Monday, July 11, 2011

ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 3


ඉතින් යාලුවනේ මේක මේ කතාවේ තුන්වෙනි කොටස....කලින් කොටස් කියෙවුවෙ නැත්තම් මේකෙන් බලන්නකෝ.....

 ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 1
 ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 2

ඔන්න ඉතින් මං පොරොන්දු උනා වගේ මගේ කතාවේ අවසාන කොටස තමයි මේක... කලින් කොටස් කියවපු අය කතා කරලා  3න් වෙනි කොටස ගැන ඇහුවා.... ඔන්න ඉතින් මේ ටික කියවලම ඔයාල තිරණය කරන්නකෝ ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද කියල....


                මුලින්ම කියන්නම් ටජ් මහල් ආදරයත් එක්ක මෙච්චරම බැදිලා තියෙන්නේ ඇයි කියලා..... මුම්ටාස් දේවිය මිය යන මොහොතේ කරපු ඉල්ලීමක් ඉටු කරන්න ශාජෙහාන් අධිරාජයා කල මේ නිර්මාණය අවංක ආදරයේදී අපි උන පොරොන්දුවක් අනිවාර්යෙන්ම ඉටු කිරීමට ලෝකයේ තියන විශිෂ්ටම භොතික නිමවුමයි... මේ කතාව පදනම්ව 1963 වර්ෂයේදී ලෝක ප්‍රසිද්ධ " ටජ් මහල් " චිත්‍රපටය නිර්මාණය කරනවා... මගේ ටජ් මහල් ගැන ඇති ආශාවත් වැඩි වෙන්නේ මේ සිනමා කෘතිය දැක්කමයි... ඉන්දියානු ශ්‍රේෂ්ට සංගීතඥ මොහොමඩ් රාෆිගේ කටහඩින් හැඩවුණු මේ ගීත වලින් ඔබට ඔවුන්ගේ ආදරය මොනතරම් සුන්දරද කියලා දැනේවි...

Jo Wada Kiya Wo , Jo Baat Tujh Mein Hai , Paon Choo Lene Do 

                දැන් තමයි හැම දේකම අපුරු සිදුවීම මං කියන්න යන්නේ... ඔයාලත් කුතුහලයෙන් ඉන්න ඇතිනේ.... හැබැයි මං දැන් මේ කියන කතාව අහල අවංකව ආදරය කරන අපේ යාලුවෝ හිත නරක කර ගන්නවා එහෙම නෙමෙයි...මේක මාත් සැහෙන්න පුදුමයට පත් උන කතාවක්....මගේ වචන වලින් කියනවා නම් මට මේක අහල සිහි නැති උනා....ඔයාලටත් අනිවාර්යෙන්ම එහෙම වේවි.... කරුණු විදිහට කියන්නම්...ඒ තමයි....


  


















1. මුම්ටාස් මහල් නැතහොත් අර්ජුමන්ඩ් බානු බෙගම් කුමරිය ශාජෙහාන් නැතහොත් මුහම්මද් ක්හුර්රම් කුමරුව විවාහ කර ගැනීමට පෙර කලින් විවාහ වී සිටි තැනැත්තියක්...

2. ශාජෙහාන්, මුම්ටාස් කුමරිය ලබා ගැනීම සදහා ඇගේ විවාහක සැමියා මරා දමනවා....

3. මුම්ටාස් මහල් දේවිය විවාහ කර ගැනීමට පෙර ශාජෙහාන් රජු දෙවරක් විවාහ වී සිටි අතර මුම්ටාස් මහල් ඔහුගේ තෙවන බිරිදයි.... [ ඔවුන් විවාහ වන විට කලින් අග මෙහෙසියන්ද ජීවත්ව සිට තිබුන බවද මේ අතර සදහන් වේ... ]

4. වසර 19 ක් වූ මේ දෙදෙනාගේ විවාහක කාලය තුල මුම්ටාස් මහල් දේවිය දරුවන් 13 දෙනෙකු ප්‍රශුත කර ඇති අතර අය මිය යන්නේ 14 වෙනියාට උපත ලබා දෙන විටදීය...

5. සාමාන්‍යයෙන් දරුවෙකු ලැබීමේ කාලය මාස 9 ක් ලෙස සැලකුවහොත් මුම්ටාස් මහල් දේවිය වසර 19 යක විවාහක කාලයෙන් වසර 10.5 ක් ගැබ් ගෙන කාලය ගත කර තිබෙනවා...

6. මුම්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසුව ශාජෙහාන් අධිරාජ්‍යයා ඇගේ නැගණියද  විවාහ කර ගනු ලබනවා...

7. මිය යන විට ශාජෙහාන් අධිරාජ්‍යයා අග මෙහෙසියන් 7 දෙනෙක් සමග විවාහ වූ  අයෙක් බව සදහන්...

                                    තවද මීට අමතරව ශාජෙහාන් අධිරාජ්‍යයාගේ අන්තප්පුරයේ කාන්තාවන් 5000 ක් සිටි බව ඉතිහාස ලියවිලි වල සදහන්.... ඉතින් මේ සියලුම කරුණු සලකල බලල මේ දෙන්නගෙම අමරණීය ආදරේ ගැන සහ ලෝකයේ අමරණීය ආදර සිහිවටනය ටජ් මහල්ද කියලා ඔයාලගේ අදහසත් පහලින් ලියල යන්න.... 

                මොනවා උනත් මගේ අදහසේ හැටියට ශාජෙහාන් කියන්නේ මාර රොමෑන්ටික් රජ කෙනෙක් තමයි... මං මේ දේවල් ලිවුවේ ටජ් මහල් වලට නිගරු කරන්න නම් නෙමෙයි.... මං තාමත් ටජ් මහල් වලට ආසයි..අයෙත් බලන්න යන්නත් හීන මවනවා... එත් හිතන්න අපි මතුපිටින් බලන... බලල හිතන දේවල් වලට වඩා වෙනස් කතාවක් එවහේ අභ්‍යන්තරයේ තියෙන්නේ පුළුවන් නේද...?

 
ඒ වගේම ටජ් මහල් නිහඩවම අපිට හොද ආදර්ශයකුත් දෙනවා... 
" පොරොන්දුවක් වුවා නම්...එය කෙසේ හෝ ඉටු කල යුතුයි... "


~ Mahesh4ever ~

3 comments:

  1. ආදරය කරනකොට සිමා මායිම් නැ නේ ,

    ReplyDelete
  2. ජිවිතේ පළමුව ආදරය කරන කෙනාට නෙමේ තමන්ගේ හදවත වැඩියෙන්ම ආදරේ කරන කෙනා වෙනුවෙන් වෙන්න ඇති ටජ්මහල ඉදිවෙන්න ඇත්තේ....ඒ උනාට මුම්ටාජ් මැරුනටත් පස්සේ එයා වෙන කසාදයක් කරගත්ත එක තමයි අවුල....මොනදේ වුනත් සමහර ආදර බැදිම් එක එක්කෙනාට සාපේක්ෂව නේ වෙන්නේ.හිමි නොවෙන බව දැන දැනම ආදරේ කරනවා එක නිසා ටජ් මහල උනත් වෙනස් විදියකට දකින කරපු පුජනිය ආදරයක් වෙන්න ඇති.

    ReplyDelete
  3. අද තමා ඔය හැංගුන කතාව ඇහුවේ. දන්නේ ඉතින් හැමෝම කියන ටික විතරනේ. හැබෑට පුරස්නයක් නැත්තෙමත් නෑනේ. සමහරවිට හිටි අයගෙන් වැඩියෙන්ම ආදරේ මුම්ටාස් දේවියට වෙන්නැති.

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...