අද මං කියන්න යන ආදරේ වෙනස්ම විදිහේ ආදරයක්.......
ඇයි මේ ආදරේ ගැන විතරක් කතා කරන්නේ ? හේතුවක් තියෙනවා...
මගේ බ්ලොග් එකේ තේමාව " LOVE " නේ.....
මං පහුගිය මාර්තු 6 වෙනිදා අපේ ක්ලාස් එකේ අයත් එක්ක ගියා දානමය පින්කමක් කරන්න.....
රත්මලාන අන්ධ,ගොළු,බිහිරි ඉස්කෝලෙට....
එතැනදී ඒ සහොදර සහෝදරියෝ අපිව ගොඩාක් ආදරෙන් පිළිගත්තා...
මුලින්ම එයාලගේ බෑන්ඩ් එක ප්ලේ කරලා...ලස්සනට සින්දු කිවුව...එයාල රොෂාන් ප්‍රනාන්දුගේ " පුංචි ඇස් දෙක " කියන සින්දුව කියපු විදිහට මගේ ඇස්වලට කඳුළු ආවා...
ඒක ආදරේ අන්ධ භාවය ගැන කියන සින්දුවක් උනත් එයාලටත් අපිට වගේම හිත් තියෙන බවත්...
ආදරේ දැනෙන බවත් මට හොදට තේරුම් ගියා....
අවාසනාවට මට වැඩි වෙලා එතන ඉන්න බැරි කමක් තිබුනත් එතන උන පුංචි සිදුවීමක් ඔයාලත් එක්ක බෙදා ගන්නම්...
එයාලගේ ඉස්කෝලේ ඉදල තියනවා අන්ධ ගුරුවරයෙක්...ඒ ගුරුවරයා ගොඩාක් ඉගෙන ගන්න දක්ෂ කෙනෙක්...එත් අවාසනාව කියන්නේ ඒ ගුරුතුමා උපතින් ලස්සන ඇස් දෙකක් එක්ක මේ ලෝකේ එලිය දැකපු කෙනෙක්...පුංචි කාලේ නොතේරුම් කමට ගිනිකෙළි එක්ක කරපු සෙල්ලමක් නිසා එයාගේ ඇස් දෙක අන්ධ වෙලා...එයා එත් රත්මලාන අන්ධ විද්‍යාලයට ඇවිත් හොදට ඉගෙන ගෙන අන්තිමට එකේම ගුරු පියෙක් වෙලා තමුන් වගේ අසරණ දරුවන්ට මිණි පහනක් වෙලා...එතුමා දැන් ජීවතුන් අතර නැති උනත් එතුමාව සිහි කරලා තාමත් එතුමා ලියපු සින්දුවක් ඒ අහිංසක පැටවූ ලස්සනට කියනවා...
හිතේ අමාරුවෙන් හිටපු නිසාද මන්ද මට මතක ඒ සින්දුවේ පද පේලි දෙකයි...එත් මේක කියවන මගේ බුද්ධිමත් යාළුවන්ට ජීවිතේට ගොඩාක් දේවල් ගන්න ඒ පද පේලි දෙක ඇති වේවි කියල මට හිතුනා...
එයාල කිවුවේ...
" අපි අසරණ උනත් අපිට
අනුකම්පා එපා, ආදරේ කරන්න "
ඉතින් මගේ යාලුවනේ පුළුවන් උනොත් කවද හරි දවසක ඒ පුංචි යාලුවන්ගේ ඉගනීමට බාධාවක් නොවෙන විදිහට ගිහිල්ල එයාලව බලලා එයාලට ආදරේ කරලා එන්න.....
හිස් අතින් නම් යන්න එපා...පොඩියට හරි පුළුවන් නම් මොනා හරි අරන් යන්න....මුකුත්ම අරන් යන්න බැරි උනත් නොගිහින් ඉන්න එපා...
ආදරේ,සිනාව අරන් ගිහින්
මනුස්සකම අරගෙන එන්න...
මං නම් කොහොම හරි අයෙත් යනවා......ඔයාලටත් යන්න කියන්නේ හේතුවක් ඇතිව....ඒ වගේ තැනකට ගියාම තේරේවි...අපිට ජීවිතේ මොන තරම් දේවල් ලැබිල තියෙනවද කියලා.....
මොහොතකට හිතන්න මේ ලිපිය කියවන ඔය ඇස් දෙක කවදාවත් අයෙත් ලෝකය දකින්න බැරි විදිහට පියවුනොත්.....?
ප. ලි . - අහ්....තව දෙයක් මං මේ ගමන යන්න මගේ යාලුවෙකුත් එක්කගෙන ගියා......
එයා එතනට ගිය වෙලාවේ ඉදන් එකේ ගෑණු ළමයි දිහා බලාගෙන ඉන්නවා...ඇත්තටම එතන හිටිය අන්ධ උනත් ලස්සන, හැඩ ගෑණු ළමයි කීප දෙනෙක්.....මටත් මේක මාර ප්‍රශ්නයක්...
මං කිවුවා... "පවු බං ඒ අහිංසකයන්ට ඉන්න දීපන් කියලා..."එත් එතකොට එයා කිවුව දේට මට මගේ සිතුවිලි ගැන ලජ්ජා හිතුනා....එයා කිවුවේ " ඒ පුංචි නංගිලා...කවදා එයාලගේ ලස්සන ඒ අන්ධ ඇස් වලින් දකින්නද බං "කියලයි.....
මොනවා උනත් මගේ යාලුවට හොද හිතක් නම් තියෙන බව මං දන්නවා...
මට " fanaa " ෆිල්ම් ඒක මතක් උනා...

~ Mahesh4ever ~