ඉතින් යාලුවනේ මේක මේ කතාවේ දෙවෙනි කොටස....කලින් කොටස කියෙවුවෙ නැත්තම් මේකෙන් බලන්නකෝ.....
...........ඉතින් මයිකල්ටත්, කැතිව මතක් නොවුන නෙමෙයි.එත් මොනවා කරන්නද? සමහර විට කැති එන්නත් නැතිව ඇති කියල මයිකල් හිත හදාගෙන වැඩ කලා.ඉතින් ඔහොම යනකොට මයිකල් ඉදල හිටලා වැඩ ඉක්මනින් ඉවර කරගෙන පල්ලිය ලගට ගියත් කැති ආවේ නම් නෑ.ඉතින් ආපු දුක තමන්ගේ පිරිමි හිතින් තද කරගෙන කැතිගේ මතකයන් තුරුළු කරගෙන මයිකල් යන්න ගියා.
මේ විදිහට වැඩි කාලයක් ගෙවිලා ගියේ නෑ.මේ අයගේ ජීවිත වල වගේම හිත් වල තිබුණු කරදරත් එන්න එන්නම වැඩි උන මිසක් අඩු නම් උනේ නෑ.ටිකක් හිතල බලන්නකෝ ජීවිතේ තමුන් ගොඩක්ම ආදරේ කරන කෙනා මොහොතකටවත් බලන්න නැති උනාම හිතට දැනෙන පාළුව මොන වගේද කියල.ඔන්න මගෙන් නම් කරුණාකරලා ඒ ගැන අහන්න එපා.........මට දෙන්න උත්තර නෑ.....
ඉතින් අහන්නකො.....
එත් එක්කම අපේ මේ ආදරවන්තයෝ දෙන්න ගොඩක් අසාවෙන් බලාගෙන හිටපු දවසක් උදා වෙන බව දෙන්නටම මතක් නොවුන නෙමෙයි.ඒ එයාල ඉර සද සාක්ෂි කරගෙන ජීවිතේ පුරාවටම එකට ඉන්නවා කියල පොරොන්දු වෙලා ආදරේ කරන්න පටන් ගත්ත ඒ ලස්සන දවස.ඉතින් අතීතයේ ගතවුණා හැම අවුරුද්දකම එයාල එදාට ගොඩක් ආදරෙන් මුණ ගැහිලා තමුන්ගේ ආදරේ මතක් වෙන්න පුංචි සිහිවටනයක් හුවමාරු කර ගත්තා.ඉතින් මේ අවුරුද්දේ මේ දෙන්නටම අනෙක් කෙනාට දෙයක් අරන් දෙන්න තරම් හැකියාවක් තිබ්බේ නෑ.පොඩියට වත් දෙයක් කරගන්න හිතන්න වත් විදිහක් නැති තරම් ගෙවල් වල අග හිග කම් පිරිලා.එත් දෙන්නම දැනගෙන හිටිය මොනතරම් වැඩ තිබ්බත් තමුන්ගේ ආදරේ වටිනාම දවසේ පල්ලිය ලගට එනවා කියන පොරොන්දුව කොහොම හරි රකින්න ඕනි කියලා.
ඉතින් කැති මේ ගැන හිතන ගමන් හිතුවා කොහොම හරි කැපකිරීමක් කරලා වෙනද වගේම මයිකල්ට තෑග්ගක් දෙන්න ඕනි කියලා.ඉතින් කැති කල්පනා කලා මොකක්ද දෙන්නේ කියලා.එයට එකපාරටම මතක් උනා මයිකල් හැමදාම හවසට වෙලාව බලන්න සාක්කුවේ ගෙන එන "ඔරලෝසු මුණ".ඉතින් එක අතේ බැදගන්න පුළුවන් වෙන්න පටි දෙකක් අරන් දෙන්න කැති හිතුවා.එත් කොහොමද ඔරලෝසු පටි ගන්න සිලිං 5 ක් හොයා ගන්නේ? කැති දහ අතේ කල්පනා කලා.......
මේ අතරේ මයිකලුත් හිතුවා මං මොනවද කැතිට දෙන්නේ කියලා.එතකොටම මයිකල්ට හිතුන මං ගොඩක් ආසා කරන කැතිගේ දිග රන්වන් පාට කෙස්වැටිය සරසන්න කොන්ඩ කට්ටක් අරන් දෙන්න.ඉතින් එක ගන්න සිලිං 7 ක් වත් යාවි.ඉතින් ඒ මුදල හොයා ගන්න හැටි මයිකල්ට හිතා ගන්න වත් බැරි උනා...
එතකොටම මයිකල්ට දෙයක් මතක් උනා.මයිකල් සතුටින් ඉපිලිලා ඉකමනටම තමන්ගේ අදහස ක්‍රියාත්මක කරන්න හිතුවා.
ඉතින් ඔන්න අපි හැමෝම බලාගෙන හිටපු දවස උදා උනා.දවසේ වැඩ ඉවර උනා ගමන් මයිකල් හරිම සතුටින් කැතිට ගත්ත ලස්සන කොන්ඩ කට්ටත් අතේ ගුලි කරගෙන පල්ලිය ලගට ගියා.එදා පල්ලියට ගොඩක් සෙනග ඇවිත් හිටියා.එත් මොන තරම් ඇස් ලොකු කරගෙන බැලුවත් කැති පෙන්න හිටියේ නෑ.මයිකල්ගේ ඇස් තෙත් උනා.....
කාලය ගත උනා.එත් කැති නෑ.එක පාරටම මයිකල් දැක්ක ගැණු කෙනෙක් හිනාවේගන මයිකල්ට අත වනනවා.මයිකල් එයාව අදුරන්නේ නැති නිසා අහක බල ගත්තා.......ඒ ගැණු කෙනා තමුන්ගේ ලගට දුවගෙන එන බව මයිකල් ඇස් කොනින් දැක්කා.ඉතින් ඊට පස්සේ එතන ඇති උනේ මේ වගේ දෙබසක්...;
" මයිකල්......ඔයාට මාව අදුර ගන්න බැරි උනාද? "
" දෙයියනේ කැති......!! මේ ඔයාද? ඔයාට මොකද උනේ? ඔයා වෙනස් වෙලා? මොකද ඔයාගේ කොන්ඩෙට උනේ...? "
" මං එක බබර්ට විකුණලා ඔයාට තෑග්ගක් ගත්තා.කියන්න...ඔයාට මගේ කොන්ඩෙට වඩා මාව වටිනවා නේද? කොණ්ඩේ නම් ආපහු වැවෙයි...කෝ ගන්න ඔයාගේ ඔරලෝසු මුණ.මං එකට පටි දෙකක් ගේනවා.දැන් ඔයාට එක අතේ බැදගෙන එන්න පුළුවන්....
මාව බලන්න එනකොට....කෝ ගන්නකෝ ඉක්මනට... "
මයිකල්ගේ
සිහිය විකල් උනා.....
" මගේ දෙවියනේ.....කැති....ඇයි ඔයා මට මෙච්චර ආදරේ කලේ....මං කොච්චර නම් ආසද ඔයාගේ කොන්ඩෙට.... "
" ඒ ගැන හිතන්න එපා මගේ රත්තරන්....මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.
මං කොච්චර නම් ආසද මගේ කොල්ල ලස්සනට ඉන්නවට.........මේ කොන්ඩේට වඩා මට එක වටිනවා......කෝ ගන්නකො ඔය ඔරලෝසු මුණ.....
මොකක්ද ඔයා ඔය අතේ හංගගෙන ඉන්නේ...? "
" කොන්ඩ කට්ටක්....කැති....මං මගේ ඔරලෝසු මුණ විකුණලයි මේක ගත්තේ.....
මං ඔයාගේ කොන්ඩෙට ගොඩක් ආසා හින්ද...."
" මයිකල්....ඔයා...........!! "
~ Mahesh4ever ~