Monday, March 14, 2011

අනේ ඔයා එනවනම්....!!


ඔයාගේ ඔය තරහ හිත,
කවද හරි නිවුණු දවසක
මගේ ලගට දුවන් අවොත්
වඩා ගන්න බැරි උනත්
ඔය අතින් අල්ලන්
මට තුරුළු කරගෙන
මේ පපුවේ උණුසුමින්
ආදරේ, සෙනෙහසින්
රතුපාට ඔය දෙතොල්
දම්පාට වෙනකල්
ආදරෙන් සිප අරන්
මගේ මුළු ජීවිතේ
දෙපා මුල තියන්නම්,
හිස කිරුළු දරන්නම්
අනේ ඔයා එනවනම්....!!

~ Mahesh4ever ~

5 comments:

  1. අහිංසක පැතුමක්..
    අනේ එයා එනවා නම්..

    ReplyDelete
  2. @ ප්‍රාර්ථනා :
    ඔයාගේ පැතුමටත් ගොඩාක් පින් ප්‍රාර්ථනා...

    ReplyDelete
  3. ලස්සන පැතුමක් අයියේ...

    ReplyDelete
  4. @ නිම්ශා :
    මේ පැතුම ඉටු වෙනවා නම් තවත් ගොඩක් ලස්සන වේවි නංගෝ
    ස්තුතියි ඔයාට...!!

    ReplyDelete
  5. මම නං හිතන්නෙ දැන් තමයි හොඳම වෙලාව එයාට හරි දේ වැරදි දේ මොකක්ද කියල තේරුම් ගන්න. මෙච්චර කාලයක් එයාවම බලාපොරොත්තුවෙන් අඬ අඬ ඉන්න කෙනෙක්ට පිටු පාල යනව නං ඒක ලොකු අණුවන කමක් විතරක් නෙමෙයි, ලොකුම ලොකු පාපයක්. ඔයාම හිතල බලන්න සහෝදරී.

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...