Friday, July 1, 2011

ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 1

කාලෙකින් ඔයාලට කතාවක් කියන්න ඕනි කියල හිතුවා...

                             මගේ බ්ලොග් එක දකින හැම මොහොතකම පුංචි සතුටක් හිතට දැනෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි...අද වෙනකොට හිට්ස් 5000 කට වැඩි ප්‍රමාණයක් මේ ආදරණීය අරමුණට එකතු වෙලා...ඉතින් දැන් ඒවා ඇති...අපි කතාවට යමුකෝ.....හැබැයි කතාව කොටස් කීපයකින් තමයි කියවන්න වෙන්නනේ...

ලෝකේ ඉන්න ඕනිම කෙනෙක්ගෙන් ඇහුවොත් අවංක ආදරේ වෙනුවෙන් මේ ලෝකේ නිර්මාණය වෙලා තියන අමරණීයම සිහිවටනය මොකක්ද කියල...හැමෝම දෙන පොදු උත්තරයක් තියනවා...

ඒ තමයි  " ටජ් මහල් " කියන සොහොන.... 

Taj Mahal captured by me
                               මමත් මගේ ජීවිතේ තිබ්බ ලොකු ආශාවක් උන මේ ආදරේ සිහිවටනය බලන්න යන්න තරම් වාසනාවන්ත උනා... ඇත්තටම මේ නිර්මාණය පුදුම ලස්සනයි..ජීවිතේ කවද හරි ගිහින් බලන්න...ඉන්දියාවේ අග නගරය වන නව දිල්ලියේ ඉදන් 200 Km දුරින් තියන අග්‍රා කියන සුන්දර නගරයක තමයි ටජ් මහල් පිහිටලා තියෙන්නේ... අග්‍රා වලට ඇවිත් ටජ් මහල් දක්වා යන අතුරු පාරේ ඔයාලට ඔටුවෙකුගේ පිටේ යන්නත් පුළුවන්.... මෙන්න මේ වගේ...



                                                  ඉර බැහැගෙන යනකල් මේ ලෝක පුදුමයක් උන නිර්මාණයක් ලග ඉදගෙන ඒ අසලින් ගලාගෙන බහින යමුනා නදිය ලගට වෙලා ඉන්න තරම මං වාසනාවන්ත උනා... එක මගේ ජීවිතේ සොදුරුතම අත්දැකීමක්... ටජ් මහල් ගැන විස්තර කියන්න මං උත්සහ කරන්නේ නෑ..එක දැන ගන්න ඕනි අයට මේ ලින්ක් එකට ගිහින් බලන්න පුළුවන්...   :  Taj Mahal...

              කතාවේ හැටියට...ශාජෙහාන් කියන මෝගල් අධිරාජ්‍යයා මේ නිර්මාණය කලේ එයා ගොඩාක් ආදරේ කරපු මුම්ටාස් කියන සුරූපී බිසවගේ මරණයෙන් ශෝකයට පත් වෙලා.... ඒ දෙන්න ගොඩාක් ආදරෙන් ඉදල තියනවා... මුම්ටාස් දේවිය මිය ගිහිල්ල තියෙන්නේ දරුවෙක් ලැබෙන්න යන වෙලාවේ... ඒ වෙලාවේ ශාජෙහාන් අධිරාජ්‍යයා ඉදල තියෙන්නේ යුද පෙරමුණක... ඔහු දේවිය මියගිය ශෝකයෙන් ඇවිත් තමන්ගේ සිරියහන් ගැබට වෙලා සතියක් දෙරවල් වහගෙන, නොකා නොබී ඉදල තියනවා...ආදරේ ශෝකයෙන් නොකා නොබී ඉන්න එක ගොඩාක් අය කරන දෙයක් බව ඔයාලා දන්නවා ඇතිනේ...

                  එත් සතියක් ඉන්න තරම් මේ ශාජෙහාන් අධිරාජ්‍යයා සැහෙන කායික මෙන්ම මානසික ශක්තියකුත් තිබ්බ කෙනෙක් වෙන්න ඕනි...එත් මං අහල තියන විදිහට සතියකට පස්සේ එලියට ආපු ශාජෙහාන් අධිරාජයා කාටවත් අදුර ගන්න බැරි තරමට වෙනස් වෙලා.. තරුණ පෙනුමට හිටපු ඔහු මහල්ලෙක් වගේ තමයි එලියට ඇවිත් තියෙන්නේ... ඒ හැම දෙකින්ම තේරෙනවා ඔහු ඇත්තටම තමන්ගේ බිසවගේ මරණයෙන් ශෝකයට පත් වෙලා කියලා........


      කතාවේ ඉතිරිය 2 වෙනි කොටසින්....

      ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 2 
      ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 3

~ Mahesh4ever ~

1 comment:

  1. මේකට ආදරයේ සිහිවටනයක් කියන එක කොච්චර දුරට සාධාරණද නැද්ද කියන එක මගේ බ්ලොග් එකේ මෙන්න මේ පොස්ට් එක බලල තීරණය කරන්න
    "කෝ මෙතන ආදරයක්? - http://anjanakulasinghe.blogspot.com/2011/06/blog-post_351.html)

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...