිශෙන්, 

ප්‍රේමයේ මුලකුරැ විතරක්

මට කියවු , 

ඇදුරු සදවත.....

ප්‍රපාතයට යනපාරපන්නා

ගිල ගත් වදන්

සමුගන්නට පෙර

තවම අසමි මම

මෙ මිටියවාත පුරා

දයාබර දුයිශෙන්.....

නුබ ආ දිනක දකින තෙක් 

මෙ පොප්ලර් ගස් දෙක

ලග තබා යමි 

වාසගමක් නති

- මගේ ප්‍රේමය- 

 

 The First Teacher- Chinghiz Aitmatov

ඇසි පියක දැවටුවෙ....: තාරකා වීරසේන සොයුරිය

මගේ හද ගැහෙනා බව මෙයින් දන්වමි...!!

ආදරණීය ගුරු අම්මේ/තාත්තේ,

ඔබ කියා දුන් දේවල් , සදා කල් මතකයේ තියේවි...

ඔබ මට දුන් ආදරය ,සැමදාම සිහි වෙවි...

දිනකට සීමා නොවු ,අප බැදීම වෙනුවෙන්

උතුම් වු තවත් ,

ගුරු දිනයක...

ඔබ දෙපා නමදින්නට ,

පැමිණ ඔබ හමු වන්නට ,

සිත දිරිය නැති මුත්..

ඔබ වෙනුවෙන්......,

ඔබෙ පුතුගෙ හද

ගැහෙනා බව මෙලෙස දන්වමි....!

ඔබට දිගාසිරි.... !!

~ Mahesh4ever ~

Happy 8th Love Anniversary...!!


"ඔය ඈස් අමතක වෙන්න නම්...
මගේ ඈස් පියවෙන්න වෙයි..."