Friday, December 31, 2010

සිතුවේ නැත කෙලෙසකවත්....


පිය නැගුවෙමි මාවත් පසුකර
දැනුම් පිපාසෙන්
දහම් විදු පියස සොයා...
සිතුවේ නැත කෙලෙසකවත්,
ඔබව මට හමුවේය කියා
නොසිතු විලසට
ඔබ දෙනෙත් මා අසල
ගොලු වු අයුරු....
මතකද ඔබට
එදා සිට මා...
ලං වුයේ කෙතරම්....,
දයාබරත්වයකින්ද?
සත්තකින්ම මා ඔබට
බෙහෙවින් ආදරෙයි
එ ආදරේ නාමයෙන්
මතු සෑම දිනකම
තවත් දයා
බර වේවායි
මා පතන්නේ
අවිහිංසක වු ආදරේ නාමයෙනි...!!


  ඇසි පියක දැවටුවෙ....: සඳුනි කෞෂල්‍යා විතානගේ

Monday, December 13, 2010

තව මොනවා හංගන්නද....?


සමහර විට මේ ගෙවෙන්නෙ
ඔයාගේ නිහඩ බව බිදෙන
අන්තිම දින කීපය....
කරණා එකින් එක
හෙමීට මතු වෙලා
හිතටත් නොදැනීම වේගවත් වෙන
හිතේ ගැස්ම මොනතරම් නම්
දෙගිඩියාවක් මවනවද?
හැම දෙකටම අලුත් ඇරඹුමක්...
අලුත් පිටුවක් පෙරලන්න
කාලය ඇවිත් වගේ....
හිතේ තෙරපෙන අහිංසක හීන
වචන වලින් සරසල
කොච්චර හංගන්න හැදුවත්
නොදැනීම එලියට පනින බව
ඇස් පනා පිට පෙනුනත්,
තව ටික දවසක්, තව පැය කීපයක්...
දෙගිඩියාව මගේ හිතට
හීන සගවන්න බල කරනවා...
එළබෙන බිනර
මාසයේ,
මගේ හීනේ කිරුළු දරන්නට
එකම එක හිනාවයි අඩු
ගොඩක් කල් ගත නොවී
ඒ සිනහ දකින එක
තමයි මගේ හීනේ
තව මොනවා හංගන්නද
හැම දේම හොදින් වෙයි
මට ඒක දැනෙනවා....

~ Mahesh4ever ~

Tuesday, December 7, 2010

නොපෙනේද අම්මේ ඔබහට.....


සවනට වැටෙනා ගිගුරුම
අදුරු වළා පටල ඉරාගෙන
නෙතට වැටෙනා පිනි බිදුව
නොපෙනේද අම්මේ ඔබහට...

සුළන් රැල්ලේ පා කර

ඈතක ගෙන ගිය උණුසුම
සොයා යන්නද මා
සෙල්ලම් ගෙය අතහැර...

නැළවිලි මතකයි තව මට

කිරි සුවද ඇත තවම මුව අග
සිනිදු සේදයේ පහසට
ආසයි අම්මේ තවමම...

අදුරේ තනිව තරු ගණිනා මා හට

නොපෙනෙන්නේ
ඇයි සද සාවියේ...ඔබ
ඉසව්වක් නිමක්, නොතේරේ මා හට
සොයා එනු මැන මා හද
පාර
කියාවී දේදුන්න ඔබ හට.....

[ මගේ ඉස්කෝලේ හිටපු හොදම සැගවුණු කලාකාමී හිතක් තිබ්බ යාලුවෙක්ගේ නිර්මාණයක් තමයි මේක.....මට හිතෙන විදිහට පුංචි පුතෙක් තමන්ගේ අම්මට,පවුලට බැදිලා ඉන්න ආකාරය ගැන හැදුනු ලස්සන හින්දි ෆිල්ම් එකක් වෙන " Taare Zameen Par " බලල අපේ යාළුවගේ හිතට නැගුනු අදහසක් තමයි මේක...බලල නැති අය ඉන්නවා නම් අදම ඒ ෆිල්ම් එක බලන්න....මැරෙනකල් අපිට විතරක්ම ආදරේ කරන අපේ අම්මලා අපිට කොයි තරම් නම් වටිනවද? ඒ වගේම කොච්චර නම් අසරණ ළමයිනුත් මේ ලෝකේ ඉන්නවද? ]

   Taare Zameen Par සින්දු බලන්න : තේමා ගීතය
                                              මා [ අම්මා ]

 ඇසි පියක දැවටුවෙ....: තනුර විජේසිරිවර්ධන සොහොයුරා

Sunday, December 5, 2010

ආදරෙයි මම...මේ වහින වැස්සට....

ආදරේ කරන්න වෙලා
එක හිතින්ම වගේ
මේ වහින...අනෝරා වැස්සට...
පායලා
මුළු ගතම දවද්දී
ඒ උණුසුම වින්ද කාලෙ
වැස්සත් ප්‍රර්ථනා කරපු නිසා,
ඒ වැස්සේත් ගත තෙමන්න
දරන්න බැරි තරම් සීතල උනත්
හිරිගඩු පිපෙනකල්...
ඇට
මිදුළු දිය වෙනකල්...,
වැස්සත්.....,
ආදරෙයි මේ වැස්සට
ආදරෙයි වගේම මම,
ප්‍රර්ථනා කරනවා අයෙමත්
බලාගෙන ඉන්නවා හීනෙනුත්
වැස්ස තුරල් වෙලා ගිහින්
ඉක්මනටම අයෙත්....

වසන්තය ඒවි කියලා....!
ඔයාලට මතකද.....
චිංගීස් අයිත්මාතව්,
ගුරු ගීතයේ කිවුවේ....
" සීත කාලය පැමිණේවි ...,තද සීත කුණාටු
හමාවී ...
හිමකැට සහිත නපුරු සුළි සුළං හමාවී
එහෙත් වසන්තය එනවා, සත්තකයි ...." කියලා
ඉතින් මං බලන් ඉන්නවා
මොකද දන්නවද
...
ඔයාට තරහ ගියාමත් හරියට
මේ මෝසම් වැස්ස වගේ
වහිනවා නොනවත්වා, ඉවරයක් නෑ
දැන් නම් මට.....

තවත් තෙමෙන්න බෑ
මාව අසනීප වෙලා
ඉක්මනටම මැරිලා යයි
ඉතින් එන්න......වසන්තය අරන්
එකට කල් යනවා නම්
මොහොතකට දුවල එන්න
ඔයාගේ දම් පාට....
මල් කුඩයත් අරන්.....
 
~ Mahesh4ever ~

Thursday, December 2, 2010

ඇයි ඔයා මට මෙච්චර ආදරේ කලේ... 2

ඉතින් යාලුවනේ මේක මේ කතාවේ දෙවෙනි කොටස....කලින් කොටස කියෙවුවෙ නැත්තම් මේකෙන් බලන්නකෝ.....



                       ...........ඉතින් මයිකල්ටත්, කැතිව මතක් නොවුන නෙමෙයි.එත් මොනවා කරන්නද? සමහර විට කැති එන්නත් නැතිව ඇති කියල මයිකල් හිත හදාගෙන වැඩ කලා.ඉතින් ඔහොම යනකොට මයිකල් ඉදල හිටලා වැඩ ඉක්මනින් ඉවර කරගෙන පල්ලිය ලගට ගියත් කැති ආවේ නම් නෑ.ඉතින් ආපු දුක තමන්ගේ පිරිමි හිතින් තද කරගෙන කැතිගේ මතකයන් තුරුළු කරගෙන මයිකල් යන්න ගියා.


 

මේ විදිහට වැඩි කාලයක් ගෙවිලා ගියේ නෑ.මේ අයගේ ජීවිත වල වගේම හිත් වල තිබුණු කරදරත් එන්න එන්නම වැඩි උන මිසක් අඩු නම් උනේ නෑ.ටිකක් හිතල බලන්නකෝ ජීවිතේ තමුන් ගොඩක්ම ආදරේ කරන කෙනා මොහොතකටවත් බලන්න නැති උනාම හිතට දැනෙන පාළුව මොන වගේද කියල.ඔන්න මගෙන් නම් කරුණාකරලා ඒ ගැන අහන්න එපා.........මට දෙන්න උත්තර නෑ.....



ඉතින් අහන්නකො.....

                                   එත් එක්කම අපේ මේ ආදරවන්තයෝ දෙන්න ගොඩක් අසාවෙන් බලාගෙන හිටපු දවසක් උදා වෙන බව දෙන්නටම මතක් නොවුන නෙමෙයි.ඒ එයාල ඉර සද සාක්ෂි කරගෙන ජීවිතේ පුරාවටම එකට ඉන්නවා කියල පොරොන්දු වෙලා ආදරේ කරන්න පටන් ගත්ත ඒ ලස්සන දවස.ඉතින් අතීතයේ ගතවුණා හැම අවුරුද්දකම එයාල එදාට ගොඩක් ආදරෙන් මුණ ගැහිලා තමුන්ගේ ආදරේ මතක් වෙන්න පුංචි සිහිවටනයක් හුවමාරු කර ගත්තා.ඉතින් මේ අවුරුද්දේ මේ දෙන්නටම අනෙක් කෙනාට දෙයක් අරන් දෙන්න තරම් හැකියාවක් තිබ්බේ නෑ.පොඩියට වත් දෙයක් කරගන්න හිතන්න වත් විදිහක් නැති තරම් ගෙවල් වල අග හිග කම් පිරිලා.එත් දෙන්නම දැනගෙන හිටිය මොනතරම් වැඩ තිබ්බත් තමුන්ගේ ආදරේ වටිනාම දවසේ පල්ලිය ලගට එනවා කියන පොරොන්දුව කොහොම හරි රකින්න ඕනි කියලා.



     ඉතින් කැති මේ ගැන හිතන ගමන් හිතුවා කොහොම හරි කැපකිරීමක් කරලා වෙනද වගේම මයිකල්ට තෑග්ගක් දෙන්න ඕනි කියලා.ඉතින් කැති කල්පනා කලා මොකක්ද දෙන්නේ කියලා.එයට එකපාරටම මතක් උනා මයිකල් හැමදාම හවසට වෙලාව බලන්න සාක්කුවේ ගෙන එන "ඔරලෝසු මුණ".ඉතින් එක අතේ බැදගන්න පුළුවන් වෙන්න පටි දෙකක් අරන් දෙන්න කැති හිතුවා.එත් කොහොමද ඔරලෝසු පටි ගන්න සිලිං 5 ක් හොයා ගන්නේ? කැති දහ අතේ කල්පනා කලා.......


     මේ අතරේ මයිකලුත් හිතුවා මං මොනවද කැතිට දෙන්නේ කියලා.එතකොටම මයිකල්ට හිතුන මං ගොඩක් ආසා කරන කැතිගේ දිග රන්වන් පාට කෙස්වැටිය සරසන්න කොන්ඩ කට්ටක් අරන් දෙන්න.ඉතින් එක ගන්න සිලිං 7 ක් වත් යාවි.ඉතින් ඒ මුදල හොයා ගන්න හැටි මයිකල්ට හිතා ගන්න වත් බැරි උනා...


එතකොටම මයිකල්ට දෙයක් මතක් උනා.මයිකල් සතුටින් ඉපිලිලා ඉකමනටම තමන්ගේ අදහස ක්‍රියාත්මක කරන්න හිතුවා.



ඉතින් ඔන්න අපි හැමෝම බලාගෙන හිටපු දවස උදා උනා.දවසේ වැඩ ඉවර උනා ගමන් මයිකල් හරිම සතුටින් කැතිට ගත්ත ලස්සන කොන්ඩ කට්ටත් අතේ ගුලි කරගෙන පල්ලිය ලගට ගියා.එදා පල්ලියට ගොඩක් සෙනග ඇවිත් හිටියා.එත් මොන තරම් ඇස් ලොකු කරගෙන බැලුවත් කැති පෙන්න හිටියේ නෑ.මයිකල්ගේ ඇස් තෙත් උනා.....

කාලය ගත උනා.එත් කැති නෑ.එක පාරටම මයිකල් දැක්ක ගැණු කෙනෙක් හිනාවේගන මයිකල්ට අත වනනවා.මයිකල් එයාව අදුරන්නේ නැති නිසා අහක බල ගත්තා.......ඒ ගැණු කෙනා තමුන්ගේ ලගට දුවගෙන එන බව මයිකල් ඇස් කොනින් දැක්කා.ඉතින් ඊට පස්සේ එතන ඇති උනේ මේ වගේ දෙබසක්...;

" මයිකල්......ඔයාට මාව අදුර ගන්න බැරි උනාද? "
" දෙයියනේ කැති......!! මේ ඔයාද? ඔයාට මොකද උනේ? ඔයා වෙනස් වෙලා? මොකද ඔයාගේ කොන්ඩෙ
ට උනේ...? "
" මං එක බබර්ට විකුණලා ඔයාට තෑග්ගක් ගත්තා.කියන්න...ඔයාට මගේ කොන්
ඩෙට වඩා මාව වටිනවා නේද? කොණ්ඩේ නම් ආපහු වැවෙයි...කෝ ගන්න ඔයාගේ ඔරලෝසු මුණ.මං එකට පටි දෙකක් ගේනවා.දැන් ඔයාට එක අතේ බැදගෙන එන්න පුළුවන්....
මාව බලන්න එනකොට....කෝ ගන්නකෝ ඉක්මනට... "
මයිකල්ගේ සිහිය විකල් උනා.....

" මගේ දෙවියනේ.....කැති....ඇයි ඔයා මට මෙච්චර ආදරේ කලේ....මං කොච්චර නම් ආසද ඔයාගේ කොන්ඩෙට.... "
" ඒ ගැන හිතන්න එපා මගේ රත්තරන්....මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.

 මං කොච්චර නම් ආසද මගේ කොල්ල ලස්සනට ඉන්නවට.........මේ කොන්ඩේට වඩා මට එක වටිනවා......කෝ ගන්නකො ඔය ඔරලෝසු මුණ.....
මොකක්ද ඔයා ඔය අතේ හංගගෙන ඉන්නේ...? "
" කොන්ඩ කට්ටක්....කැති....මං මගේ ඔරලෝසු මුණ විකුණලයි මේක ගත්තේ.....

මං ඔයාගේ කොන්ඩෙට ගොඩක් ආසා හින්ද...."
" මයිකල්....ඔයා...........!!  "



~ Mahesh4ever ~

සැගව ගොස් ඇය..


සුපුන් සද සේ ඇගේ සද වත සගවයි වෙසසින් ඇගේ කා...
මගේ තනිකම දුරැකරයි ඹ් සියොලගින් ඈතින් සිටා...
තෙවසරක් මා දරා සිටි යම කියන්නට මට සිත් විනා
එහෙත් තෙවසරක් මා දරා සිටි යම ඇයඳ සිටියේ...
එබැවු ඇයට නොහඟන ලෙසා.....

ඇය සමග මා ගතකල අවදිය
සොදුරු සිතුවම් සේ විනා
උදෑසන මා‍ නැගිට බැලු කල
සැගව ගොස් ඇය.. නැවතත් අහසට නොඑන ලෙසා....

     
  ඇසි පියක දැවටුවෙ....:   චාමික ගොඩගෙදර සොහොයුරා