Friday, March 11, 2011

ඔබ හැර වෙන ලොවක්.....


කදුළ නුඹ, මා නෙතග
සැරිසරන මතක අහුරක
අතීතය සමගින්
තවමත් ආදරේ නිසාවෙන්
ඉකිබිදින සිත
ඔබේ දරුවන්ට මෙන්
දයාබර ගුරුතුමියනි,
මටත් කියාදෙන්න
ආදරේ තරම්....
රිදෙන මේ හිත
තවත් පාරවන්නද
උණු නොවන්නේ....
ඔය ළය මඩල
නොදැනේද සොදුරිය,
විදවනා තරම්
ඔබ හැර වෙන ලොවක්
නොපැතූ නිසාවෙන්
පිළිගන්න ආදරෙන්
මේ සොදුරු ඇරයුම්
ඔය සිනා අතරින්
මගේම කුමරිය වෙන්න
දෑස් රිදෙනකල්
මං බලන් ඉන්නම්
ඔය දෙතොල් යෙත්
සිපගන්න ආදරෙන්......

~ Mahesh4ever ~

2 comments:

  1. ලස්සනයි අයියා...

    ReplyDelete
  2. @ නිම්ශා :
    ගොඩක් ස්තුතියි නිම්ශා

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...