Friday, March 25, 2011

අනේ එපා ඔය මොකවත්...


හිතන්නවත් කාලයක් නැතිව
මගේ ඇස් අසරණ කල
ඔබ මගේ හිත තුල
නොදැනී
සක්මන් කලා
සිතට ඉගි බිගි කලා
දවස් ගානක් ඉදල
සිතැගි මං එලි කලා..
" අනේ මං යාලුයිනේ..
අපිත් හොද යාලුවෝ වෙමු.."




තවත් එක සැදෑවක
සාදයක අසිරියෙන්
නැටුමකට ඇරයුමෙන්
තව නෙතක් හමු උනා..
නෙත් දෙකට වඩා මං
සිනහවට පෙම් කලා...
මගේ ලග නවතින්න
සෙනෙහසක සුව දෙන්න
ඇරයුමක් යොමු කළා..
" අනේ මං එන්ගේජ්
මේ තියෙන්නේ පොරොන්දු මුද්ද.."




    අනේ එපා ඔය මොකවත්
    මං හොදට ඉගෙන ගන්නවා
    එතකොට වත් හිත හැදෙයි
    හිතන් ගෙදරින් නික්මුණා
    ලේක්ච්රේ අතරමැද
    කවුද මේ හිනැහෙන්නේ

    අනේ මගේ දෙවියනේ
    ඉගැන්නුවේ මොනවද මන්ද...
    <&^*%$#@~!+>


කිසි දෙයක් හිතන්න කලින්
හොදින් බලල ඉන්න ඕනි
අතේ මුද්දකුත් නෑ
වෙන වෙනසක් දැනෙන්නෙත් නෑ
අයියෝ මගේ නපුරු හීන
පන්තිය ඇරෙන්න මොහොතකට කලින්
කලබලෙන් මල්ලෙන් එලියට පැන්නේ
පොඩ්ඩක් වත් නොහිතපු දෙයක්..


  
මොකටද හිත රිද්ද ගන්නේ
මං පාරෙන් අයින් උනා
මගේ හිතටම හිනැහුනා...
එක දෙයක් නම් කියන්න ඕනි
ෆර්දාව " එයා ගොඩක් ලස්සනයි...!!


ප.ලි. : මේ කවිය කියවල මං ගැන වැරදියට එහෙම හිතනවා නෙමෙයි...හොදේ !!

~ Mahesh4ever ~

5 comments:

  1. හපොයි..!!! (හරිම ලස්සනයි)

    ReplyDelete
  2. අලේ ලස්සනයි මහේශ් අයියේ...එත් ඇයි ෆර්දා එක තියෙද්දි යාලු වෙන්න බැරිද ..

    ReplyDelete
  3. @ ප්‍රාර්ථනා :
    හපොයි තමා....ස්තුතියි නංගෝ....

    ReplyDelete
  4. @ නිම්ශා :
    යාලු වෙන්න නම් පුළුවන් නිම්ෂා...එක ආදරේට බාධාවක් නොවුනත් විවාහයට බාධාවක්නේ....
    මට ඉතින් යාලු වෙලා විතරක් මග නතර වෙන්න අමාරුයි...
    ඉතින් නැති ප්‍රශ්න ඇති කරන්නේ මොකටද ?

    ReplyDelete
  5. lol..close the face fire the base

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...