Monday, April 11, 2011

දිගු දෑස දුටුවාම....


      දිගු දෑස දුටුවාම, හැගෙනවා පෙර සේම
      උන්නු හැටි මගේ ගාව, ඔය හිතට අමතකද
      බිද දමා මගේ සිහිනේ, ඇයිද ඔබ හැන්ගෙන්නේ
      මට දෙන්න මගේ සිහිනේ, ලග ඉන්න පෙර වාගේ

      දිගු දෑස දුටුවාම...//


      රෑ දිවා හිත පුරා, ඇවිලිලා මේ ගින්න

      තරු පවා හඩනවා, ඔබට නෑ තේරෙන්නේ
      හිතට ඉඩ හිමි නැතිද, අහනවා හිත මාගේ
      මට දෙන්න මගේ සිහිනේ, ලග ඉන්න පෙර වාගේ

      දිගු දෑස දුටුවාම...//


      පෙර එදා හමුවෙලා, වෙලුනු හැටි මුදු පහසේ

      පෙනෙනවා දකිනවා, නිහඩ රෑ දුර අහසේ
      දුරම මිස ලග නැතිද, අහනවා නෙතු මාගේ

      කවදාද ඔබ එන්නේ, නැතුවාද හමු වන්නේ 
      දිගු දෑස දුටුවාම...//


       ගායනය : රොමේෂ්
       ඩවුන්ලෝඩ් කරගන්න...:  දිගු දෑස දුටුවාම...

~ Mahesh4ever ~