Monday, December 13, 2010

තව මොනවා හංගන්නද....?


සමහර විට මේ ගෙවෙන්නෙ
ඔයාගේ නිහඩ බව බිදෙන
අන්තිම දින කීපය....
කරණා එකින් එක
හෙමීට මතු වෙලා
හිතටත් නොදැනීම වේගවත් වෙන
හිතේ ගැස්ම මොනතරම් නම්
දෙගිඩියාවක් මවනවද?
හැම දෙකටම අලුත් ඇරඹුමක්...
අලුත් පිටුවක් පෙරලන්න
කාලය ඇවිත් වගේ....
හිතේ තෙරපෙන අහිංසක හීන
වචන වලින් සරසල
කොච්චර හංගන්න හැදුවත්
නොදැනීම එලියට පනින බව
ඇස් පනා පිට පෙනුනත්,
තව ටික දවසක්, තව පැය කීපයක්...
දෙගිඩියාව මගේ හිතට
හීන සගවන්න බල කරනවා...
එළබෙන බිනර
මාසයේ,
මගේ හීනේ කිරුළු දරන්නට
එකම එක හිනාවයි අඩු
ගොඩක් කල් ගත නොවී
ඒ සිනහ දකින එක
තමයි මගේ හීනේ
තව මොනවා හංගන්නද
හැම දේම හොදින් වෙයි
මට ඒක දැනෙනවා....

~ Mahesh4ever ~

5 comments:

  1. මාත් එහෙම හිතනවා....!!!

    ReplyDelete
  2. ඔයාගේ හිතත් දුකක් තියෙනවා කියල මට දැනෙනවා, චතුර අයියේ....
    බලාගෙන ඉන්න....බලාපොරොත්තු තියාගෙන....හැම දේම හරි යාවි...
    මං ගැන හිතුවට පින්....

    ReplyDelete
  3. මගේ යාළුවේ..සත්තකින්ම නුඹ ජීවිතය දිනාවි..
    ලැබේවා නුඹ පතන සොදුරු හැඩ ජීවිතය....!!!!!!!!!!

    ReplyDelete
  4. @ තරු අහස :
    ඔයාගේ වචන මගේ හිත ගොඩාක් හදනවා....
    කොහොම ස්තුති කරන්නද මන්ද?

    ReplyDelete
  5. ම‍ගේ යාළු‍වේ ඔහොම කියන කොට මටත් සතුටුයි..මේ යාළුවන්ට ස්තුති කරන්නෙපා..හරිද...

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...