Tuesday, July 5, 2011

ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 2

ඉතින් යාලුවනේ මේක මේ කතාවේ දෙවෙනි කොටස....කලින් කොටස කියෙවුවෙ නැත්තම් මේකෙන් බලන්නකෝ.....

 ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 1

                                  අද මම ඔයාලට කියන්න යන්නේ මේ අමරණීය ආදර සිහිවටනය ඇයි මේ තරම් අති විශිෂ්ට නිර්මාණයක් ලෙස මුළු ලෝකෙම සලකන්නේ කියලයි.... ඉස්ලාමිය සම්භවයක් ඇති මෝගල් හා පර්ෂියානු ගෘහ නිර්මාණ කලාවේ ශ්‍රේෂ්ටත්වය කියා පාන මේ නිමැවුම පුරාම අරාබි බසින් ලියුන " අල් කුරානයේ " සදහන් පාඨ දකින්නට පුළුවන්... ඉතාම සියුම් ලෙස තනිකරම කිරි ගරුඩ යොදාගෙන අවසන් කර ඇති මේ සදහා අප ලංකාවෙන්ද කිරි ගරුඩ ආනයනය කල බවක් ඉතිහාසයේ සදහන් වෙනවා... 


                      
තවද මෙය සම්පුර්ණයෙන්ම සාදා නිම කරන්න වසර 22 ක් ගතවී තිබෙනවා... ඒ වගේම 20,000 අධික මිනිසුන් පිරිසක් මේ නිර්මාණයට දායක වෙලා තියනවා... මෙහි කිරි ගරුඩ, සියුම් ලෙස මට සිලිටු කරමින් නිමකර ඇති බිත්ති සැරසිලි ස්පර්ශ කරන අයෙක්ට එය වෙල්වට් ඇතිරිල්ලක් මෙන් දැනෙන තරම්ම එය විශිෂ්ට ලෙස සාදා ඇති බව මොනවට පසක් වෙනු ඇත...

                       ඒ වගේම අලංකාර උද්‍යානයකින් වටවුණු මේ ටජ් මහල් කරා ඇතුළු වන දෙරටුවත් ඉතාම ලස්සන බව නොකියාම බෑ.... ඒ වගේම ලෝක පුදුම 7 න එකක් බවට පත් උණු ටජ් මහල් ඇස් දෙකෙන් දකින තුරු එහි සුන්දරත්වය දකින්න ඕනි නම් මේ පැත්තට ගිහින් බලන්න.... :
   


                         ඉහල ඡයාරුපයේ ඔබට දකින්න ලැබෙන මේ ලෝක ප්‍රසිද්ධ නිර්මාණය තවත් අලංකාර කරමින් ඒ අසලින් ගලා යන යමුනා නදිය හා සම්බන්ද ඉතිහාසයකුත් මේ ටජ් මහල් වටා ඇති බව කිව යුතුයි...

        



               මේ සිහිවටනය ගොඩ නගපු ඒ කලාකරුවා එහෙමත් නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියාගේ ඇස් අන්ධ කරලා ශාජෙහාන් අධිරාජයාගේ නියමයෙන් යමුනා නදියේ ගිල්වල මරා දැම්ම කියල ඉතිහාසයේ ලියවිලා තියනවා...



                       එකට හේතු විදිහට දක්වල තියෙන්නේ මෙවන් නිර්මාණයක් නැවත බිහි වීම වැලක්වීමට බවයි... ඒ හේතුව මොනතරම් සාධාරණද කියන එක ගැටළුවක් උනත් අධිරාජ්යෙකුගේ තීරණයක් නිසා ඔහුට එයට අවනත වෙන්න උන බව අමුතුවෙන් කියන්න ඕනි නැනේ....





     
                          
                           දැන් ඔයාලට කතුහලයක් ඇති ඇත්තටම මේ සිහිවටනය ඇතුලේ තියෙන්නේ මොනවද කියල බලන්න... මෙහි ඇතුලත ඡයාරුප ගත කිරීම තහනම් උනත් මගේ හිතේ තිබුන ආසාව නිසාම මේ විදිහේ ඡයාරුපයක් මං මගේ කැමරා කාචයට අසු කර ගත්තා... 

                                මැදින් පෙනෙන්න තියෙන්නේ මුම්ටාස් දේවියගේ සිරුර තැම්පත් කල කිරි ගරුඩෙන් නිම කල සොහොන... වම පසින් තරමක් විශාලව දකින්න පුළුවන් පසු කලක ඒ අසලින් තැම්පත් කල ශාජෙහාන් අධිරාජයාගේ සොහොන.... කිරි ගරුඩ වගේම මැණික් ඔබ්බවල හදල තිබ්බ මේ සොහොන් කොත් වල මැණික් තිබ්බ තැන වල දැන් නම් දකින්න තියෙන්නේ සිදුරු විතරයි.... ඒ වගේම වටෙන් ඇති ලියවැල් සහිත වැටත් කිරි ගරුඩ ගල් පොත්තක කල නිමවුමක් කියල දැන ගත්තම ඔයාලට මට වගේම පුදුම හිතේවි.... එක පලුද්දක් වත් නැතිව ගලකින් ඒ තරම් ලොකු ලියවැල් නිර්මාණය කල කෙනා හැබෑම දක්ෂයෙක් වෙන්න ඕනි.... 

මං දන්නවා දැන් මේ ලිපි 2 ක කියවපු හැමෝටම ප්‍රශ්නයක් තියනවා....
ඒ මගේ මාතෘකාව ගැන... " ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? "


මේ ප්‍රශ්නයට උත්තර දැන ගන්න ඔයාලට මේ ලිපියේ 3 වන කොටස බලන්න වෙනවා.....

ලෝකයේ අමරණීයම ආදර සිහිවටනය ටජ් මහල්ද? 3 

~ Mahesh4ever ~

0 දෙනෙක් මගේ ඇසි පිය පාට කරලා...:

Post a Comment

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...